ජාතික චෙස් ශූරයා සහ ශූරිය තේරීපත් වෙයි

256

ශ්‍රී ලංකා ජාතික පිරිමි චෙස් තරගාවලිය හා කාන්තා ජාතික චෙස් තරගාවලිය පසුගිය දා නුගේගොඩ චෙස් සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානයේ දී පැවැත්විය. එහි දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ශන තිලකරත්න හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සයුනි ගිහන්සා ජයවීර ශූරතා ජයග්‍රහණය කිරීමට සමත්විය. 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියාවේ තෙවැනි තැනට

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ………

හර්ශන තිලකරත්න ජාතික චෙස් ශූරතාවයට හිමිකම් කී අතර ඔහුට රුපියල් 100,000ක මුදල් ත්‍යාගයක් හිමි විය. දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉසුරු අලහකෝන් ජයග්‍රහණය කළ අතර අතර ඔහුට හිමි වූ ත්‍යාගය රුපියල් 50,000කි. තුන්වැනි ස්ථානය හා මුදල් ත්‍යාගය ලෙස රුපියල් 25,000ක් ජයග්‍රහණය කිරීමට චින්තක අනුරුද්ධ සමත්විය. සිව්වැනි හා පස්වැනි ස්ථාන පිළිවෙළින් චිරාසන ළමාහේවා හා නාලන්ද විද්‍යාලයේ එල්. එම්. එස්. ටී. ද සිල්වා දිනා ගන්නා ලදි. ඔවුන් මෙම වසරේ ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ද දිනා ගන්නට සමත් විය. 

කාන්තා ශූරතාවයේ දී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ සයුනි ගිහන්සා ලකුණු 11.5ක් වාර්තා කළාය. ඇය කාන්තා ශූරිය බවට පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඇය 2017 වසරේ දී ද කාන්තා ශූරිය බවට පත්වීමට සමත්ව ඇත. ඇයට රන් පදක්කමක් හා පළමු ස්ථානයට අදාළ කුසලානය හිමි වූ අතර මුදලින් හිමි වූ ත්‍යාගය රුපියල් 60,000කි. කාන්තා තරගාවලියේ දෙවන ස්ථානය ලකුණු 9ක් ලබා ගත් කොළඹ විශාඛා විද්‍යාලයේ දෙව්නෙත්මි දහම්ප්‍රියට හිමි විය. ඇයට රිදී පදක්කමක් හා මුදලින් රුපියල් 30,000ක ත්‍යාගයක් හිමි විය. 

ලෝකඩ පදක්කම අස්විනී පවේල්චන්ද්‍රන්ට හිමි විය. සිව්වැනි හා පස්වැනි ස්ථාන දිනා ගනිමින් මෙම වසරේ ජාතික චෙස් සංචිතය නියෝජනය කිරීමේ අවස්ථාව පිළිවෙළින් නෙත්මි ප්‍රනාන්දුට හා නික්ලේශා තරුෂිට හිමි විය. 

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස පොලිමත් ජාත්‍යන්තර පාසලේ වර්තමාන විදුහල්පති හා කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති වන උපාලි ගුණසේකර මහතා සහභාගි විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ලේකම් බුද්ධි පනාගොඩ මහතා ද සහභාගි විය.

තොරතුරු මූලාශ්‍රය – Ceylon Today

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<