තියුණු තරගයක ජය පොලිසියට

503
SLC Premier League Tier B

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම පසුගියදා (21) ආරම්භ වූ අතර අද (23) එම තරඟ වල අවසන් දිනයන් පැවැත්විය. එම තරග වලින් ලංකන් ක්‍රිකට් සමාජය, වරාය අධිකාරි ක්‍රීඩා සමාජය, පානදුර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

පසුගිය ලිපි: සිරිසෝමගෙන් පානදුරට ජයග්‍රහණයේ පෙරනිමිති

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම අතර තරඟය

වෙළගෙදර ක්‍රීඩා පිටියේදී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් ලංකන් ක්‍රිකට් සමාජය ඉණිමක හා ලකුණු 79ක ජයග්‍රහණයක් වාර්තා කරන ලදි.

අද (23) දිනය ආරම්භ කරන විට තම දෙවන ඉණිම වෙනුවෙන් කුරුණෑගල තරුණ සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 23ක් ලබාගෙන සිටින ලදි.

හශාන් ප්‍රභාත් මෙම ඉණිම තුලද තම හැකියාවන් විදහා දක්වමින් නොදැවී ලකුණු 42*ක් ලබා ගත්තද, එය ඔවුන්ගේ පරාජය මඟහරවා ගැනීමට ප්‍රමාණවත් නොවීය. අවසානයේ ඔවුන්ගේ දෙවන ඉණිම ලකුණු 90කට සීමා කල රජීව වීරසිංහ ප්‍රමුඛ ලංකන් ක්‍රිකට් සමාජය තම ජයග්‍රහණයට පහසුවෙන් ලඟාවිය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 89.2): චානක රුවන්සිරි 100, ලක්ෂාන් රොද්‍රිගෝ 91, ලාල් කුමාර 86, රජීව වීරසිංහ 51 , මිතුන් ජයවික්‍රම 3/103, චරිත් මාපටුන 2/50

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 79.1): හශාන් ප්‍රභාත් 76, අනුරුද්ධ රාජපක්ෂ 40, රජීව වීරසිංහ 4/59, නවීන් කවිකාර 3/81

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ දෙවන ඉණිම (F/O)  – සියල්ලන්ම දැවී ලකුණු 90 (පන්දුවාර 38.1): හශාන් ප්‍රභාත් 42*, ධනුෂ්ක ධර්මසිරි 16, රජීව වීරසිංහ 6/42, නවීන් කවිකාර 3/46


පොලිස් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් පොලිස් ක්‍රීඩා සමාජය එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. තරඟය හම්බන්තොට සූරියවැව ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

අද දිනය ආරම්භ කරන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන  ගුවන් හමුදා ක්‍රීඩා සමාජය එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබාගෙන සිටින ලදි.

ඔවුන්ගේ දෙවන ඉණිම වෙනුවෙන් රොස්කො තට්ටිල් ලකුණු 66ක් වාර්තා කරන්නට සමත් විය. මංජුල ජයවර්ධන නැවතත් තම දස්කම් දක්වමින් ලකුණු 59කට කඩුලු 7ක් දවාගන්නා ලදි. ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තම දෙවන ඉණිම අවසන් කලේ පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 127ක අභියෝගයක් ලබාදෙමිනි.

එම අභියෝගය තියුණු මුහුණුවරක් ගත්තද අවසානයේ එය සාර්ථක කරගන්නට පොලිස් ක්‍රීඩා සමාජයට හැකිවිණි. එහිදී තරිදු ඩිල්ශාන් ලකුණු 32ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ක්‍රීඩක සොහාන් රංගික කඩුලු 5ක් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ වෙනුවෙන් දවාගන්නා ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 76.2): බුද්ධික සඳරුවන් 43*, රොස්කො තහටිල් 38, මංජුල ජයවර්ධන 4/47, පාලිත කුමාර 2/15

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 87.1): සමිත් දුශ්ශන්ත 82, සුවන්ජි මඳනායක 31, සොහාන් රංගික 3/36

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 45.1 ): රොස්කො තහටිල් 66, මංජුල ජයවර්ධන 7/59

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 128 (පන්දුවාර 59.5): තරිදු ඩිල්ශාන් 32, සුවන්ජි මදනායක 27, අකිල ලක්ෂාන් 26, සොහාන් රංගික 5/42


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

වැලිසර නාවික හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් පානදුර ක්‍රීඩකයෝ ලකුණු 99ක ජයග්‍රහණයක් ලබාගත්හ.

ඊයේ (22) දිනය අවසන් වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 10ක් ලබාගෙන සිටින ලදි.

එම ඉණිමට බුද්ධික හසරංග ලකුණු 76ක් එකතු කල අතර, අශාන් රණසිංහ මනරම් පහර කිහිපයක් සමඟින් ලකුණු 57ක් ලබාගන්නා ලදි. ගයාන් සිරිසෝම මෙම තරඟය තුල කඩුලු 13ක් දවා ගැනීමට සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 54.2): චාමර සිල්වා 72, මිශේන් සිල්වා 70, රැවන් ප්‍රනාන්දු 29, ඉශාන් අබේසේකර 4/78, දිලංක ශ්‍රීමාල් 3/47

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 47.3): දිනුශ්ක මාලන් 56, සමීර සඳමාල් 34,, ගයාන් සිරිසෝම 8/46

පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 288 dec (පන්දුවාර 66): මිශේන් සිල්වා 57, අරුණ ධර්මසේන 50, ලසිත් ප්‍රනාන්දු 45, මදුර මදුසංක 3/46

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 90.1): බුද්ධික හසරංග 76, අශාන් රණසිංහ 57, අමිත් එරන්ද 48, ගයාන් සිරිසෝම 5/152


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය අතර තරඟය

මත්තේගොඩ යුධ හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට කළුතර භෞතික සමාජය වෙත ඇරයුම් කරන ලදි. මෙම තරඟයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය ඉණිමක හා ලකුණු 78ක ජයග්‍රහණයක් ලබාගනිමින් තම අපරාජිත වාර්තාව තවතවත් ඉදිරියට ගෙනයන්නට සමත් විය.

දිනය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් ලබා සිටි කළුතර භෞතික සමාජය වෙනුවෙන්, පැතුම් නිස්සංක තම ශතකය ද සමඟ ලකුණු 104ක් ලබාගත් අතර, මනෝජ් දේශප්‍රිය ලකුණු 53ක් ලබා ගන්නා ලදි. චානක කොමසාරු ලකුණු 54ක් තුල කඩුලු 6ක් දවාලමින් වරාය අධිකාරි ක්‍රීඩා සමාජයට ඉණිමක ජයග්‍රහණයක් වෙත යාමේ මඟ තව තවත් විවෘත කරන ලදි.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 49 (පන්දුවාර 22.2): ෆහාඩ් බාබර් 14, චානක කොමසාරු 5/17, චාමිකර එදිරිසිංහ 4/08

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 400  dec (පන්දුවාර 93): ඉශාන් රංගන 109, ප්‍රශාන් වික්‍රමසිංහ 80, හශාන් ගුණතිලක 67, රනේශ් පෙරේරා 31, ඩිල්ශාන් මෙන්ඩිස් 2/70

කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 273 (පන්දුවාර 87.1): පැතුම් නිස්සංක 104, මනෝජ් දේශප්‍රිය 53, දමිදු අශාන් 41, චානක කොමසාරු 6/54

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට