2019 ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී තරගාවලියේ සමස්ත ශූරතාව වැලිමඩ අධ්‍යාපන කලාපය ද, දෙවන හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් තණමල්විල අධ්‍යාපන කලාපය හා බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය විසින් දිනා ගැනීමට සමත් විය.
තරග අංශ 116ක්, නව පළාත් වාර්තා 34ක්!
2019 සමපෝෂ පාසල් ක්‍රීඩා තරග මාලාවේ උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙලේ….

අදියර දෙකක් ලෙස පැවති මෙම තරගාවලියේ පළමු අදියර ජූලි මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වාත්, දෙවන අදියර ජූලි මස 31 වැනිදාත් පැවැත්විය.
සමස්ත තරගාවලිය තුල දී ඌව පළාත තරග වාර්තා 32ක් පිහිටුවීමට සමත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස බණ්ඩාරවෙල සීවලී මහා විද්‍යාලයේ ශනිල්ක අයේශ් අභිශේක ලැබීය. දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය බණ්ඩාරවෙල විශාකා උසස් බාලිකා විද්‍යාලයේ හිමන්ජනා දෙව්මිනි විසින් දිනා ගැනීමට සමත් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















