සැමෝවා පීඩනය හමුවේ රුසියාව බිඳ වැටේ

70

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (24) ජපානයේ කුමගයා නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට ආරම්භ වුනා. සැමෝවා රාජ්‍යය හා රුසියාව අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 34-09ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට සැමෝවා රාජ්‍යය සමත් වුනා.

වේල්සයෙන් ජෝර්ජියාවට මරු පහරක්!

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (23) ජපානයේ ටොයෝටා නුවර දී…

තරගයේ පළමු අර්ධය පුරාවට රුසියාව සැමෝවා රාජ්‍යයට හොඳ තරගයක් ලබා දුන් අතර ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ආරක්ෂාව බිඳ වැටෙන ආකාරයක් දක්නට ලැබුණි. තරගය තුළ දී විටෙක රුසියාව සැමෝවා රාජ්‍යයට වඩා ඉදිරියෙන් සිටියත් සැමෝවා ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වන විට රුසියාවට කර කියාගන්නට නොහැකි විය.

පළමු අර්ධය: සැමෝවා රාජ්‍යය 05 – 06 රුසියාව

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව සැමෝවා රාජ්‍යය රුසියාව වෙත පහර පිට පහර එල්ල කරමින් තම ආධිපත්‍ය පතුරවමින් ක්‍රීඩා කළ අතර රුසියාවට සිදු වූයේ හැකි තරම් තම ආරක්ෂාව තර කරමින් සැමෝවා රාජ්‍යයේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල කිරීමටයි.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි…

නමුත් තරගය අවසන් වන විට සැමෝවා රාජ්‍යය මුළු තරගය පුරාවටම උත්සාහක දිනුම් 6ක් හා ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගත් අතර රුසියාවට සිදු වුයේ ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහර දෙකකින් සෑහීමට පත්වීමටයි.

අවසන් ලකුණු තත්වය: සැමෝවා රාජ්‍යය (6T, 2C) 34 – 09 ( 2P, 1 DG) රුසියාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • රුසියාව – Yury Kushnarev ( 2P, 1 DG)
  • සැමෝවා රාජ්‍යය – Alapati Leiua (2T), Afaesetiti Amosa (1T), Ed Fidow (2T), Rey Lee-Lo (1T), Tusi Pisi (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<