කොදෙව් සංචාරයේ ඉන්දීය නායකත්වය තීන්දුයි

497
Rohit Sharma

සත්කාරක ඉන්දියාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් සමඟ ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම Rohit Sharma වෙත ලබා දී තිබෙනවා.

කලව ප්‍රදේශය ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි Rohit Sharma මේ වන විට ඉන් පූර්ණ සුවය ලබා තිබෙන අතර ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ඔහු කටයුතු කරන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

හිටපු නායක Virat Kohli ද තරගාවලිය සඳහා නම් කර තිබෙන සංචිත සඳහා ඇතුළත් අතර ඒ අනුව ඔහු Sharmaගේ නායකත්වය යටතේ තරග කරනු ලබන පළමු තරගාවලිය වන්නේ ද මෙයයි.

කෙසේ නමුත් ආබාධයකට ලක්ව සිටින Ravichandran Ashwin හට පූර්ණ සුවය ලබා ගැනීම සඳහා දින 45ක් පමණ වැය වේ යැයි නිර්දේශ කර ඇති නිසාවෙන් ඔහුට සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ.

ඔහු වෙනුවට, නිමා වූ IPL තරගාවලියේ දක්ෂතා සැලකිල්ලට ගනිමින් පා දඟපන්දු යවන ක්‍රීඩක Ravi Bishnoi පළමු වරට ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස සංචිතයට නම් කර තිබෙනවා.

ඔහුගේ සහයට, පසුගිය සැප්තැම්බර් මාසයේ දී ආබාධයක් නිසාවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් Kuldeep Yadav දඟපන්දු යැවීම බලගැන්වීමට සංචිතයට කැඳවා තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව Yuzvendra Chahal සහ Washington Sundar ද සංචිත දෙකේම දඟපන්දු යැවීම ශක්තිමත් කිරීමට කැඳවා තිබෙනවා.

එමෙන්ම මෑත කාලීනව දැක්වූ දක්ෂතා නිසාවෙන් Deepak Hooda එක්දින සංචිතය සඳහා ඇතුළත් කර ගැනීමට එරට තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

ප්‍රබල ඉන්දීය වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන Jasprit Bumrah සහ Mohammed Shami තරගාවලියෙන් විවේක ගන්වා තිබෙන අතර Bhuvneshwar Kumar විස්සයි විස්ස සංචිතයේ ස්ථානයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සඳහන් කර සිටියේ වමත් දඟපන්දු වන ක්‍රීඩක Axar Patel විස්සයි විස්ස සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන බවත්, Ravindra Jadeja තවමත් සිය දනහිසේ ආබාධයෙන් සුවය ලබා නොමැති නිසා තේරීම් සඳහා සලකා නොබැලූ බවයි. තවද, KL Rahul දෙවැනි එක්දින තරගයේ සිට කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වී සිටි Venkatesh Iyer සහ Ishan Kishan එක්දින සංචිතයෙන් ඉවත් කර තිබුනත්, විස්සයි විස්ස සංචිතය සඳහා ඔවුන් ඇතුළත් කර තිබෙනවා.

එක්දින සංචිතය: Rohit Sharma (නායක), KL Rahul (Vice-captain), Ruturaj Gaikwad, Shikhar Dhawan, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, Deepak Hooda, Rishabh Pant (Wicketkeeper), Deepak Chahar, Shardul Thakur, Yuzvendra Chahal, Kuldeep Yadav, Washington Sundar, Ravi Bishnoi, Mohammed Siraj, Prasidh Krishna, Avesh Khan

විස්සයි විස්ස සංචිතය: Rohit Sharma (Captain), KL Rahul (Vice-captain), Ishan Kishan, Virat Kohli, Shreyas Iyer, Suryakumar Yadav, Rishabh Pant (Wicketkeeper), Venkatesh Iyer, Deepak Chahar, Shardul Thakur, Ravi Bishnoi, Axar Patel, Yuzvendra Chahal, Washington Sundar, Mohammed Siraj, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel

තරග කාලසටහන:

Hindustan Time ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<