Roger Federer ඔලිම්පික් සටනින් ඉවතට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

792

ලෝක ටෙනිස් පිටියෙහි බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Roger Federer 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොවන බව නිවේදනය කර සිටියා.

දණහිසෙහි ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඔහු මෙලෙස ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව Twitter පණිවිඩයක් නිකුත් කරමින් Roger Federer තහවුරු කර තිබුණා.

“grass-court තරගාවලිය අතරතුර දී ඉතා අවාසනාවන්ත ලෙස මම දණහිසේ ආබාධයකට ලක් වුනා. ඒ නිසා මට ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමට සිදු වනවා. මම ඒ පිළිබඳව ඉතා කනගාටුවට පත්වෙනවා” යැයි එහි සඳහන්ව තිබුණා.

වසර ගණනාවක් ටෙනිස් පිටියේ සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ Roger Federer 2008 ඔලිම්පික් උළෙලේ දී යුගල රන් පදක්කම සහ 2012 ඔලිම්පික් උළෙලේ දී කේවල රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ආබාධයක් නිසාවෙන් 2016 ඔලිම්පික් උළෙල සඳහා ද සහභාගි වීමේ අවස්ථාව Roger Federer හට අහිමි වූ අතර ඔහු අවසාන වශයෙන් සහභාගී වූ පසුගිය මස පැවති Wimbledon තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී Hubert Hurkacz හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනා.

ඒ Roger Federer නිල වශයෙන් ඔලිම්පික් උළෙලෙන් ඉවත්ව ඇති අතර මේ වන විට 39 වැනි වියෙහි පසුවන ඔහුගේ අවසන් ඔලිම්පික් ගමන ද මෙලෙස අවසන් වනු ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<