පා දඟපන්දුවේ හිඟයට හතුරු කෙසේ මුහුණ දෙයි ද?

2446

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති දඟපන්දු යවන්නන් හිඟය මෑත කාලයේ ඇති වූ ගැටලුවක් නොවේ. පා දඟපන්දු යවන්නන් කණ්ඩායමේ දිගින් දිගටම ක්‍රීඩා නොකළේ ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි  යොදාගැනීමට නොහැකි වීම නිසායි.

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් පිටියේ අපේ ක්‍රිකට් ඉතිහාසය

වසර 22ක් වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරග සංඛ්‍යාව 17කි. එම තරග අතරින් තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව…

මෙය අද ඊයේ ගැටලුවක් නොවේ. මේ වසරේ දී 80 වැනි වියට පා තබන මයිකල් තිසේරා ක්‍රීඩා කළ 1970දීත් මේ ගැටලුවම පැවතුණි. හොඳ පන්දු යවන්නෙක් වුවත්, ඒ වන විට ශ්‍රී ලංකාවේ අංක එකේ පිතිකරු වූ ඔහු පන්දු යැවීම ඉතා අඩු කර පිතිකරණයට සිය උපරිම අවධානය යොමු කරන ලදි.

බොහෝ ජාත්‍යන්තර කණ්ඩායම් පා දඟපන්දු යවන්නන්ගෙන් උපරිම වාසි ලබා ගනිමින් සිටියි. ඉන්දියානුවන් පමණක් නොව ඇෆ්ගනිස්තාන් පා දඟපන්දු යවන්නන් මෙන්ම නේපාල පා දඟපන්දු යවන්නන් ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දස්කම් දක්වනු දක්නට ලැබුණි. පාකිස්තානයට ද ෂඩාබ් ඛාන් හා යසීර් ශා යන පා දඟපන්දු යවන්නන් දෙදෙනාගේම සේවය හිමි වේ.

ක්‍රිකට් ක්‍රීඩාව දවසින් දවස පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් වෙද්දී තණතිල්ල ද සැකසෙන්නේ පිතිකරුවන්ට පාරාදීසයක් වන ලෙසටය. මේ තත්ත්ව යටතේ ඔබ ඉතා දක්ෂ නැතිනම්, ඇඟිලිවලින් දඟ කවන පිට දඟපන්දු යවන්නන්ට පිටියේ සිය දිවි රැක ගැනීම ඉතා අපහසුවනු ඇත. එම නිසා මේ දිනවල කණ්ඩායම් බොහෝ විට අවධානය යොමු කරන්නේ පා දඟපන්දු යවන්නන් සිය කණ්ඩායමට එකතු කර ගැනීමටයි. ඒ පිතිකරුවන්ට සහය දෙන තණතීරු වලත් පා දඟපන්දු යවන්නන්ට පන්දුව දඟ කැවීමට හැකි නිසයි.     

සංඛ්‍යාලේඛන දත්ත ද මේ කරුණ මැනවින් පෙන්නුම් කරයි. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය පහම පා දඟපන්දු යවන්නන් හිමිකරගෙන සිටින අතර එක්දින ශ්‍රේණිගත කිරීම් වල පළමු පන්දු යවන්නන් දහය තුල පා දඟපන්දු යවන්නන් තිදෙනෙක් සිටියි.

චන්දික හතුරුසිංහගේ ආගමනයෙන් පසුව දඟපන්දු යවන්නන්ට වැඩිපුර අවධානය යොමු කරනු දක්නට ලැබුණි. ජීවන් මෙන්ඩිස්, වනිඳු හසරංග වැනි ක්‍රීඩකයින් අත්හදා බැලූ අතර ජෙෆ්රි වැන්ඩර්සේ හට අවස්ථා කිහිපයක්ම ලබා දීමට ඔහු ක්‍රියා කළේය. කැරිබියන් සංචාරයට ද එක්වූ විසිඅට හැවිරිදි වැන්ඩර්සේ හට ටෙස්ට් වරම් හිමි වීමට ද බොහෝ දුරට අවස්ථාවක් ඇත.  

