ගෙවුනු දවස පෙබරවාරි 12 – යුධ හමුදාවට ගුවනින් ප්‍රහාරයක්

625
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

   ක්‍රිකට්   

සහිරාවන්ට විශිෂ්ට ජයක්

sajith sameera

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහිරා විද්‍යාලය හා අනුරාධපුර මැදි විදුහල අතර තරගය 11 වැනිදා කොළඹ සහිරා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, ඊයේ (12) අවසන් වූ මෙම තරගයෙන් ලකුණු 244ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සහිරා විද්‍යාලයට හැකි විය.

.

සවිස්තර වාර්තාව: සජිත් හා නජිත් සහිරා විද්‍යාලයට ජය ගෙන එයි


තුන්දින පුහුණු තරගයේ ප්‍රථම දිනය

Sri Lanka Sports News

ජාත්‍යන්තර තරග අත්දැකීම් අතින් අඩු වූවත් දේශීය පිටියේ මනා පළපුරුද්දක් සහිත ක්‍රීඩකයින් රැසකින් සමන්විත ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට ඊයේ (12) සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හමුවේ සාර්ථක වීමට හැකි වූයේ නැත. නුදුරේදීම ඇරඹීමට නියමිත නිල නොවන ටෙස්ට් සහ එක්දින තරගාවලි සඳහා පෙර සූදානමක් වශයෙන් පැවැත්වෙන මෙම තුන්දින පුහුණු තරගයේ ප්‍රථම දිනය ඊයේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 53.3): රොන් චන්ද්‍රගුප්ත 48, ඩිලාන් ජයලත් 26, තරිඳු කෞෂාල් 18*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 11, කසුන් මධුශංක 10, තෝමස් හෙල්ම් 3/18, තෝමස් කුරාන් 2/23, ක්‍රේග් ඕවර්ටන් 2/31.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 168 (පන්දුවාර 39): තෝමස් වෙස්ට්ලි 65*, ලියාම් ලිවින්ග්ස්ටන් 61*, කීතන් ජෙනින්ග්ස් 13, තෝමස් අල්සොප් 13, විමුක්ති පෙරේරා 2/15, නිසල තාරක 1/36, මලින්ද පුෂ්පකුමාර 1/41.

සවිස්තර තරග වාර්තාව: දේශීය පිටියේ ප්‍රමුඛයින්ට එංගලන්ත සිංහයින්ගෙන් රතු එළියක්


  පාපන්දු  

සොලිඩ් 00 – 02 බ්ලූ ස්ටාර්

Sri Lanka Sports News

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 5 වැනි සතියේ දෙවැනි තරගය සුපුරුදු පරිදි කැලණිය ක්‍රීඩා පිටියේ දී නිමාව දුටුවේ ගෝල 02-00ක් ලෙස බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට ජය හිමිකර දෙමිනි.

වාර්තා වූ ගෝල ද්විත්වයටම හිමිකම් කීවේ බ්ලූ ස්ටාර් ක්‍රීඩක මොහොමඩ් ෆර්සීන් ය. තරගයේ ප්‍රථම අර්ධයේ 26 වැනි මිනිත්තුවේ දී එක් ගෝලයක් ද අනෙක තරගයේ 87 වැනි මිනිත්තුවේ දී ද වාර්තා විය.

  • ප්‍රථම අර්ධය: සොලිඩ් 00 – 01 බ්ලූ ස්ටාර්
  • අවසන් ලකුණු: සොලිඩ් 00 – 02 බ්ලූ ස්ටාර්
  • ThePapare.com තරගයේ වීරයා: ඉඩුවෝ හමීඩ් (බ්ලූ ස්ටාර්)

සවිස්තර තරග වාර්තාව බලාපොරොත්තු වන්න


   රග්බි   

හැව්ලොක් දෙවැනි තැනට

Havelock SC

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ අවසන් සතියේ අවසන් තරග ද්විත්ව ඊයේ (12) පැවැත්විය. එහි දී එක් තරගයක් නාවික හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම අතරත් අනෙක යුධ හමුදාව සහ ගුවන් හමුදාව අතරත් පැවැත්විය.

නාවිකයෝ 36-28ක් ලෙස පරාජය කල හැව්ලොක් ක්‍රීඩකයෝ තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගත් අතර පැවති අනෙක් තරගයෙන් යුධ හමුදාව ලකුණු 26-43ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගත්තේ ගුවන් හමුදාව විසිනි.

හැව්ලොක් සහ නාවික හමුදාව

  • ප්‍රථම අර්ධය: නාවික හමුදාව 13 – 17 හැව්ලොක්
  • අවසන් ලකුණු: නාවික හමුදාව 28 – 36 හැව්ලොක්
  • ThePapare.com තරගයේ වීරයා: දුශ්මන්ත ප්‍රියදර්ශණ (හැව්ලොක්)

යුධ හමුදාව සහ ගුවන් හමුදාව

  • ප්‍රථම අර්ධය: ගුවන් හමුදාව 24 – 12 යුධ හමුදාව
  • අවසන් ලකුණු: ගුවන් හමුදාව 43 – 26 යුධ හමුදාව
  • ThePapare.com තරගයේ වීරයා: රුමේෂ් රාම්දාස් (ගුවන් හමුදාව)

සවිස්තර වාර්තාවන් සඳහා පිවිසෙන්න

දිනයක අවසානය