රුසියාවත් සියලු තරග අවලංගු කරයි

70

කොරොන වයිරස් වසංගතය හේතුවෙන් අප්‍රේල් 10 වැනිදා දක්වා සියලුම ක්‍රීඩා අත්හිටුවන බව රුසියාව අද (18) ප්‍රකාශ කළේය. ඒ රුසියාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 114ක් දක්වා ඉහල යාම නිසාවෙනි.

ජාතික පාපන්දු හා පැසිපන්දු සංගම් මෙන්ම කොන්ටිනෙන්ටල් හොකී ලීගය ද එකවර ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ “COVID-19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් අප්‍රේල් 10 වැනිදා දක්වා සියලුම තරග අත්හිටුවන” බවයි.

කොරෝනා අවනඩුවෙන් අගතියට පත් තවත් තරගාවලියක්

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ සීමිත…..

ඉහළම පාපන්දු අංශය වන රුසියානු ප්‍රිමියර් ලීග් සංවිධායකයන් පැවසුවේ මෙවර ලීග් තරගාවලියේ ඉතිරිව ඇති වට අටක් පසුව පවත්වන බවත්, ඒවා අවලංගු නොකරන බවත්ය. 

රුසියානු පාපන්දු සංගමය වෙනම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සියලුම තරග නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන බවයි.

රුසියාව මෝල්ඩෝවා සහ ස්වීඩනයට එරෙහිව ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටි සුහද තරග ද්විත්වය ද අවලංගු කර ඇත. 50කට වැඩි පිරිසක් සහභාගී වන ප්‍රසිද්ධ ඉසව් මොස්කව් නගර බලධාරීන් විසින් පසුගිය සඳුදා තහනම් කිරීමෙන් පසුව මෙම ක්‍රීඩා ඉසව් නතර කිරීමට ද තීරණය කරන ලදි. මෙම ඉසව් අප්‍රේල් 10 වැනිදා දක්වා අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණි.

සමාජශාලා සභාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින්ගේ ඇමතුම් නොතකා තරග හා ඉසව් අවලංගු කළ අවසන් යුරෝපීය රටවලට රුසියාව ද එක්විය.

අතරමග නැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ලොව පුරා පැතිර යාම ආරම්භ කල නව කොරෝනා….

සෙනසුරාදා Ural Yekaterinburg සමඟ පැවති තරගයක දී Zenit Saint Petersburg හි ආධාරකරුවන් “අපි සියල්ලෝම මැරෙන්නෙමු” (We’re all going to die) යනුවෙන් ගීත ගායනා කළ අතර එයට 33,000කට අධික රසික පිරිසක් සහභාගී වූ බව වීඩියෝ දර්ශනවල දැක්වේ.

“එය නියත වශයෙන්ම නිවැරදි, පුරෝකථනය කළ හැකි සහ අපේක්ෂිත තීරණයක්. ලොව පුරා මෙම වයිරසය ව්‍යාප්ත වීමේ දී රටවල් විසින් ගත් තීරණ සම්බන්ධයෙන් සෑම විටම අප පසුපසින් සිටීම ලැජ්ජාවක්” යැයි ජාතිකවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඊගෝර් ලෙබෙදෙව් Sport24.ru වෙබ් අඩවියට පැවසීය.

AFP ඇසුරෙනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<