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා කැඳවා ඇත. ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග…

දේශීය කණ්ඩායම්වල නායකයින් පා දඟපන්දු යවන්නන් ක්‍රීඩා කරවීමේ අවදානම ගැනීමට මැලිවීම දේශය තණතිල්ල තුල පා දඟපන්දු යවන්නන්ගේ සාර්ථකත්වය අඩු වීමට හේතුවක්. පාසල් ක්‍රිකට් පිටිය තුල මේ අවදානම ගන්නා නායකයින් ඇත්තෙම නැත. පා දඟපන්දු යවන්නාට ආරම්භයේම පිතිකරුවන් ලකුණු රැස් කළ විට පුහුණුකරුවා ක්‍රීඩාගාරයේ සිට නායකයාට කෑගසයි. පා දඟපන්දු යවන්නෙකුට පිටියේ ස්ථාවර වීමට පන්දුවාර තුන හතරක් අවශ්‍ය බව සාමාන්‍ය මතයයි. නමුත් ශ්‍රී ලංකාවේ ඇති වරද නම් කිසිම පා දඟපන්දු යවන්නෙකුට ස්ථාවර වීමට ඉඩ ලබා නොදීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීය පා දඟපන්දු යවන්නන් ලෝක මට්ටමේ සාර්ථක වන්නේ ඉතා අඩුවෙන්ය.   

තිසේරා, රිචි බර්නාඩ් අනුගමනය කරමින්, අතෙන් පන්දුව නික්මෙන ස්ථානය ඉහළින් තබා ගනිමින් (high arm) ඉතා හොඳ පන්දු යැවීමේ විලාශයක් අනුගමනය කළේය. සී. අයි ගුණසේකර හා නෙවිල් පොන්නයියා ද  ඉතා හොඳ පා දඟපන්දු යවන්නන් වූ නමුත් ගාමිණී ගුණසේන හා මැල්කම් ෆ්‍රෑන්කි එකල තබූ සිලෝන් කණ්ඩායමට ගෞරවයක් ගෙන ඒමට සමත් විය. ගුණසේන නොටින්හැම්ශයර් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය කණ්ඩායම් නියෝජනය කිරීමට ද සමත් වූ අතර ෆ්‍රෑන්කි NCC කණ්ඩායමට ක්‍රීඩා කර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේය.       

නෝනත් එකයි, පොල්ලත් එකයි; කාසියේ වාසිය ඉවතට?

කාසියේ වාසිය වසර 141ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු තරගයේ සිටම අප අත්දුටුවකි. ක්‍රිකට් සම්ප්‍රදායේ මූලික අංගයක් වන එය අපට නැවත දැකිය නොහැකි වේවිද? ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්…

හිටපු ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් ෆ්‍රෑන්කි පිළිබඳ කිහිප වරක්ම වර්ණනා කළේය. ”ෆ්‍රෑන්කි බොහොම හොඳ ස්ථාවර දඟපන්දු යවන්නෙක්, ඔහුගේ පන්දු යැවීමේ ස්ථාන (good line and length) ඉතා හොඳයි.” ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඈශ්ලි මැලට් ඒ කාලයේ සිටි දක්ෂතම ඕස්ට්‍රේලියානු පා දඟපන්දු යවන්නා විය.

බොහෝ දෙනා එල්මෝ රොද්‍රිගෝපුල්ලේ මහතා හඳුනන්නේ ක්‍රිකට් විචාරකයෙකු ලෙසය. නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ ඔහු ඉතා දක්ෂ දඟපන්දු යවන්නෙකු ද වූ බවයි. ඔහු සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ නායකයා ලෙස ක්‍රීඩා කරන සමයේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කිරීමට සමත් විය.

ඩී. එස්. ද සිල්වා හා අශෝක ද සිල්වා ද ටෙස්ට් වරම් ලැබූ  පා දඟපන්දු යවන්නන් වූ අතර ඔවුන් දෙදෙනාම සාමාන්‍ය දඟපන්දු යවන්නට වඩා වේගයෙන් දඟපන්දු යැවූ ක්‍රීඩකයින් විය. උපුල් චන්දන මෑත කාලීනව ටෙස්ට් පිටියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ එකම පා දඟපන්දු යවන්නා විය. 2004 ඕස්ට්‍රේලියා සංචාරයේ එක තරගයක දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ ඔහු මුත්තයියා මුරලිදරන්ටවත් කළ නොහැකි වූ විස්කමක් පාන්නට සමත් විය.

