රීසා රග්බි පිටියට ආයුබෝවන් කියයි

125
Rizah Mubarak

ඔහු රග්බි පිටියේ දේහදාරීම ක්‍රීඩකයා නොවන්නට ඇත. නමුත් ඔහුගේ නිර්භීත හදවත ඒ සියල්ලටම වඩා ඉහළින් තිබුණි. ඒ නිසා ඔහු ශ්‍රී ලංකාවේ දක්ෂතම හා පරිපූර්ණම රග්බි ක්‍රීඩකයන් අතර ඉහලින්ම නම් දරා සිටි ක්‍රීඩකයෙකු බවට පත්විය. ඒ අන් කිසිවෙකුත් නොව රීසා මුබාරක් ය. 

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් පුරා දශකයකට වැඩි කාලයක් තම සේවය සැපයූ ඔහු දඬුවම් පහර, ප්‍රවර්තන පමණක් නොව උත්සාහක දිනුම් ද තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට කිසිදා අමතක නොවනු ඇත. 

ශ්‍රී ලංකාව බිහි කළ පරිපූර්ණ ක්‍රීඩකයෙකු ලෙස රීසා මුබාරක් හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. කොළඹ ඉසිපතන විද්‍යාලය, CR&FC කණ්ඩායම, පොලිස් කණ්ඩායම, හා හැව්ලොක් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ මේ අග්‍රගණ්‍ය Full-back ක්‍රීඩකයා රග්බි ක්‍රීඩාවට නිල වශයෙන් සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඔහුගේ අවසන් තරගාවලිය බවට පත්කරගනිමිනි. 

මෙවර ලීග් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු කිරීමට පසුගිය දා තීරණය කෙරිනි. 

ගෙවතු වගා අභියෝගයට එන රග්බි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම මුළුමහත් ලෝකය තුළම මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19

මෙවර ලීග් තරගාවලිය ආරම්භයේ දී එය ඔහුගේ අවසන් වසර බව රීසා පවසා තිබුණි. පසුගිය සතියේ පැවති ThePapare.com හි ‘what the ruck’ වැඩසටහන වෙත සහභාගි වෙමින් ඔහු තම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කළේ තම රසිකයින්ට සහ ශ්‍රී ලංකා රග්බි ප්‍රජාවට වචන කිහිපයක් ප්‍රකාශ කිරීමෙන් පසුව ය.  

ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාවෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟම මේ Full-back ක්‍රීඩකයා දිගටම පුහුණුකරුවෙකු ලෙස ක්‍රීඩාව තුල රැඳී සිටින අතර අනාගතයේ දී ගුණාත්මක ක්‍රීඩකයින් බිහි කිරීම ඔහුගේ බලාපොරොත්තුව වී ඇත. 

පළමු වරට පාපන්දු ක්‍රීඩාවෙන් ඉසිපතන විද්‍යාලය නියෝජනය කළ මුබාරක් 2005 දී රග්බි ක්‍රීඩාවට හඳුන්වා දෙනු ලැබුවේ පන්දුව ඉතා නිවැරදිව ස්ථානගත කිරීමේ හැකියාව නිසාවෙනි. ඉන් අනතුරුව එළඹි වසර දෙකක කාලය තුල ඉසිපතන රග්බි ක්‍රීඩාවේ සුක්කානම වූයේ මුබාරක් ය. 

පාසල් රග්බි ක්‍රීඩකයෙකු ලෙස අවසන් වසරේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායම හෙවත් Junior Tuskers කණ්ඩායම නියෝජනය කිරීමෙන් පසුව, රීසා CR&FC කණ්ඩායමේ රතු ජර්සිය පැලඳ සිය අන්තර් සමාජ ලීග් රග්බි ආගමනය සටහන් කළේය. CR&FC කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබා ගැනීමට ඔහු සමත් වූ අතර ඉදිරි සිව් වසර සඳහා ලෝන්ග්ඩන් පෙදෙස නිවහන බවට පත් කරගැනීමට ඔහුට ඉඩ ලැබුණි.

සුපිරි All Blacks ක්‍රීඩකයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ අගයක් ගැනීමත් සමඟම සමාජ දුරස්ථභාවය

පසුව 2013 දී ඔහු පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර ඉන් අනතුරුව නාවික හමුදා ක්‍රීඩා සමාජය ද නියෝජනය කළේය. 2017 වසරේ දී ඔහු හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙත පැමිණියේය. මේ වන විට කනිෂ්ඨ ක්‍රීඩකයන් බලා සිටි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අතර මුබාරක් ද විය. ඔහු ජාත්‍යන්තර තරගාවලි ගණනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ මෙන්ම පළපුරුදු ක්‍රීඩකයෙක් විය. 

