Home Sinhala ආදරවන්තයින්ගේ සටන නිමයි; වැඩි ගෞරවය රිච්මන්ඩ් සතු වෙයි

ආදරවන්තයින්ගේ සටන නිමයි; වැඩි ගෞරවය රිච්මන්ඩ් සතු වෙයි

117 වැනි ආදරවන්තයින්ගේ සටන

1634

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ  මහින්ද විද්‍යාලය අතර පැවති 117 වැනි ආදරවන්තයින්ගේ මහා සටන අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

කෙසේ නමුත් මේ තරගයේ වැඩි වාසිය සහ වැඩි ගෞරවය දිනා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් වුනා. තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 106ක් පසුපසින් සිටිමින්.

මහින්ද පළමු ඉනිම තුල ගොඩනැංවුණු හොඳම සබඳතාවය වාර්තා කළ හිරුණ මන්දිල සහ දිනුර කළුපහන 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවූවා. නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 42ක් තුල බිඳ දැමීමට නාලක ජයවර්ධන සහ ශාරෝන් අභිෂේක් ඇතුළු රිච්මන්ඩ් ක්‍රීඩකයින් සමත් වීමත් සමඟ මහින්ද පළමු ඉනිම ලකුණු 128කට සීමා කිරීමට රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී මහින්ද පිතිකරුවන් හොඳින් පාලනය කළ නාලක සහ ශාරෝන් යන රිච්මන්ඩ් දඟපන්දු යවන්නන් දෙදෙනා පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 46ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ රිච්මන්ඩ් පළමු කඩුලු 3 ලකුණු 36ක් තුල දවා ගැනීමට මහින්ද ක්‍රීඩකයින් සමත් වුනා. අනතුරුව නායක භානුක මනෝහර සමඟ පිටියේ එක්වුණු කඩුලු රකින පිතිකරු ජනෙත් කෞෂාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවයක් ගොඩනංවමින් රිච්මන්ඩ් ලකුණු සටහනට යම් අස්වැසිල්ලක් වුනා.

මහීෂ් වෙත්මින් පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව ලකුණු 30ක් ලබාගෙන රිච්මන්ඩ් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට නායක භානුක ලකුණු 27කට දැවී ගියා. අවසානයේ දී ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිය දෙවැනි ඉනිම අත්හිටවූයේ ලකුණු 164ක ඉලක්කයක් මහින්ද විද්‍යාලයට ලබා දෙමින්.

මහින්ද විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක හිරුණ මන්දිල ලකුණු 21කට කඩුලු 4ක් දවාගෙන රිච්මන්ඩ් දෙවන ඉනිම පාලනය කිරීමට සහය වුනා.

සිය පිළිතුරු දෙවැනි ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය පන්දුවාර 11කුත් පන්දු 3ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 12ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඉන් අනතුරුව තරගය නැවතත් ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව 117 වැනි ආදරවන්තයින්ගේ සටන 64 වැනි වරටත් ජය පරාජයෙන් තොරව නිමා වුනා. තරග ඉතිහාසය තුල රිච්මන්ඩ් විද්‍යාලය තරග 24ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මහින්ද විද්‍යාලය තරග 23ක ජය තහවුරු කරගෙනවා. ඊට අමතරව තවත් තරග 6ක් ප්‍රතිඵලයක් රහිතව නිමාවට පත්ව තිබෙනවා.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 174 (60.4): තරින්ද නිර්මාල් 67, භානුක මනෝහර 37, ශෙහාන් හසරංග 3/53, ධනුජ ඉඳුවර 2/23, දිනුර කළුපහන 2/27.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 128 (59.1): හිරුණ මන්දිල 39, දිනුර කළුපහන 37, ප්‍රමේෂ් මදුභාෂණ 22, නාලක ජයවර්ධන 4/19, ශාරෝන් අභිශේක් 3/38.

රිච්මන්ඩ් විද්‍යාල දෙවැනි ඉනිම – 117/7d (37.3): මහීෂ් වෙත්මින් 30, භානුක මනෝහර 27, හිරුන මන්දිල 4/21.

