මහා ක්‍රිකට් තරග රැසකට රතු එළි

187

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා ක්‍රීඩා තරග රැසක් අවලංගු කිරීමට සිදුව ඇත. මේ වයිරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ද පැතිර යාම නිසා මෙම මස පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරග කීපයක් අවලංගු කිරීමට එම පාසල් බලධාරීන් තීරණය කර ඇත. 

මහා තරග අතර මහා තරගය – නිල් මහා සටන

මේ රාජකීය විදුහලේ පාසල් ගීතයේ එක් කොටසකි. එහි සරල අර්ථය පොත පතින් පමණක් නොව මිනිසුන්ගෙන් ද ජීවිතය ඉගෙන ගත් බවයි.

වෙ අනුව කන්ද උඩරට නිල් මහා සටන ලෙස විරුදාවලිය ලත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ 103 වැනි මහා ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ. 

මෙම තරගය මාර්තු මස 13 වැනිදා හා 14 වැනිදා අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් මෙම හදිසි තත්ත්වය නිසා තරගය නැවත දැනුම්දෙන තුරු කල් දැමීමට පාසල් බලධාරීන් තීරණය කර ඇත. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ 70 වැනි මොරටු රන් සටන හා 35 වැනි එක්දින තරගය ද මෙම කොරෝනා වයිරසය නිසා කල් දැමීමට තීරණය කර ඇත. 

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ රන් මහා සටන ද නැවත දැනුම්දෙ න තුරු කල් දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 

අද (12) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම රජයේ පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා වසා තැබීමට විශේෂ තීරණයක් ගෙන තිබුණි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<