කොරෝනා මැද ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයන් වැඩ අරඹයි

152
Afghanistan to begin month-long training camp

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් තාවකාලිකව නතර කර තිබූ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු නැවත ඇරඹීමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් එක් මසක පුහුණු කඳවුරක් ඊයේ (07) ආරම්භ කරන ලදි.

IPL සත්කාරකත්වය වෙනත් රටකට හිමිවන ලකුණු

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැලසුමට අනුව කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම කඳවුර පැවැත්වෙන අතර ක්‍රිකට් කණ්ඩායමේ නායක අස්ගාර් ඇෆ්ගන්, රශීඩ් ඛාන්, සහ මොහොමඩ් නබී ඇතුළු ක්‍රීඩකයන් 22 දෙනෙකු මෙම පුහුණු සංචිතයට ඇතුළත්ව සිටී.

මෙම පුහුණු කඳවුර පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති තරගාවලි ඉලක්ක කරගනිමින් තම කණ්ඩායමේ පිතිකරණය, පන්දු යැවීම ඇතුළු සමස්ත දස්කම් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම කඳවුර පැවැත්වෙන බවයි.

මීට අමතරව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයන්ට හා එම පුහුණු කඳවුර සමඟ රාජකාරි කටයුතු සිදු කරන සියලූම නිලධාරීන් හට එම කඳවුර තුළ දී පවත්වා ගත යුතු සෞඛ්‍ය ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමට රැස්වීමක් පසුගිය අඟහරුවාදා (02) පැවැත්විය.

ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ ඉදිරි සැලසුම් ලෙස සිම්බාබ්වේ සංචාරයකටත්, ආසියානු කුසලාන තරගාවලියටත් සහ නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟින් ටෙස්ට් තරගයකටත් සහභාගි වීමට නියමිතව ඇත.

මේ වන විට පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් ඇෆ්ගනිස්තානය තුල පුද්ගලයින් 570කට අධික පිරිසක් මිය ගොස් තවත් පුද්ගලයින් 20,000කට අධික සංඛ්‍යාවක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<