කඩා වැටුණු BRC ඉනිම සම්පත්ගේ ශතකයෙන් යළි පණ ලබයි!

215

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තරග 3ක් අද (25) කොළඹ දී ආරම්භ විය. එහිදී බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරන අලංකාර අසංක සහ BRC කණ්ඩායම නියෝජනය කරන තිලකරත්න සම්පත් දිනයේ ශතකලාභීන් බවට පත්විය.

ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අති දැවැන්ත ඉනිමක්!

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා පිතිපෙළ ලකුණු 144කට දැවී ගිය බව ඔබ මේ

බදුරලිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේ දී අද ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුවර්ස් නායක ඉරෝෂ් සමරසූරිය සමත් විය. නමුත් ඔහු මුලින් පන්දු යැවීමට ගත් තීරණය සාර්ථක නොවූ අතර මුල් දිනය නිමා වන විට බදුරලිය පිළ කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා සිටියි. කෙසේ වෙතත් මුවර්ස් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ගේ මුල් කඩුලු 5 ලකුණු 134ක් තුල බිඳ හෙලූ අතර බදුරලිය කණ්ඩායමට වාසනාව ගෙන ආවේ ආරම්භක පිතිකරු අලංකාර අසංක සහ කෝසල කුලසේකර අතරේ ගොඩ නැගුණු නොබිඳුණු ලකුණු 191ක දැවැන්ත සබඳතාවයයි.

බදුරලිය කණ්ඩායමේ නායකත්වය ද හොබවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අසංක අද දෙවැනි පළමු පෙළ ශතකය වාර්තා කර ගැනීමට ද සමත් විය. ඒ නොදැවී ලකුණු 119ක් රැස්කර ගනිමිනි. පන්දු 284ක් වැයවුණු ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 11ක් ද අඩංගු විය. මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගිය මොහොතේ දක්ෂ මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව අකුරටම රඟ දැක්වූ කෝසල කුලසේකර අද දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 94ක් රැස් කරගෙන සිටියි. පන්දු 121ක් පමණක් වැයවුණු කෝසලගේ වේගවත් ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 325 (පන්දුවාර 90)

අලංකාර අසංක 119*, කෝසල කුලසේකර 94*, සාලින්ද උශාන් 41, නදීර නාවෙල 16, දෙනුවන් රාජකරුණා 15, අනුක් ප්‍රනාන්දු 2/40, ශිරාන් ප්‍රනාන්දු 2/58.


රාගම ක්‍රිකට් සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන බොහෝ තරගාවලිවල දී එකසේ දස්කම් පාන තිලකරත්න සම්පත් අද මෙම තරගය අතරතුරේ දී වටිනා ශතකයක හිමිකරුවෙකු බවට පත්විය. ඒ බිඳ වැටෙන්නට ගිය BRC ඉනිම සම්පත්ගේ ශතකයේ අනුහසින් නැවත පණ ලැබූ බැවිනි. ඔහු අද පන්දු 116කට මුහුණ දී ලකුණු 105ක් රැස්කර ගත්තේ හතරේ පහර 16කින් සහ හයේ පහර 3කින් තම ඉනිම වර්ණ ගන්වමිනි. සම්පත්ගේ මෙම ඉනිම නිසාම ලකුණු ලකුණු 128ට කඩුලු 6ක් බිඳ වැටුණු BRC ප්රථම ඉනිම ලකුණු 291ක් දක්වා වර්ධනය විය.

අද දිනය නිමා වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාගම ක්‍රිකට් සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 60ක් රැස් කරගෙන සිටියි. පන්දුවෙන් ද සාර්ථක වූ තිලකරත්න සම්පත් එම කඩුලු 3න් එකකට වග කියූ අතර විකුම් සංජය සහ දුවිඳු තිලකරත්න අතරේ ඉතිරි කඩුලු දෙක බෙදී ගියේය. අද කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය රාගම ක්‍රිකට් සමාජයට හිමි විය.

BRC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 65.5)

තිලකරත්න සම්පත් 105, හශේන් රාමනායක 40, විකුම් සංජය 37, භානුක රාජපක්ෂ 36, දේශාන් ඩයස් 30, කල්හාර සේනාරත්න 4/63, ජනිත් ලියනගේ 2/43, මොහොමඩ් අලි 2/45.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 60 (පන්දුවාර 22)

ශෙහාන් ප්‍රනාන්දු 28, සමීර ද සොයිසා 21, දුවිඳු තිලකරත්න 1/2 , විකුම් සංජය 1/20, තිලකරත්න සම්පත් /21.

තරගය වෙනස් කිරීමට ලැබුණු උඩපන්දුව ශ්‍රී ලංකාව අතින් ගිලිහෙයි!

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ අතපසුවීමක් නිසා අද රාත්‍රි ආහාරය දක්වා තරගයේ පාලනය තමන් අත තබා ගන්නට ඕස්ට්‍රේලියානු


මීගමුව ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ මුල් දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙමින් සිටින මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 274ක් ලබා සිටියි. මෙම ඉනිම අතරතුරේ දී මීගමුව කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් රැසක් හොඳ ආරම්භයක් ලබා ගත් එය විශාල ඉනිමක් බවට පරිවර්තනය කිරීමට දැරූ වෑයම අසාර්ථක වනු දැකගන්නට ලැබුණි. කෙසේ වෙතත් මෙයින් ගැලවුණු එකම පිතිකරුවා වන ප්‍රශංසන ජයමාන්න දිනය නිමා වන විට නොදැවී ලකුණු 73ක් රැස්කරගෙන සිටියි.

මීට අමතරව වමතින් පිත්ත හසුරුවන යොවුන් ක්‍රීඩක සහන් ආරච්චිගේ ද ලකුණු 69ක් ලබාගෙන ජයමාන්නගේ උත්සාහයට සවියක් විය. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක හශාන් විමර්ශන කඩුලු 3ක් බිඳ දැමූ අතර චානක කොමසාරු සහ චමින්ද බණ්ඩාර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මීගමුව ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 274 (පන්දුවාර 85.5)

ප්‍රශංසන ජයමාන්න 73*, සහන් ආරච්චිගේ 69, දිලශ්‍රී ලොකුබණ්ඩාර 33, ඇන්ජෙලෝ ජයසිංහ 31, හශාන් විමර්ශන 3/49, චානක කොමසාරු 2/56, චමින්ද බණ්ඩාර 2/89.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<