ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නැවත වරක් ක්‍රිකට් ඇතුළත් කරයි

1185
pic courtesy - China Daily

එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යලිත් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය ඉරිදා බැංකොක් නුවර දී රැස්වූ ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් මෙම තීරණය කර ඇත.

ඒ අනුව 2022 වසරේ චීනයේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යලිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම විශේෂත්වයකි.

ආබාධයක් නිසා ඩි විලියර්ස්ට PSL මඟ හැරේ

හිටපු සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒබි ඩි විලියර්ස්ට ……

2010 හා 2014 වසරවල දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලවල් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූවත් පසුගිය 2018 වසරේ දී ඉන්දුනීසියාවේ දී පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එය ඇතුළත් නොවීය.

2010, 2014 වසරවල දී මෙන්ම එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද පන්දුවාර විස්සයි විස්ස ආකෘතිය යටතේ මෙම ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල දී ලෝකයේම අවධානය යොමුව තිබෙන ඉන්දු – පාකිස්තාන ගැටලුව මුල්කර ගනිමින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට වත්මන් ක්‍රිකට් පිටියේ විශිෂ්ට කණ්ඩායම් ද්විත්වයක් වන ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් සහභාගී වේද යන්න ගැටලුවක් වී තිබේ.

නමුත් ආසියානු ඔලිම්පික් කමිටු නිලධාරීන් පවසන්නේ 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තවත් බොහෝ කාලයත් ඉතිරිව ඇති බැවින් එම කාලය තුල ඉන්දියාව හා පාකිස්තානය සමඟ සාකච්ඡා කොට මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට උත්සුක වන බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල….

ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකට ඇතුළත් වූ 2010 වසරේ දී බංග්ලාදේශ හා පාකිස්තාන කාන්තා හා පිරිමි කණ්ඩායම් රන් පදක්කම් දිනා ගත් අතර 2014 වසරේ දී ශ්‍රී ලංකා හා පාකිස්තාන පිරිමි හා කාන්තා රන් පදක්කම් දිනා ගන්නා ලදි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ එක් වරක් පමණක් ක්‍රිකට් ක්‍රීඩාව එම ක්‍රීඩා උළෙලට ඇතුළත් කරනු ලැබීය. ඒ 1998 වසරේ දීයි.

එහි දී ඉන්දියාව හා පාකිස්තානය සිය කණ්ඩායම් එම තරගාවලිය සඳහා යොමු කළ අතර සුපිරි ක්‍රීඩක ශෝන් පොලොක්ගේ නායකත්වයෙන් සමන්විත වූ දකුණු අප්‍රිකා කණ්ඩායම එවර රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

මේ අතර පසුගිය ඉරිදා රැස්වූ ආසියානු ඔලිම්පික් කමිටුවේ දී තවත් වැදගත් තීරණයක් ගෙන තිබේ. ඒ එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට අවස්ථාව ලබා දීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<