19න් පහළ ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වයට හුරුපුරුදු මුහුණක්

238

2020 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනීමේ ප්‍රධාන අපේක්ෂාවෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෆර්විස් මහරූෆ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

දිමුත් කරුණාරත්නට ඩොලර්වලින් ලොකු දඩයක්!

බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් …..

මහරූෆ් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 13ක් ක්‍රීඩා කරමින් ටෙස්ට් තරග 22ක්, එක්දින තරග 109ක් හා විස්සයි විස්ස තරග 8ක් ක්‍රීඩා කර තිබේ. ඔහු කළමනාකරුවෙකු මෙන්ම වයස අවුරුදු 19න් පහළ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ඇත.

“කළමනාකරු ලෙස කටයුතු කරන අතරම මට හැකි වේවි යොවුන් ක්‍රීඩකයින්ට මගේ අත්දැකීම් බෙදා දෙන්න, ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයින් හරි මාර්ගයේ යොමු කරන අතරම ඔවුන්ගේ විනයත් හොඳින් තබා ගන්න, මට ක්‍රීඩකයින් බොහොම ළඟින් නිරීක්ෂණය කිරීමට හැකි වේවි.” මහරූෆ් ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන යොවුන් කණ්ඩායම අතර එළඹෙන මැයි මස 2 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා හම්බන්තොට දී හා ගාල්ලේ දී යොවුන් ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

පළමු සිව්දින තරගය ගාල්ලේදීත්, දෙවන තරගය හම්බන්තොටදීත්, පළමු හා දෙවන එක්දින තරග හම්බන්තොටදීත් සහ අවසන් තරගය ගාල්ලේදීත් පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<