ශායි හෝප්ගෙන් බංගලියන්ට එරෙහිව වික්‍රමාන්විත ඉනිමක්

913
Bangladesh vs West Indies 2018

බංග්ලාදේශය සහ බටහිර ඉන්දී කොදෙව්වන් අතර අද (11) මිර්පුර් හි ශේර් බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය තනිකරම තමන්ගේ සහ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ තරගයක් පමණක් බවට පත් කරගත් ශායි හෝප් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රීඩයන්ට කිසිවක්ම කර කියා ගැනීමට ඉඩ නොතබමිනි.

කොදෙව් දේශයට යන එංගලන්ත සංචිතය නිකුත් වේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට්…

කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ ද ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ශායි හෝප් තරගය ජයග්‍රහණයෙන් කෙළවර තෙක්ම තම වික්‍රමාන්විත ක්‍රියාවලිය බිඳකින් හෝ අඩු නොකිරීමට වග බලා ගත්තේ ය. ඔහු තරගය නිමා වන විට නොදැවී ලකුණු 146ක් ලබා සිටියේ ය. එම ඉනිම පන්දු 144කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුලත්ව තිබුණි.

ශායි හොප් අද රැස් කළේ ඔහුගේ එක්දින ජාත්‍යන්තර පිටියේ තෙවැනි ශතකය වූ අතර එය තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳම දක්ෂතාව ද වූවේ ය. ඊට පෙර එම වාර්තාව වී තිබුණේ ඉන්දියාවට එරෙහි ව විශාකාපට්නම් හිදී නොදැවී රැස් කරන ලද ලකුණු 123යි.

දෙරට අතර පැවති මෙම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්හ. පැවති පළමු එක්දින තරගයේ දී බංග්ලාදේශය කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ අනුව අද තරගයේ ප්‍රතිඵලය අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයට පරිවර්තනය කර ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.  

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශය සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සකිබ් අල් හසන් ය. ඔහු පන්දු 62කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ 40 වැනි අර්ධ ශතකයයි.

IPL සත්කාරකත්වය පිළිබඳ අර්බුදය උග්‍ර වෙයි

IPL තරගාවලියේ දොළොස්වැනි අදියර ලබන වසරේ මාර්තු මස 29 වැනිදා ඇරඹීමට කටයුතු සූදානම්…

නමුත් ඉනිමේ වඩාත් වැදගත් කාර්යබාරයක් සිදු කළේ තමීම් ඉක්බාල් සමග මුෂ්ෆිකර් රහීම් ය. ඔහුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 111ක් වාර්තා කිරීමට සමත් විය. තමීම් ඉක්බාල් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය. මුෂ්ෆිකර් රහීම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 62කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 80කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

ඊට අමතරව මහමුදුල්ලා ද පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ඔෂේන් තෝමස් ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල දෙවැනි පන්දු වාරයේ දී දවා ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගයට සාර්ථකව අවතීර්ණ වූ බවක් පෙන්වන ලදි. නමුත් දෙවැනි කඩුල්ලේ දී ඔවුන්ට එම තත්ත්වය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි විය. ශායි හෝප් සහ ඩැරන් බ්‍රාවෝ එක්ව ගොඩ නැගූ එම කඩුල්ලේ සබඳතාව ලකුණු 65කි. බ්‍රාවෝ පන්දු 43කට මුහුණ දී හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 27ක් ලබා ගත්තේ ය.

ඉන් අනතුරුව එවැනිම ලකුණු සබඳතාවක් මාලන් සැමුවෙල්ස් සමඟ එක් කිරීමට ද ශායි හෝප් සමත් විය. එවර ඔවුන්ගේ ලකුණු සබඳතාව 62කි. මාලන් සැමුවෙල්ස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

ශායි හෝප් සමඟින් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්නට අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙක් සමත් නොවීම මෙම තරගය මේ තරම් දිගට ඇදෙන්නට හේතු විය. කෙසේ වෙතත් වාර්තා වූ හොඳ යැයි පැවසිය හැකි කඩුලු සබඳතාවන් හිදී ද වැඩි වැඩ කොටසක් කළේ ශායි හෝප් වීම ද විශේෂ වේ.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි

ලබන දෙසැම්බර් 15 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය…

ඔහු තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ 7 වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 71ක සබඳතාවක් එක් කරමිනි. එවර ඔහුගේ සඟයා වූයේ කීමෝ පෝල් ය. තරගය ජයග්‍රහණය කරන විට පෝල් පන්දු 31කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියේ ය.

කඩුලු දවා ගැනීමේ දී මුස්ටෆිසුර් රහමන් සහ රුබෙල් හසේන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

අද තරගයේ දෙවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී බංග්ලාදේශයේ ආරම්භක පිතිකරු ලිටන් දාස් යම් වේදනාත්මක තත්ත්වයක් හේතුවෙන් ගිලන් රියක ආධාරයෙන් පිටියෙන් ඉවතට ගෙන ගියේ ය. බංග්ලාදේශ ඉනිම ඒ වෙද්දී ලකුණු 11ක්ව තිබුණ අතර ඔහු නැවත පිටියට පිවිසියේ 5 වැනි කඩුල්ල දැවී ගිය පසුව ය.

බංග්ලාදේශය; කඩුලු 7ක් දැවී 255 (50) තමීම් ඉක්බාල් 50, මුශ්ෆිකර් රහීම් 62, සකිබ් අල් හසන් 65, මහමුදුල්ලා 30, ඔෂේන් තෝමස් 3/54

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 6ක් දැවී (49.4) ශායි හොප් නොදැවී 146, ඩැරන් බ්‍රාවෝ 27, මාලන් සැමුවෙල්ස් 26, මුස්ටෆිසුර් රහමන් 2/63, රුබෙල් හොසේන් 2/57

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින තරගය මේ මස 14 වැනි දින සිල්හෙට් හිදී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<