BMS කණ්ඩායමට පරාජයක්

533
BMS

රෙඩ් බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම (BMS)  සහභාගී වූ තරග 2න් පිට පිටම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවත්, NCC ක්‍රීඩා පිටියේදි අද පැවති තෙවැනි තරගයේදි පකිස්තාන් මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලය (UOCP) හමුවේ කඩුලු 05කින් ඔවුන් පරාජයට පත්විය.

පසුගිය ලිපි: ශතකයක් සමගින් ජය BMS කණ්ඩායමට

තරගයේ කාසියේ වාසිය දිනාගත් පකිස්තාන් ක්‍රීඩකයෝ පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදි. ඒ අනුව පිටියට පිවිසි BMS ක්‍රීඩකයින්ගේ මුල් කඩුලු ද්විත්වය දැවී ගියේ ලකුණු ලකුණු 14කටයි. ඒ අාරම්භක පිතිකරු වූ නිරෝෂන් දික්වැල්ල සහ තෙවැනි පිතිකරු වු භානුක රාජපක්ෂයි. එහිදි දික්වැල්ල ලකුණු 02කටත්, රාජපක්ෂ ලකුණු නොලබාත් දැවී යන ලදි.

තරගයේ දෙවැන්නා ලෙස පිටියට පිවිසි ගේෂාන් විමලධර්ම ලකුණු 16ක් ලබා දැවී ගියේ මොහොමඩ් මුහ්සීන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීම නිසාවෙනි. තරගයේ යම්කිසි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වූයේ ශෙහාන් ජයසූරිය පිටියට පැමිනීමෙන් අනතුරුවයි. එහිදි දැවැන්ත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37කදි 4 පහර 5ක් සහ 6 පහර 3ක් සමඟින් ලකුණු 53ක් ඔහු විසින් ලබා ගන්නා ලදි. කෙසේ නමුත් ඔහුගේ ඉණිමට නැවතීමේ තිත තැබුවේ අලී සුල්තාන් විසිනි. සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලකුණු පුවරුව 108/4 ක් ලෙස දැක්විය.

ජනිත් ලියනගේ විසින් ලකුණ 26ක් ලබා ගත් අතර ඊට 4 පහර 2ක් පමණක් අැතුලත් විය. තරගයේ නියමිත පන්දුවාර 20 නිමාවන විට ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලෙස සටහන්ව තිබුනි.

ඡායාරූප ඇල්බමය

දෙවැනි ඉණිම අාරම්භ කිරීමට පිටියට පිවිසි පකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස තයාබ් තහීර් දවා ගැනීමට දිනුක් වික්‍රමනායක සමත් විය. තහීර් ලබා ගත්තේ එක් ලකුණක් පමණි.

අර්ධ ශතකයක් වාර්තා කරමින් පකිස්තානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ජුනයිඩ් අලී ය. ඔහු විසින් ලකුණු 69ක් වාර්තා කලේ පන්දු 43කිනි. ඊට 4 පහර 7ක් සහ අනර්ඝ 6 පහර 3ක් අන්තර්ගත විය. කෙසේ වුවත් සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දවාගත්තේ ශෙහාන් ජයසූරිය විසිනි. ඒ වන විට ලකුණු තත්වය 135/4ක් ලෙස දැක්විය.

පකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් මුහ්සීන් විසින් ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඔහු විසින් නොදැවී ලකුණු 54*ක් රැස් කර ගත් අතර ඊට 4 පහර 5කුත් 6 පහර 2කුත් අැතුලත් විය.

කෙසේ නමුත් තරගාවලියේ පන්දුවාර 18යි පන්දු 5කදි BMS අභියෝගය හඹා ගිය මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලීය කණ්ඩායම, කඩුලු 5ක් දැවී ලකුණු 171ක් වාර්තා කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

BMS – 170/9 | ශෙහාන් ජයසූරිය 53, ජනිත් ලියනගේ 26, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 23, ශේහාන් විමලධර්ම 16, චාමික කරුණාරත්න 16*, හයිඩර් අලී 4/34, අෆ්තාබ් අස්වෙර් 2/39.

UOCP – 171/5 | ජුනයිඩ් අලී 69, මොහොමඩ් මුහ්සීන් 54*, උස්මා ක්හලීඩ් 10, ශෙහාන් ජයසූරිය 2/31, රනිත ලියනාරච්චි 1/12.

තරග විනිසුරුවරුන් – චමින්ද හතුරුසිංහ, කේ. කේ. ජයවීර
තරගයේ වීරයා – මොහොමඩ් මුහ්සීන්

කඩුලු 05කින් ජය පකිස්තාන් මධ්යම පංජාබ් විශ්ව විද්යාලයට


තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග ලබන සෙනසුරාදා (10) පැවැත්වෙන අතර එහිදි BMS කණ්ඩායම, ප්‍රිටෝරියා විශ්ව විද්‍යාල කණ්ඩායම සමඟත් ලිබරල් කලා විශ්ව විද්‍යාල කණ්ඩායම, පකිස්තාන් මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාල කණ්ඩායම සමඟත් තරග වදිනු අැත.

අද පැවති අනෙක් තරග පිළිබඳ තොරතුර

සිඩ්නි විශ්ව විද්යාලය සහ ලාෆ්බොරෝ විශ්ව විද්යාලය අතර තරගය (SSC)
ලකුණු 44කින් ජය ලාෆ්බොරෝ විශ්ව විද්යාලයට
සිඩ්නි විශ්ව විද්යාලය – 167/8
ලාෆ්බොරෝ විශ්ව විද්යාලය – 211/4
තරගයේ වීරයා – මයිකල් බර්ගස්

බංගලාදේශ් ලිබරල් කලා විශ්ව විද්යාලය සහ ප්රිටෝරියා විශ්ව විද්යාලය අතර තරගය (SSC)
එක් කඩුල්ලකින් ජයග්රහණය ලිබරල් කලා විශ්ව විද්යාලයට
ප්රිටෝරියා විශ්ව විද්යාලය – 152/9
ලිබරල් කලා විශ්ව විද්යාලය – 153/9
තරගයේ වීරයා – අවිශේක් මිට්රා

ඩුබායි හෙරිඔට් වොට් විශ්ව විද්යාලය සහ මරත්වඩ මිට්රා මන්ඩල් විශ්ව විද්යාලය අතර තරගය (NCC)
ලකුණු 33කින් ජය හෙරිඔට් වොට් විශ්ව විද්යාලයට
මරත්වඩ මිට්රා මන්ඩල් විශ්ව විද්යාලය – 119/10
හෙරිඔට් වොට් විශ්ව විද්යාලය – 142/7
තරගයේ වීරයා – චිරාන්ග් සූරී

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට