දශකයේ දක්ෂතම රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නම් කෙරේ

ලෝක රග්බි සම්මාන උළෙල - විශේෂ අදියර

172

Richie McCaw හා Jessy Trémoulière ලෝක රග්බි දශකයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙනවා. ඒ Tudor අනුග්‍රහයෙන් පැවැත්වුණු ලෝක රග්බි සම්මාන උළෙලේ විශේෂ අදියරක දී.

රග්බි ලෝක කුසලාන දෙකක හිමිකරුවෙකු වන McCaw හා සුපිරි ප්‍රංශ ක්‍රීඩිකාවක් වන Trémoulière ජනතා මනාපයෙන් 2010-2019 දශකයේ රග්බි ක්‍රීඩකයා හා රග්බි ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමි කර ගත්තා.

මේ අතර Portia Woodman සම්මාන දෙකක් දිනා ගත් අතර “දශකයේ සත් සාමාජික රග්බි ක්‍රීඩිකාව” සම්මානය ඇයට හිමි වුනා. ඒ අතරම “දශකයේ කාන්තා රග්බි උත්සාහක දිනුම” සම්මානය ද ඇයට හිමි වුනා.

ඔලිම්පික් රන් පදක්කම් ලාභී Jerry Tuwai, දශකයේ සත් සාමාජික රග්බි ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගද්දී “දශකයේ රග්බි උත්සාහක දිනුම” සම්මානය දිනා ගත්තේ Jamie Heaslip. 

නවසීලන්ත රග්බි නායක McCaw හා Portia Woodman, ලෝක රග්බි “දශකයේ කණ්ඩායම්” වලට ද නම් කර තිබීම විශේෂත්වයක්.

“මේ වගේ සම්මානයක් ලැබීම ගැන මම නිහතමානී සතුටක් ලබනවා” 2011 හා 2015 රග්බි ලෝක කුසලානය දිනූ McCaw පවසා සිටියා. “අපි කණ්ඩායම් ක්‍රීඩාවක් ක්‍රීඩා කරනකොට සාර්ථක වෙන්න නම් ඔබේ කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයින් ඉන්න ඕනේ. ඉතින් මම හිතනවා මම ගොඩක් වාසනාවන්ත වුනා කියලා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්තයි මොකද මම දශකයෙන් භාගයයි ක්‍රීඩා කළේ.”

තමන් දිනූ සම්මාන ද්විත්වය ගැන නවසීලන්ත ක්‍රීඩිකා Woodman මෙසේ අදහස් දක්වා තිබුණා. “ක්‍රීඩිකාවන් ගොඩක් මහන්සි වෙනවා. ඔවුන් ගොඩක් කැපවීම් කරනවා ඔවුන්ගේ ජිවිත කාලය පුරා.”

තවත් රග්බි පුවත්:

“වසර නවයක් පුරා ක්‍රීඩා කළ නිසා, ඔබට උපන්දින මගහැරෙනවා. ඔබට tangi උත්සව මග හැරෙනවා, ඔබට ඔබේ පවුල මග හැරෙනවා. නමුත් එය අපි කරන කැපවීමක් නොවේ. අපි කරන තෝරා ගැනීමක්. මොකද අපිට අපේ සිහිනය සැබෑ කරගන්න ඕනේ නිසා.”

ලෝක රග්බි දශකයේ කාන්තා කණ්ඩායමට තෝරා ගත් නවසීලන්ත Black Ferns ක්‍රීඩිකාවන් හය දෙනාගෙන් කෙනෙකු වීමටත් Woodman වාසනාව හිමි කර ගත්තා. එම කණ්ඩායමට Black Ferns ක්‍රීඩිකාවන් වන Fiao’o Faamausili, Eloise Blackwell, Linda Itunu, Kendra Cocksedge හා Kelly Brazier ද ඇතුළත්. 

McCaw ඇතුළුව All Blacks ක්‍රීඩකයින් හතක් දශකයේ රග්බි කණ්ඩායමට නම් කර තිබුණා. Owen Franks, Brodie Retallick හා Sam Whitelock ඉදිරිපෙළ ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට නම් කර තිබුණු අතර Dan Carter, Ma’a Nonu හා Ben Smith පසුපෙළ ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට නම් කර තිබුණා. 

දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් වන Tendai Mtawarira, Bismarck du Plessis හා Bryan Habana ද එම කණ්ඩායමට නම් කර තිබුණු අතර Conor Murray හා Brian O’Driscoll අයර්ලන්තය නියෝජනය කරමින් කණ්ඩායමට නම් කෙරුණා. ඕස්ට්‍රේලියාවේ David Pocock, ඉතාලියේ Sergio Parisse හා වේල්සයේ George North කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්.

COVID-19 වසංගතය අතරතුර ජනතාවට කළ සේවය වෙනුවෙන් ඉතාලි ක්‍රීඩක Maxime Mbandà, වේල්ස් ක්‍රීඩක Jamie Roberts, කැනඩා සත් සාමාජික ක්‍රීඩක Pamphinette Buisa හා දකුණු අප්‍රිකානු ලෝක ශූර Siya Kolisi ඇගයීමට පාත්‍ර වුනා.

World Rugby ඇසුරින්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<