දකුණු අප්‍රිකානු පීඩනය හමුවේ ඉතාලිය අසරණයි!

69
Rugby World Cup 2019 - South Africa v Italy

2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (04) ජපානයේ කොබේ ශිසෞකා දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වුනා. දකුණු අප්‍රිකාව සහ ඉතාලිය අතර පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 49-03ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

අයර්ලන්තයෙන් රුසියාවට දැඩි දඬුවම්!

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (03) ජපානයේ කොබේ නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට ආරම්භ වුනා. අයර්ලන්තය

තරගයේ පළමු අර්ධය පුරාවට දකුණු අප්‍රිකාව හොඳින් ක්‍රීඩා කළත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ආරක්ෂාව බිඳ වැටෙන ආකාරයක් දක්නට ලැබුණා. නමුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තමන්ගේ වැරදි නිවැරදි කරගන්නා තුරුම ඉතාලි ක්‍රීඩකයින් ලකුණු රැස්කර ගැනීමට උත්සුක වන බවක් දක්නට ලබුණේ නැහැ.

පළමු අර්ධය තුළ දී දකුණු අප්‍රිකාව ලකුණු 17ක් රැස්කරගෙන තරගයේ සුක්කානම අතට ගත්තත් ප්‍රතිවාදී ඉතාලියට හැකි වුයේ ලකුණු තුනක් පමණි.

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 17 – 03 ඉතාලිය

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඉතාලිය කොතෙක් උත්සහ කළත් දකුණු අප්‍රිකානු පීඩනය හමුවේ ඔවුන්ට කිසිදු ලකුණක් රැස්කිරීමට නොහැකි විය.

දකුණු අප්‍රිකාව පිට පිට පහර එල්ල කරමින් ඉතාලිය අසරණ කරන විට ඉතාලි ක්‍රීඩකයින්ට ඉතිරිව තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව තර කරගැනීම පමණි.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි

නමුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් පහසුවෙන් ඉතාලි ආරක්ෂාව විනිවිද යමින් ලකුණු රැස්කළේ ඉතාලි කණ්ඩායම වෙතට පීඩනය එල්ල කරමිනි.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව (7T, 4C, 2P) 49 – 03 (1P) ඉතාලිය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • දකුණු අප්‍රිකාව – Cheslin Kolbe (2T), Mbongeni Mbonambi (1T), Lukhanyo Am (1T), Makazole Mapimpi (1T), RG Snyman (1T), Malcolm Marx (1T), Handre Pollard (4C, 2P)
  • ඉතාලිය – Tommaso Allan (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<