දෙවැනි අර්ධයේ දී නේපාලය ශ්‍රී ලංකාව අභිබවයි

595

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (23) නේපාලය සමඟින් පැවති අතර එහි දී ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට නේපාලය සමත් විය. ඉන්දියාවේ කල්‍යාණි ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විය. 

අවසන් මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය උදා කර ගනී

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලිය අද ඉන්දීයාවේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එහි පළමු තරගය….

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී භූතාන කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කළ අතර නේපාලය ඔවුන්ගේ පළමු තරගයේ දී ඉන්දියාව හමුවේ ගෝල 5-0ක් ලෙස පරාජය විය. 

තරගයේ මුල් මිනිත්තු කීපය තුල දී ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට නේපාල කණ්ඩායම සමත් වූ අතර ඔවුන්  ගෝල ලබාගැනීමට ප්‍රබල උත්සාහයන් කීපයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක තාරුක රශ්මික එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමිනි. 

නේපාල කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ඉදිරිපෙල බිඳ දැමීමට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ අත්වැරදීම් නිසාවෙන් ඔවුන්ට ගෝල ලබා ගැනීමට නොහැකි විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කීපයක් ලැබුණු අතර නිදහස් පහරවල් කීපයක්ම සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණේ නැත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කළ මුහම්මද් ශකීල්, මලිඳු අතුකෝරල, වෙනුර ලක්මිණ හා එරූශ රුවනක වෙත ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට නේපාල කණ්ඩායම සමත් වූ අතර 37 වැනි මිනිත්තුවේ දී ඔවුන්ට ලැබුණු ආසන්න අවස්ථාවන් දෙකක් මඟහැරී ගියේය. 

ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට නොහැකි වෙමිනි. 

පළමු අර්ධය: නේපාලය 00 – 00 ශ්‍රී ලංකාව 

තරගයේ 46 වැනි මිනිත්තුවේ දී නේපාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Sasank Bohra සමත් විය. ඒ අනුව දෙවන අර්ධය ආරම්භයේ දී ම තරගයේ පෙරමුණ ගැනීමට නේපාලය සමත් විය. 

දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට නේපාලය සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන් මගහරිමින් අවස්ථාවන් කීපයක දී ම ගෝල ලබා ගැනීමට නේපාල ක්‍රීඩකයන් උත්සාහ කළේය. 

උත්සාහයන් කීපයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයන් මඟහැර යමින් දෙවන ගෝලය ලබා ගැනීමට නේපාල කණ්ඩායමේ Rai සමත් විය. එම ගෝලය වාර්තා වූයේ තරගයේ 83 වැනි මිනිත්තුවේ දී ය. 

ඉන් අනතුරුව ද ගෝල ලබාගැනීමේ උත්සාහයන් කීපයක් නේපාලය විසින් ලබා ගත් අතර එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය. 

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියට ගිය ශ්‍රී ලංකා සංචිතය

දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලිය හෙට (21) දිනයේ දී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය අගෝස්තු….

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට නේපාලය සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: නේපාලය 02 – 00 ශ්‍රී ලංකාව 

තරගාවලියේ තවත් තරගයක් භූතානය හා බංග්ලාදේශය අතර පැවැත්විය. එහි දී භූතාන කණ්ඩායම ගෝල 5-2ක් ලෙස පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය. එය භූතානය ලැබූ දෙවන පරාජයයි. 

පළමු අර්ධය නිමා වන විට ගෝල 3-2ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් විය. දෙවන අර්ධයේ දී තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. 

බංග්ලාදේශය වෙනුවෙන් 15 වැනි මිනිත්තුවේ දී අමීන් රහ්මාන්, 21 වැනි හා 80 වැනි මිනිත්තුවේ දී අල් මිරාඩ් ඛාන්, ශූවෝ සාර්කාර් 46 වැනි මිනිත්තුවේ දී ද, ඉස්ලාම් බාබු 90+7 වන මිනිත්තුවේ දී ද ගෝල වාර්තා කළේය. 

බංග්ලාදේශය වෙනුවෙන් Al Mirad Khan 21’ 80’, Amin Rahman 15’, Shuvo Sarkar 46’ Islam Babu 90+7’ ගෝල වාර්තා කළේය. භූතානය වෙනුවෙන් Phub Dorji 17’, Sonam Chozang 32’ ගෝල වාර්තා කරන ලදි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<