ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තරඟය උණුසුම් කරමින් ජය ලබයි

368
CRICKET-RSA-AUS-T20

දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර 2වන T20 තරඟය ජොහැන්ස්බර්ග් හීදී පැවැත්විණි. කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගල වන බෙන්ජමින් ඩිවිලියස් හා කුවින්ටන් ඩී කොක් ගේ ආරම්භක සබඳතාව ලකුණු 15 කට සීමා කරමින් බෙන්ජමින් ඩිවිලියස් පන්දු 9කදී  ලකුණු 13 ක් ලබා සිටියදී දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ෆා ඩියු පෙලෙසිස් සමඟ එක්වූ කුවින්ටන් ඩී කොක් ලකුණු 62 ක වේගවත් සබඳතාවක් දෙවන කඩුල්ල සදහා ගොඩනැගු අතර එහි නිමාව පන්දු 28 කදී වේගවත් ලකුණු 44 ගැනීමට 4 පහරවල් 8 ක් හා එක් 6 පහරක් එල්ල කල කුවින්ටන් ඩි කොක් දැවී යාමත් සමඟ සිදු විය. පන්දුවාර 10 ක් තුල කඩුළු 2ක් දැවී ලකුණු 87 ක් ලබා ගෙන සිටින ලදි. 3 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 26 කට සීමා කරමින් ජොන් පෝල් ඩුමිනි ලකුණු 12 කට දැවී යන ලදි. සිව් වන කඩුල්ල සඳහා ද වේගවත් ලකුණු 39 ක සබඳතාවක් ගොඩනැගුණු අතර ඒ වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව පන්දුවාර 16 කට කඩුළු 4 ක් දැවී ලකුණු 147 ක් ලෙස සටහන් ව තිබිණි.

CRICKET-RSA-AUS-T20

ඩේවිඩ් මිලර් පන්දු 18 කදී 6පහරවල් 2ක් හා 4පහරවල්2 එල්ල කර ලකුණු 33 කට දැවී යන ලදි. ෆර්හාන් බෙහාර්ඩින් හා හෙන්රි මොරිස් ලකුණු 5 කින් දායකත්වය ලබා දුන් අතර, කණ්ඩායම් නායක ෆා ඩියු පෙලෙසිස් පන්දු 41 කදී දැවැන්ත 6 පහරවල් 5 ක් හා වර්ණවත් 4 පහරවල් 5 ක් එල්ල කරමින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය. ඔහු දැවී යන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුළු 7ක් දැවී ලකුණු 198 ලබා සිටි අතර පන්දුවාර 20 නිමා වුයේ ලකුණු 204 කට කඩුළු 7ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරමිනි. නොදැවී පන්දුවට පහරදුන් ඩේවිඩ් වයිස් පන්දු 3 කදී ලකුණු 10 ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් ෆෝල්කනර් පන්දුවාර 4 කදී ලකුණු 28 කට කඩුළු 3 ක්ද, ජෝන් හැස්ටින් පන්දුවාර 4කදී ලකුණු 42 කට කඩුළු 2 ක්ද, චාල්ස් අගාර් පන්දුවාර 2 කදී ලකුණු 25 කට එක් කඩුල්ලක්ද, මි‍චෙල් මාෂ් පන්දුවාර 2 කදී ලකුණු 28 කට එක් කඩුල්ලක්ද දවාලීමට සමත් විය.

ලකුණු 205 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක සබඳතාව ලකුණු 2 කට සීමා කරමින් ආරෝන් ෆින්ච් ලකුණු 2 කට දැවී යන ලදි. අනතුරුව පැමිණි ස්ටීව් ස්මිත් ශේන් වොට්සන් හා එකව ලකුණු 26 ක සබඳතාවක් ගොඩනැගු අතර එය නිමා කරමින් ස්ටීව් ස්මිත් පන්දු 15 කට 4 පහරවල් 2ක් හා එක් 6 පහරක්ද සමගින් ලකුණු 19 ක් ලබා සිටියදී දැවී යන ලදි .පන්දුවාර 6 ක් නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 36 ක් ලබා ඉතා අසීරු තත්ත්වයට පත්ව සිටියහ. නමුත් අනතුරුව පිටියට එක්වු ඩේවිඩ් වෝනර් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 161 ක දැවැන්ත සබඳතාවක් එක් කරමින් ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු ගොඩ නැගු අතර පන්දුවාර 14 ක් නිමා වන විට කඩුළු 3 ක් දැවී ලකුණු 131 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 4 වන කඩුල්ල ලෙස පන්දු 43  කදී ‍වේගවත් ලකුණු 75 ක් ගැනීමට 4 පහරවල් 7 ක් හා 6 පහරවල් 3ක් එල්ල කර අතර, ඔහු දැවී යනවාත් සමගම ඩේවිඩ් වෝනර් වර්ණවත් 4 පහරවල් 6 ක් හා දැවැන්ත 6 පහරවල් 5 ක් එල්ල කරමින් පන්දු 40 කදී ලකුණු 77 ක් ලබා සිටියදී 5 වනකඩුල්ල ලෙස දැවී යන ලදි. එවිට ලකුණු පුවරුව කඩුළු 5 කට ලකුණු 194 ක් ලෙස සටහන්ව තිබුණේ තරඟයේ උණුසුම වැඩි කරමිනි. අවසාන පන්දුවට ලකුණු 2 ක් ලබා ගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟය ජයග්‍රහණය කල අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 205 ලබා තරඟය කඩුළු 5 කින් ජයග්‍රහණය කල අතර තරඟාවලිය 1-1 ක් ලෙස ද සම කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කැගිසෝ රබ්බඩා පන්දුවාර 4 කදී  ලකුණු 28 කට කඩුළු 2ක්ද, ඩේල් ස්ටේන් පන්දුවාර 4 කදී ලකුණු 39 ට කඩුළු 2ක් ද, හෙන්රි මොරිස් පන්දුවාර 4 කදී ලකුණු 39 ට එක් කඩුල්ලක්ද ලබා ගන්නා ලදි.

තරඟයේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනාගත් අතර දෙරට අතර මීළඟ තරඟය ලබන 9 වැනිදා කේප්ටවුන් හිදී පැවැත්වීමට නියමිතය.