රංගන හේරත් බංග්ලාදේශයට

1021

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස එක්වී තිබෙනවා. ඒ වසර දෙකක කාලසීමාවක් සඳහායි.

රංගන හේරත් බංග්ලාදේශ දඟපන්දු පුහුණුකරු ලෙස පැවරෙන පළමු වගකීම වන්නේ නවසීලන්තය සමඟින් එරට දී පැවැත්වීමට නියමිත තරගාවලියයි. ඒ අනුව ඔහු 2023 වසරේ නොවැම්බර් මස දක්වා එම ධූරයේ කටයුතු කරනු ලබනවා.

රංගන හේරත් මීට පෙර බංග්ලාදේශ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ලැබුවා. එහි දී ඔහු සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත තරගාවලි සඳහා එක්වුනා. මීට අමතරව ඔහු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් ටෙස්ට් කඩුලු 433කට හිමිකම් කියනවා. එමෙන්ම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තුන්වැනි ශ්‍රේණියේ පුහුණුකරුවෙකු වනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<