සංගා, මහේල කොරෝනා සටනට එක් වෙයි

69

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල හදිසි ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර මේ නිසා පුද්ගලයන් ‍රැසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතා ඇතිව තිබේ. 

කොරෝනා නිසා අසරණ දෑත් ශක්තිමත් කරන්න මහානාම, වාස් එක්වෙයි

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිය ජනතාව මේ වන විට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ …

උතුරු ප්‍රදේශය තුල මෙම කාල පරිච්ඡේදය තුළ අවශ්‍යතා ඇති අයට වියළි සලාක පරිත්‍යාග කිරීමට ද, කෑගල්ල සහ රුක්මල්ගම ප්‍රදේශවල පවුල් 600කට එහි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාමසේවා නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට ඔවුන් එක්විය.

මෙම කාර්යය සාර්ථක කරගැනීම Magnum Club ආයතනය ද ඔවුන් සමඟ එක් විය. ඒ අනුව සඳුදා (30) වියළි සලාක පාර්සල් 5000ක් පමණ බෙදා හරින ලද අතර එය හෙට ද අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඔවුන් අපේක්ෂා කරයි. 

එංගලන්තයේ Marylebone ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණීම නිසා ස්වයං නිරෝධායනයට යොමුව සිටියේය. සිය නිරෝධායන කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඔහු මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් කොරෝනා මර්දනයට සවියක් වෙයි

නව කොරෝනා (Covid-19) වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය …

මෙම උද්ගතව ඇති අර්බුදකාරී කාලය හමුවේ රජය කටයුතු කළ යුතු ආකාරය සහ මහජනයා කලබල නොවී වසංගතයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සමාජ මාධ්‍යවල පණිවිඩ කීපයක් යොමුකර තිබිණි. 

ක්‍රීඩකයන් දෙදෙනාම ඔවුන්ගේ වීඩියෝ දර්ශන Twitter වෙබ් අඩවියේ පළ කරමින් පවසා ඇත්තේ නිවසේ රැඳී සිටිමින් සමාජයට ඔවුන්ගේ වගකීම ඉටු කරන ලෙසටය.

වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් ද අවශ්‍යතාවයෙන් පෙළෙන ජනතාවට ආධාර ලබා දෙමින් හා රෝහල් සඳහා අවශ්‍ය උපකරණ ලබා දෙමින් මහජනයාට උපකාර කිරීමට ක්‍රියා කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 25ක් පසුගිය දා පරිත්‍යාග කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<