ගමෙන් උපන් ශක්තියෙන් යොවුන් කාන්තා බොක්සිං ලෝක ශූරතාවයට

310

නොවැම්බර් 19 සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි හිදී පැවැත්වෙන යොවුන් කාන්තා බොක්සිං ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ගම් දෙකකින් උපන් යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වනු ඇතැයි වාර්තා වේ.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා සටන කෙළවර විය හැකියි. එහෙත් සටන්…

බහමාස් හිදී පැවති පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ මහනුවර පල්ලේබෝවල මහා විද්‍යාලයේ එරංගා මධුමාලි සමඟින් මෙවර තරගාවලියට කෙන්ගල්ල මහා විද්‍යාලයේ සෙව්වන්දි ප්‍රනාන්දු සහභාගී වේ.

එරංගා කි.ග්‍රෑ. 45-48 බරපන්තියෙන් සහ සෙව්වන්දි කි.ග්‍රෑ. 48-51 බරපන්තිය තුළ තරග වැදෙනු ඇත. රටවල් 38කින් පැමිණෙන ක්‍රීඩිකාවන් 200 දෙනෙකු පමණ තරගාවලියට සහභාගී වීමට නියමිතයි. 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ද මෙය හැඳින්විය හැකි අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙය මනා අවස්ථාවකි.

“ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩිකාවන්ට මෙතෙක් ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමට අවශ්‍ය පරිණතභාවය ලැබී නැහැ. ගුවහටි හිදී පැවැත්වෙන තරගාවලිය ලෝක ශූරතාවයක් වශයෙන්ම සැලකිය හැකියි.”

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා පැවසීය.

කෙසේ වෙතත් ගොවි දුවක වන එරංගාටත්, සුළු ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන සෙව්වන්දිටත් මෙම තරගාවලිය හොඳ අත්දැකීමක් වන අතරම ඔවුන්ට කෙමෙන් ජාත්‍යන්තර තලයට පියමැනීමේ අත්වාරුවක් ද විය හැකිය. දෙදෙනාටම ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!      

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<