ඔහුට, ජාතික කණ්ඩායම සමඟ කළ අමතක නොවන ගමනක් වූයේ 2012 දී Asia Five Nations තරගාවලියයි. ඊළඟ වසරේ දී 1 වන කාණ්ඩයේ Asia Five Nations තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් ඔහු එහි දී බලාපොරොත්තු තබාගත හැකි ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තේය. ඒ එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වෙමිනි. 

ඉන් අනතුරුව කාලයත් සමඟින් වඩාත් පරිණත වූ රීසා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය ද නිමා කළේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. 

ඔහු 2017 දී හැව්ලොක් ක්‍රීඩා සමාජයට එක්වූ අතර වසර 2ක් එම ක්‍රීඩා සමාජයේ පිටුපස පෙළේ ආධිපත්‍යය දැරීය. උත්සාහක දිනුම්, දඬුවම් පහර හා ප්‍රවර්තන සාර්ථක කරගනිමින් ජයග්‍රාහී හැව්ලොක් ගමනේ නියමුවා බවට පත්විය. ඔහු පසුගිය වසරේ දී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූ අතර වසර 7කට වැඩි කාලයක් ආශාවෙන් සිටි ඔහුගේ පළමු ‘ක්ලිෆර්ඩ් කුසලාන’ කුසලානය දිනා ගැනීමට ද සමත් විය.

රීසා මුබාරක් සෑම විටම ශ්‍රී ලංකා රග්බි තේරීම්කරුවන්ට ක්‍රීඩාවේ කෙටි හා දිගු ආකෘති දෙකෙහිම ස්ථාවර තේරීමක් විය.  කෙසේ වෙතත්, වසර 10කට වැඩි සමාජ, ජාතික සහ ජාත්‍යන්තර රග්බි අත්දැකීම් ඇති මුබාරක් තීරණය කර ඇත්තේ ඔහුගෙන් ක්‍රීඩාවට ඉටු විය යුතු සේවාව වෙනත් ආකාරයකින් ලබා දීමට කාලය එළඹ ඇති බවයි. 

කොළඹ රාජකීය විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කර ඇති රීසා දැනට ඉසිපතන විද්‍යාලයේ පසුපෙළ පුහුණුකරු ලෙස කටයුතු කරයි. මුබාරක් ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වීමත් සමඟින් ප්‍රමුඛ පුහුණුකරුවෙකු වීමට තම මාවත ගොඩනඟා ගැනීමටත්, ශ්‍රී ලංකා රග්බි සඳහා විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමටත් අපේක්ෂා කරයි.

නිරෝධායනය කඩකළ ෆීජි ක්‍රීඩකයන්ට වැඩ වරදී

මේ දිනවල මුළුමහත් ලෝකයටම තර්ජනයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19

ThePapare.com සමඟින් සම්බන්ධ වෙමින් මුබාරක් තම ක්‍රීඩා දිවිය පිළිබඳව අදහස් දක්වා සිටියේය. 

“ඔබ ජීවිතයේ කුමක් කළත් ඔබට ලැබී ඇති සියල්ලම දෙන්න. ඔබ එසේ කරන්නේ නැත්නම් නම් ඔබ සෑම කෙනෙකුගේම කාලය නාස්ති කරනවා. ක්‍රීඩාව භුක්ති විඳ නිහතමානීව සිටින්න.  ජයග්‍රහණ හෝ පරාජයන් මධ්‍යයේ ඔබ ඔබවම අහිමි කරගන්න එපා. අඛණ්ඩතාව තමයි හැමදේම. මම ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළාම මට තේරුණා වැදගත් වෙන්නේ මම දිනා ගත් කුසලාන නෙමෙයි මම ගොඩනගාගත් මිත්‍රත්වය කියලා. මේ හැමදේකටම ස්තූතියි රග්බි!”

ThePapare.com හි අපි සමස්ත රග්බි ප්‍රජාවම වෙනුවෙන් මුබාරක්ට ස්තූතිවන්ත වෙමු. ඔහුගේ රටට සහ රග්බි ක්‍රීඩාවට කළ සේවය අතිමහත්ය. ‍රග්බි ක්‍රීඩාවට විනෝදාස්වාදය, විනෝදය එක් කළ ක්‍රීඩකයෙක් ලෙස ඔබ සැමදා මෙරට රග්බි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුල මතකයේ රැඳෙනු ඇත. අපි ThePapare.com ඔබගේ සියලු අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවායි ප්‍රාර්ථනය කරන්නෙමු. 

ස්තූතියි රීසා!

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<