අයර්ලන්තයෙන් රුසියාවට දැඩි දඬුවම්!

75

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (03) ජපානයේ කොබේ නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට ආරම්භ වුනා. අයර්ලන්තය සහ රුසියාව අතර පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 35-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට අයර්ලන්තය රාජ්‍යය සමත් වුනා.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි. නමුත් මේ දිනවල දී ශ්‍රී ලාංකික….

තරගයේ පළමු අර්ධය පුරාවට රුසියාව හොඳින් ක්‍රීඩා කළත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ආරක්ෂාව බිඳ වැටෙන ආකාරයක් දක්නට ලැබුණි. තරගය තුළ දී විටෙක ප්‍රේක්ෂකයින්ට රුසියාව ජය ගන්නා ආකාරයක් පෙන්නුම් කළත්, අයර්ලන්ත ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වෙමින් තරගයේ ආක්‍රමණය අතට ගනිද්දී රුසියානු ක්‍රීඩකයින් පසුබසින ආකාරයක් දක්නට ලැබුණි.

රුසියාව මෙම ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කල තරග 2කම පරාජය වූ හේතුවෙන් මෙම තරගයේ දී ද ඔවුන් මතට විශාල පීඩනයක් එල්ල වී තිබුණි.

පළමු අර්ධය: අයර්ලන්තය 21 – 00 රුසියාව

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව රුසියාව කොතෙක් උත්සහ කළත් අයර්ලන්තයේ විශාල ඉදිරිපෙළ ක්‍රීඩකයින් නවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

රුසියාවට එරෙහිව අයර්ලන්තය නැවත තරගයට අවතීර්ණ වෙමින් රුසියානු ආරක්ෂාව බිඳ හෙළුවේ රුසියානු ක්‍රීඩකයින් තවත් අසරණ කරමිනි. නමුත් තරගය අවසන් වන විට අයර්ලන්තය මුළු තරගය පුරාවටම උත්සාහක දිනුම් 5ක් හා ප්‍රවර්තන 5ක් සාර්ථක කර ගත් අතර රුසියාවට කිසිදු ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: අයර්ලන්තය (5T, 5C) 35 – 00 රුසියාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • අයර්ලන්තය – Rob Kearney (1T), Peter O’Mahony (1T), Rhys Ruddock (1T), Andrew Conway (1T), Garry Ringrose (1T), Johnny Sexton (3C), Jack Carty (2C)

ෆීජී – ජෝර්ජියානු ගැටුමෙන් ජෝර්ජියාවට හානි!

අද (03) උදෑසන 10.45ට ආරම්භ වූ ෆීජි රාජ්‍යය හා ජෝර්ජියාව අතර තරගයෙන් ලකුණු 45-10ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ෆීජී රාජ්‍යය සමත් වුනා, තරගය පැවැත්වුණේ ජපානයේ ඔසාකා නුවර දී.

ශ්‍රී ලංකාව ඔලිම්පික් බලාපොරොත්තු පොදි බඳියි

ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා.

තරගයේ මුළු ආක්‍රමණයම ෆීජී රාජ්‍යය සතුව තිබූ අතර ජෝර්ජියාව කොතෙක් උත්සහ කළත් තරගයේ වාසිය තමන් සතුකර ගන්නට නොහැකි විය.

ප්‍රථම අර්ධය මුළුල්ලේම ෆීජී රාජ්‍යය එක උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ජෝර්ජියාවට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි.

ප්‍රථම අර්ධය: ෆීජී රාජ්‍යය 07 – 03 ජෝර්ජියාව

දෙවැනි අර්ධයේ දී ජෝර්ජියාව තම සුපුරුදු රිද්මයට පැමිණෙන බවක් පෙන්නුම් කළත්, ෆීජී ක්‍රීඩකයින් ජෝර්ජියාවට පහර පිට පහර එල්ල කරමින් තරගයේ ආක්‍රමණය නැවතත් තමන් සතුකර ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් විය.

ජෝර්ජියාව අන්ත අසරණ කළ ෆීජී ක්‍රීඩකයින් ලකුණු 45ක් රැස්කරගත් අතර ජෝර්ජියානු ක්‍රීඩකයින්ට රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 10ක් පමණි.

අවසන් ලකුණු තත්වය – ෆීජී රාජ්‍යය (7T, 5C) 45 – 10 (1T, 1C, 1P) ජෝර්ජියාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ෆීජී රාජ්‍යය – Waisea Nayacalevu (1T), Frank Lomani (1T), Josua Tuisova (1T), Semi Radradra (3T), Api Ratuniyarawa (1T), Ben Volavola (5C)
  • ජෝර්ජියාව – Mamuka Gorgodze (1T), Soso Matiashvili (1C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<