උත්තරීතර විනිසුරු මණ්ඩලයෙන් දෙදෙනෙක් විශ්‍රාම යයි

37

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් විනිසුරුවරුන් දෙදෙනෙකු වන සයිමන් ෆ්‍රයි සහ ජෝන් වෝර්ඩ් උත්තරීතර විනිසුරුකරණයෙන් (elite umpiring) විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. 

‘මුරලි’ නම් විඩාපත් නොවූ ශ්‍රී ලාංකේය තරග දිනවන්නා

“අනුව දශකයේ, මුත්තයියා මුරලිදරන් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ දවසේ පටන් නොයෙකුත් වාද විවාදවලට බඳුන් වූ අයෙක්..

සයිමන් ෆ්‍රයි පළමු පෙළ තරග 100ක්, A කාණ්ඩයේ තරග 130ක්, ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 93ක් ඇතුළුව තරග වාර 20ක් සඳහා විනිසුරුකරණයෙන් දායක වී ඇති අතර ජෝන් වෝර්ඩ් පළමු පෙළ ක්‍රිකට් තරග 87ක්, A කාණ්ඩයේ තරග 84ක්, ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 120ක් සහ තරග වාර 19ක් සඳහා විනිසුරුකරණයෙන් දායකත්වය සපයා ඇත. 

“මම හිතනවා මම හරිම වෙලාවේ හරිම තීරණය ගත්තා කියලා. ලබා ගත්ත අත්දැකීම් සහ ඒ අත්දැකීම්වලින් ජීවිතයට ලබා ගත්ත පන්නරය කියා නිම කරන්න බැහැ. ඒ වගේම මේ විනිසුරු දිවිය තුල හමුවුණු මිතුරන් ද ඒ අත්දැකීම් ලබා ගන්න ගොඩක් උදව් වුනා. මම දැන් ඉන්න තැනට එන්න මගේ පවුලේ අයත් මට ගොඩක් උදව් කළා, කැපකිරීම් කළා.” යැයි සයිමන් ෆ්‍රයි සිය සමුගැනීම සඳහන් කරමින් පැවසීය. 

IPL ශ්‍රී ලංකාවේ ද? ඉන්දියාවෙන් පිළිතුරක්

දැනට අත්හිටුවා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය……………..

“මෙතරම් කාලයක් විනිසුරුවරයෙක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙච්ච එක මට ලැබුණු භාග්‍යයක්. එය වරප්‍රසාදයක්. පිටියේ සගයන්, තරග විනිසුරුවන්, කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයන් සමඟ මා ඇති කර ගත් බැඳීම් මට අතිවිශේෂයි.” ජෝන් වෝර්ඩ් පැවසීය. 

“මගේ විශ්‍රාම දිවිය වෙනත් කෙනෙකුට මෙතැනට එන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරාවි. මම බලාපොරොත්තු වනවා වගේම ඔවුන් ද එය සතුටුදායක ලෙස භුක්ති විඳිනු ඇතැයි මම හිතනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<