මහින්ද විද්‍යාල දෙවැනි ඉනිම – 12/0 (11.3):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Richmond College
174/10 (60.4) & 117/7 (37.3)

Mahinda College
128/10 (51.1) & 12/0 (11.3)

Batsmen R B 4s 6s SR
Vishara Fernando c Danuja Induwara b Shehan Hasaranga 7 17 0 0 41.18
Tharindu Nirmal c Chandupa De Silva b Shehan Hasaranga 67 135 0 0 49.63
Thamindu Pradeeptha c Tharusha Dilshan b Dinura Kalupahana 1 17 0 0 5.88
Bhanuka Manohara c Chandupa De Silva b Shehan Hasaranga 34 64 0 0 53.12
Janeth Kaushal lbw b Dinura Kalupahana 10 25 0 0 40.00
Malsha Tharupathi c Kushan Madusha b Danuja Induwara 14 24 0 0 58.33
Maheesha Vethmin run out (Pramesh Madubashana) 5 14 0 0 35.71
Hansamana De Silva run out (Dinura Kalupahana) 15 27 0 0 55.56
Kalpa Nethsara lbw b Kushan Madusha 0 5 0 0 0.00
Sharon Abhishek not out 12 34 0 0 35.29
Nalaka Jayawardana c Hiruna Mandila b Danuja Induwara 1 2 0 0 50.00


Extras 8 (b 1 , lb 2 , nb 0, w 5, pen 0)
Total 174/10 (60.4 Overs, RR: 2.87)
Bowling O M R W Econ
Dinura Kalupahana 11.2 2 27 2 2.41
Shehan Hasaranga 16.4 0 53 3.23
Danuja Induwara 7.5 1 23 2 3.07
Tharusha Dilshan 3.5 1 12 0 3.43
Kaveen Rukshan 7 2 21 0 3.00
Hiruna Mandila 2 0 10 0 5.00
Kushan Madusha 11 4 25 1 2.27
Ranmina Hettiarachchi 1 1 0 0 0.00
Batsmen R B 4s 6s SR
Hareen Achintha b Hansamana De Silva 3 10 0 0 30.00
Pramesh Madubashana c Janeth Kaushal b Nalaka Jayawardana 22 45 0 0 48.89
Dinura Kalupahana lbw b Malsha Tharupathi 37 97 0 0 38.14
Danuja Induwara c Hansamana De Silva b Nalaka Jayawardana 3 13 0 0 23.08
Chandupa De Silva c Hansamana De Silva b Sharon Abhishek 1 15 0 0 6.67
Tharusha Dilshan c & b Sharon Abhishek 0 3 0 0 0.00
Hiruna Mandila c Bhanuka Manohara b Nalaka Jayawardana 39 96 0 0 40.62
Ranmina Hettiarachchi c Hansamana De Silva b Sharon Abhishek 0 6 0 0 0.00
Shehan Hasaranga lbw b 9 22 0 0 40.91
Kushan Madusha run out () 1 4 0 0 25.00


Extras 13 (b 5 , lb 1 , nb 7, w 0, pen 0)
Total 128/10 (51.1 Overs, RR: 2.5)
Bowling O M R W Econ
Kalpa Nethsara 5 1 7 0 1.40
Hansamana De Silva 5 1 15 1 3.00
Tharindu Nirmal 4 0 19 0 4.75
Nalaka Jayawardana 18.1 7 19 4 1.05
Sharon Abhishek 14 0 38 3 2.71
Malsha Tharupathi 5 0 24 1 4.80
Batsmen R B 4s 6s SR
Vishara Fernando c Pramesh Madubashana b Danuja Induwara 5 8 0 0 62.50
Tharindu Nirmal c Chandupa De Silva b Kushan Madusha 13 21 0 0 61.90
Thamindu Pradeeptha c Hareen Achintha b Tharusha Dilshan 8 25 0 0 32.00
Bhanuka Manohara lbw b Hiruna Mandila 27 35 0 0 77.14
Janeth Kaushal c Hareen Achintha b Hiruna Mandila 11 42 0 0 26.19
Maheesha Vethmin not out 30 41 0 0 73.17
Malsha Tharupathi c Tharusha Dilshan b Hiruna Mandila 1 4 0 0 25.00
Hansamana De Silva lbw b Hiruna Mandila 10 28 0 0 35.71
Sharon Abhishek not out 3 21 0 0 14.29


Extras 9 (b 4 , lb 3 , nb 0, w 2, pen 0)
Total 117/7 (37.3 Overs, RR: 3.12)
Bowling O M R W Econ
Shehan Hasaranga 14 4 22 0 1.57
Dinura Kalupahana 5 0 17 0 3.40
Danuja Induwara 1 0 9 1 9.00
Kushan Madusha 9 0 39 1 4.33
Tharusha Dilshan 1 0 2 1 2.00
Hiruna Mandila 7.3 2 21 4 2.88


Batsmen R B 4s 6s SR
Danuja Induwara not out 9 32 0 0 28.12
Pramesh Madubashana not out 3 37 0 0 8.11


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 12/0 (11.3 Overs, RR: 1.04)
Bowling O M R W Econ
Tharindu Nirmal 5 2 4 0 0.80
Nalaka Jayawardana 5.3 4 4 0 0.75
Malsha Tharupathi 1 0 4 0 4.00