2027 AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය අද (09) කොළඹ තුරග තරග පිටියේ දී තරග බිමට පිවිසුණා.
මෙම තරගයට සහභාගී වූ ටර්ක්මෙනිස්තානය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 138 වැනි ස්ථානයේ රැඳුණු අතර, ශ්‍රී ලංකාව 197 වැනි ස්ථානයේ රැඳුණා.
තරගයේ ආරම්භයේ පටන් ම ශ්‍රී ලංකාවෙන් ප්‍රතිවාදීන් වෙත ඉහළ අභියෝගයක් එල්ල වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ම ඔවුන් ගෝල රැස් කිරීම වෙනුවෙන් උත්සාහයන් කිහිපයක් ම යෙදුවා. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස එම උත්සාහයන් ව්‍යර්ථ වූ අතර, ඒ අනුව තරගයේ පළමු අර්ධය 0-0ක් ලෙස නිමාවට පත් වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී සිය උත්සාහයන් තවත් දැඩි කරමින් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණීමට උත්සාහ දැරූ අතර, එහි අවසන් ප්‍රතිඵලය ලෙස තරගයේ 67 වැනි මිනිත්තුවේ දී Leon Perera විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
ඉන් පසුව තරගයේ නැවත ගෝල වාර්තා නොවූ අතර, මේ අනුව ශ්‍රී ලංකාව ගෝල 1-0ක් ලෙස ටර්ක්මෙනිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකාවේ පසු පෙළ ශක්තිය ඉහළ දමමින් ටර්ක්මෙනිස්තාන ක්‍රීඩකයින් පාලනය කිරීමට සමත් වූ Jason Thayaparan සම්මාන දිනාගත්තා.
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















