ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්

ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

120
Sri Lanka Deaf Cricket Association.

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත (DEAF) ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය  ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස සහ එක් තරගයකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරගාවලිය ජනවාරි 29 වනදා සිට පෙබරවාරි 02 වනදා දක්වා මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනි. 

නිහඬවම ලෝක කුසලානයක් දිනූ නිහඬ ලක් විරුවෝ

ලක්මවට තවත් ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිව තිබේ. අපි ඊට අත්පොලසන් නද දුන්නෙමු. එහෙත් ඔවුන්ට…

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග බිමේ පවා අත්දැකීම් තිබෙන ගිමඳු මැල්කම් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර දෙරට අතර පැවති පළමු එක්දින තරගය පරාජය වුවත් පසුව පැවති එක්දින තරග දෙක සහ විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව පහසුවෙන්ම ජය ගත්තේය. 

දකුණතින් පිතිකරණයේ නිරත වන රාජිත අසංක එක්දින තරග තුනේ දී ලකුණු 57ක්, ලකුණු 47ක් සහ ලකුණු 49ක් රැස්කර ගනිමින් සුපිරි දස්කම් දැක්වූ අතර නායක මැල්කම් තරගාවලිය පුරාවට කඩුලු 9ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වන ලදි.  

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට පැවති ICC ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 වසරේ දී ජයගත් අතර එහිදී ද තරග වැදුනේ මෙම සංචිතය යි. මීළඟ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ (2020) නොවැම්බර් 24 වනදා සිට දෙසැම්බර් 04 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජයේ දී පැවැත්වෙන අතර එම තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වේ. 

තරග ප්‍රතිඵල සාරාංශය: 

පළමු එක්දින තරගය – ඉන්දියාවට කඩුලු 4ක ජයක් 

ශ්‍රී ලංකාව : 239/8 (50) ශානක වල්ගම 79, දිනුක සචින් 35, තාරක සම්පත්  47, විරේන්ද්‍ර 3/25, නදීම් 2/18. 

ඉන්දියාව : 240/6 (49.5) අභිෂේක් 65, විරේන්ද්‍ 51*, සුහෙයිල් 38, අසංක මංජුල 2/31, ඇලන්රෝස් කලීප් 2/39. 

Photo Album : Sri Lanka Deaf Cricket Team 2018/19

දෙවන එක්දින තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 92ක ජයක් 

ශ්‍රී ලංකාව : 252/10 (49.4) රාජිත අසංක 57, නදුන් සමීර 37, තාරක සම්පත් 30, සුහෙයිල් 3/37, මන්ජීට් 2/40. 

ඉන්දියාව : 160/10 (41.5) ටන්මග් 64, ගිමඳු මැල්කම් 3/33, ඇලන්රෝස් කලීප් 2/20, සචිත් පෙරේරා 2/37. 

 

තුන්වන එක්දින තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

ඉන්දියාව : 188/10 (47.2) සුහෙයිල් 50, මන්ජීට් 31, දීපක් 16, තාරක සම්පත්  2/16, ගිමඳු මැල්කම් 2/25, සුමුදු ලංකා 2/31, සචිත් පෙරේරා  2/46. 

ශ්‍රී ලංකාව : 190/7 රාජිත අසංක 47, ඇලන්රෝස් කලීප් 38*, සුමුදු ලංකා 22*, දිනුක සචින් 22, සුහෙයිල් 3/55, නදීම් 3/65. 

 

විස්සයි විස්ස තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 68ක ජයක් 

ශ්‍රී ලංකාව : 171/6 (20) රාජිත අසංක 49, ගිමඳු මැල්කම් 46, දිනුක සචින් 33, සචිත් පෙරේරා 29*, නදීම් 1/18, සුහෙයිල්  1/20. 

ඉන්දියාව : 103/10 (15.4) අභිෂේක් 24, මන්ජීට් 21, ටන්මග්  21, ගිමඳු මැල්කම් 4/22, සුමුදු ලංකා 2/12. 

ලංකාවට තුන්වැනි ලෝක ශූරතාව දිනා දුන් වීරයා, ගිමඳු මැල්කම් – Gimandu Malkam – Powerplay

පසුගිය දා නිමා වූ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය…

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<