රංගනගේ විශ්‍රාම යාමෙන් පසු ප්‍රධාන දඟපන්දු යවන්නාගේ වගකීම වැන්ඩර්සේට පැවරේ දැයි සියලු දෙනා බලා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පා දඟපන්දු යවන්නන් වෙනුවෙන්ම ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ස්ලිප් ද පුහුණු කඳවුරක් සඳහා ශ්‍රී ලංකාවට කැඳවා ගත්තේය.  

වැන්ඩර්සේ පන්දුව ගුවනේ නොතබා ඉතා පහළින් පන්දුව යොමු කරන අතර කිසිවෙකු නොසිතන මොහොතක ඔහුගේ කඩුල්ල දෙසට දෝලනය වන පන්දුව පිතිකරුවා අමාරුවේ දමයි. මේ වන විට එක්දින වරම් හා විස්සයි විස්ස වරම් හිමිකරගෙන ඇති ඔහුගේ රතු පන්දුවේ ටෙස්ට් දක්ෂතා දැක ගැනීමට සියලු දෙනා අපේක්ෂාවෙන් සිටියි.

පා දඟපන්දු යවන්නන් පිළිබඳ සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ඔවුන් පරිණත වන්නේ අත්දැකීම් සමඟය. ෂේන් වෝන් පළමු තරගාවලිය ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරද්දී ඔහු තරග දෙකක දී ලකුණු 228කට ලබා ගත්තේ එක කඩුල්ලක් පමණි. තෙවන තරගය ඔස්ට්‍රේලියාව SSC පිටියේ දී ලකුණු 16කින් ජයග්‍රහණය කළ අතර එහි දී ලකුණු 11කට කඩුලු 3ක් ලබා ගත් ඔහු ටෙස්ට් පිටියේ වැඩිම දෙවැනියට කඩුලු ලබාගත් ක්‍රීඩකයා වනතුරු ‘පස්ස බැලුවේ’ නැත.

“ICCයෙන් අපිට පරීක්ෂණයක් කරන්න එපා කිව්වා.” මොහාන් ද සිල්වා

බුකීකරුවන් හා එක්ව තණතීරු සකසා තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් නොපවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

පසුගියේ කාලයේ ශ්‍රී ලංකාවේ තරග සැලැස්මවල් දෙස බැලූ විට පෙනී ගියේ ටෙස්ට් තරග සඳහා ලක්ෂාන් සඳකැන් හා සීමිත ඕවර ආකෘතිය සඳහා වැන්ඩර්සේ යොදාගන්නා බවයි. නමුත් නව පුහුණුකරිත්වය යටතේ මෙවර කැරිබියන් සංචාරයට සඳකැන් නම් කර නොමැති අතර ඒ වෙනුවට වැන්ඩර්සේ රතු පන්දුවේ රාජකාරිය සඳහා ද යොදාගෙන තිබේ. කෙසේ නමුත් සඳකැන්ගේ පළමු තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු සුපිරි දස්කම් දැක්වූ අතර මංගල තරගයේම කඩුලු හතක් දවා ගැනීමට ඔහු සමත් විය. ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංගලාදේශ සංචාරයට ඔහු එක්වනු ඇතැයි වාර්තා වේ.

හේරත් (40) හා දිල්රුවන් (35) සිය ක්‍රීඩා දිවියේ සැන්දෑ සමයට ලංවෙමින් සිටින අතර තවමත් විසඳී නැති ගැටලුව නම් ඔවුන්ගේ පුරප්පාඩුව පුරවන්නේ කවුද?

මොවුන් දෙදෙනාගෙන් පසුව ප්‍රබල දඟපන්දු යවන්නන් ලෙස නැගී එන්නේ වමත් දඟපන්දු යවන්නන් වන අතර අමිල අපොන්සු, ප්‍රභාත් ජයසූරිය හා ලසිත් ඇඹුල්දෙනිය ඒ අතර වේ. නිශාන් පිරිස් නම් පන්දු යවන්නෙක් ද තේරීම් කමිටුවල ඇස ගැටෙන මානයේ දස්කම් පාමින් සිටින අතර සාමාන්‍ය ඉරියව්වකින් සෑහෙන තරම් පන්දුව දඟ කැවීමේ හැකියාවෙන් යුතු ක්‍රීඩකයෙකු බව ද වාර්තා වේ.  

Can Hathurusingha address Sri Lanka’s perennial problem with leg-spin? ලිපියේ පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<