ආබාධ රකුසාගේ නවතම ගොදුර!

68

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය පසුගිය දිනක මාධ්‍ය වෙත එළි දැක්වීම සිදු කෙරුණු අතර එහි දී කණ්ඩායමේ තුන් ඉරියව් අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් නම් කළ ප්‍රබල ක්‍රීඩකයෙකුගේ සේවය මේ වන විට ඔවුන්ට අහිමි වී යාමේ අවදානමක් පැන නැඟී තිබේ.

පුහුණු තරගයෙන් කැන්ගරුවන්ට එක් කඩුල්ලක තියුණු ජයක්!

අවසන් පන්දුව දක්වා ඇදී ගිය තියුණු තරගයකින් අනතුරුව සංචාරක ශ්‍රී ලංකා පිළ පරදවා…

වේගපන්දුව තම ප්‍රබලතම අවිය කරගත්ත ද අවශ්‍ය මොහොතේ දී පිත්තෙන් වූවද වැඩ පෙන්විය හැකි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස  මොහොමඩ් සයිෆුදීන් හඳුන්වා දිය හැක්කේ නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය වෙනුවෙන් ඔහු පෙන්වූ කැපී පෙනෙන දක්ෂතාවන් නිසාවෙනි.

කෙසේ නමුත් කලක සිට පිටුපස ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන ආබාධයක් හේතුවෙන් සයිෆුදීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර මෙම තත්වය දිගින් දිගටම උද්ගත වීම නිසාවෙන් ඔහුට අවස්ථා කිහිපයක දී ම කණ්ඩායමෙන් ඉවත්ව යාමට ද සිදු විය. 

එම අවාසනාවන්ත ඉරණමට නැවත වතාවක් මුහුණ දීමට මේ වන විට සයිෆුදීන් හට සිදුව තිබෙන්නේ ඔහුගේ සුපුරුදු ආබාධ තත්වයෙහි කිසියම් වර්ධනයක් පෙන්නුම් කිරීම නිසාවෙනි.

මේ ගැන නිවැරදි අධ්‍යයනයක නිරත වෙමින් ගත යුතු සාර්ථකම ප්‍රතිකර්මයන් මොනවා ද යන්න පිළිබඳ එරට ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත වෛද්‍ය අංශය මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර උද්ගතව ඇති ආබාධ තත්වය සුව අතට හැරීමට නම් තවත් සති කිහිපයක කාලයක් බලා සිටීමට සිදු වන ඇතැයි ද ඔවුන් පවසා තිබුණි.

තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්ට T10 වරම්

ලබන වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට…

බංග්ලාදේශ කණ්ඩායම් ප්‍රධාන භෞතික චිකිත්සකවරයා ලෙස කටයුතු කරන ජූලියන් කැලිෆැටෝ මහතාගේ මතයට අනුව සයිෆුදීන්ගේ පිටුපස ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශීන්ගේ යම් කිසි දුර්වලතාවක් පවතින නිසාවෙන් නිරන්තරයෙන්ම මෙසේ ඔහුට ආබාධයන්ට ගොදුරු වීමට සිදුව ඇති බවයි.

“දැන් ඔහුට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා අපේ වෛද්‍ය කණ්ඩායමත් එක්ක සමීපව කටයුතු කරලා හැකි තාක් ඉක්මනින් ආබාධය සුව අතට හරවා ගන්න. පිටකොන්ද ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශි සවිමත් කරන ව්‍යායාම වල නිරත වීමෙන් බොහෝ දුරට මේ තත්වය මඟහරවා ගන්න පුළුවන්.”

ඉන්දියානු තරගාවලිය සඳහා ආරම්භයේ දී සයිෆුදීන් හට කැඳවීමක් ලැබුණු නමුත් නවතම ස්කෑන් පරීක්ෂණ වාර්තා කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වෙනත් විකල්ප ක්‍රීඩකයෙකුගේ ආදේශනයේ අවශ්‍යතාව කණ්ඩායම් කළමනාකාරිත්වය හට පැන නැඟුණු අතර නිමාව දුටු සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ දී ද ඔහුගේ සේවය නිසියාකාරව ලබාගැනීමට ඔවුන් අපොහොසත් වූයේ ආබාධය උග්‍ර අතට හැරීමට තිබූ අවදානම නිසාවෙනි.

නොවැම්බර් 3 වැනිදා සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ තරග සංචාරයක නිරත වන බංග්ලාදේශ කණ්ඩායම එහි දී විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකකට මුහුණ දීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<