6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (28) කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.
ඉන්දීය නායකයාගෙන් ශතකයක්
6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (27) කොළඹ..
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී පාකිස්තාන ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඔවුන් එම ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 142ක් රැස් කළහ. පිළිතුරු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේ ය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ අවසන් පන්දුවේ දී දවා ගැනීමට ප්‍රමෝද් මධුශාන් සමත් වූයේ චාමික කරුණාරත්න විසින් රැක ගන්නා ලද උඩ පන්දුව නිසා ය. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ආරම්භයක් වූව ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුරාම් ශාෂාඩ් සහ අර්සලාන් ෆර්ෂන්ඩ් ගොඩ නැගූ ලකුණු 90ක සබඳතාව පාකිස්තානයේ යළි නැගී සිටීමක් විය.
කුරාම් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර අර්සලාන් පන්දු 43කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය.
ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් පාකිස්තාන ලකුණු පුවරුව 122ක් වෙද්දී අර්සලාන්ගේ අර්ධ ශතක ඉනිම නිමා කිරීමට ජනිත් ලියනගේ සමත් විය. එම පන්දු වාරයේ දී ම නැවත වතාවක් ක්‍රියාත්මක වූ ජනිත් තවත් කඩුල්ලක් දවා ගත්තේ ය. ඊට පසුව ඉනිමේ 19 වැනි පන්දු වාරයේ දී චාමික කරුණාරත්න ද කඩුලු 2ක් දවා ගනිමින් පාකිස්තාන ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු ලකුණු 148ක සිර කර තබන ලදි.
පාකිස්තාන ඉනිමේ එම ක්‍රීඩකයන්ට අමතර ව අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැත. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.
ඊට අමතරව ජනිත් ලියනගේ ද ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තේ ය. අනෙකුත් කඩුලු ප්‍රමෝද් මධුශාන් සහ කොෂාන් දනුශ්ක අතර එක බැගින් බෙදී ගියේ ය.
ලකුණු 143ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ලකුණු වාර්තා කළහ.
ඉනිම ආරම්භ කළ මධුශාන් රවිචන්ද්‍රකුමාර් පළමු පන්දු වාරයේ පළමු පන්දුවේ දී ම තම කඩුල්ල අහිමි කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අවදානමට ඇද දැමුණි. නමුත් ඉන් අනතුරුව පාකිස්තාන ඉනිම සේ ම ශ්‍රී ලංකා ඉනිමේ ද බලාපොරොත්තු සහගත ලකුණු සබඳතාව වූයේ දෙවැනි කඩුල්ලයි. එහි දී හෂාන් දුමිඳු සහ පසිඳු ලක්ශංක ලකුණු 80ක සබඳතාවක් ගොඩ නැගූහ.
හෂාන් පන්දු 32කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී තම ඉනිම අහිමි කර ගත්තේ එම දෙවැනි කඩුල්ලේ ලකුණු සබඳතාව ද නිමා කරමිනි.
ඩෙවින් පත්මනාදන් සිංගර් ශ්‍රී ලංකා දිනවයි
වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය වෙළඳසේවා B කාණ්ඩයේ අද (27)..
ඉන් අනතුරුව පිටියේ එක් වූ පසිඳු ලක්ශංක සහ ජනිත් ලියනගේ එක් ව තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පසිඳු ලක්ශංක තරගය අවසන් වෙන විට පන්දු 60කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු75ක් ලබා ගත්තේ ය. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද පසිඳු ය.
ජනිත් ලියනගේ නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 19කි. ඔහුගේ පන්දු 12ක් ඒ වෙනුවෙන් වැය කළ අතර ඊට හයේ පහර 2ක් ඇතුලත් කළේ ය.
පාකිස්තානය; කඩුලු 8ක් දැවී 142 (20.0) කුරාම් ශාෂාඩ් 34, අර්සලාන් ෆර්ෂන්ඩ් 53, ජනිත් ලියනගේ 2/33, චාමික කරුණාරත්න 2/26
ශ්‍රී ලංකාව; කඩුලු 2ක් දැවී 143 (17.3) හෂාන් දුමිඳු 35, පසිඳු ලක්ශංක නොදැවී 75, ජනිත් ලියනගේ නොදැවී 19
තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග හෙට (29) කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වේ. එම තරගයේත් උණුසුම් පුවත් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<