කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජය ඉන්දියාවට

286
WOMENS CRICKET

ඊයේ (21) පි සරා ඕවල් පිටියේ පැවති කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසාන තරගයේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කාන්තා කණ්ඩායම සමත් විය. තීරණාත්මක අවසාන පන්දුවාරයේ ත්‍රාසජනක ජයත් සමඟ එක් කඩුල්ලකින් ඉන්දියානුවන් ජයග්‍රහණය වාර්තා කරන ලදි.

ශ්‍රී ලංකා කාන්තාවෝ ලෝක කුසලානයේ ජය මාවතට

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ 8 වන තරගය වන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය ඊයේ (19) පෙරවරුවේ එන්. සී. සී පිටියේ දී පැවැත්විය.

දකුණු අප්‍රිකානුවන් කාසියේ වාසිය ලබා ගනිමින් පන්දුවට මුලින් ම පහර දීමේ අවස්ථාව ලබා ගන්නා ලදි. පන්දුවාර 49යි පන්දු 4කදී සියල්ලන් දැවී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 244ක් පමණි. ඉනිමේ දී කිසිම ක්‍රීඩිකාවකට ලකුණු 50 හේ සිමාව පසු කිරීමට නොහැකි විය.  දකුණු අප්‍රිකානුවන්ගේ වැඩිම ලකුණු ලාභියා වූයේ මිග්නොන් ඩු ප්‍රිස් ලකුණු 40ක් ඇය විසින් ඉණිමට එක්කරනා ලදී. ඊට අමතරව ලකුණු 30 සිමාව පසු කලේ සුනේ ලුස්, ලීසෙල් ලී, ඩේන් වැන් යන ක්‍රීඩිකාවන් ය. පන්දු යැවීමේ දී රාජේෂ්වරී ගයක්ද් කඩුලු 3ක් ද, ෂිකා පාන්ඩේ කඩුලු 2ක් ද බිඳ හෙළිය.

ලකුණු 245ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දියානුවන්ගේ ආරම්භක සබඳතාවය ලකුණු 20කට සීමා වුවත්, දෙවනි කඩුල්ලට ගොඩනැගු සබඳතාවය ලකුණු 124කි.  ඒ මෝනා මෙශ්රාම් සහ දීප්ති ශර්මා පිලිවෙලින් ලකුණු 59ක් සහ 71ක් රැස් කරමිනි. ඉනිමේ ලකුණු 30 සහ 40 සිමාව පසු කල අනෙක් ක්‍රීඩිකාවන් ලෙස වේදා ක්‍රිෂ්ණමූර්ති ලකුණු 31යි, හර්මන්ප්‍රිත් කෞර් නොදැවී ලකුණු 41යි. පන්දු යැවීමෙදී මැරිසැන් කැප් සහ අයබෝන්ගා කාකා කඩුලු දෙක බැගින් දවාගන්නා ලදී.

ඉන්දියානු කාන්තාවෝ 1ක් කඩුල්ලකින් තරගයේ ජයත් සමඟ තරගාවලියම ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගයේ වීරවරිය දීප්ති ශර්මා, තරගාවලියේ වීරවරිය දකුණු අප්‍රිකාවේ සුනේ ලූස්.

ඒ සමගම ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන කණ්ඩායම් එළඹෙන ජුනි මස එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත 2017 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව