ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ සමඟින් ඔවුන් තවත් තරගයක් ඉතිරි ව තිබිය දී තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද සමත් වෙනවා.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් ලකුණු 93ක ජයග්‍රහණයක් වාර්තා කළ ඔවුන් 2 වැනි තරගයෙන් ලකුණු 11ක ජයග්‍රහණයක් වාරතා කරනවා.
Chennai හී MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ පෙර තරගය හා එක් වූ උමයංගනා පීරිස් වෙනුවට නෙත්මි උපේක්ෂා එක් කර ගනිමිනුයි.
ඉන්දීය කණ්ඩායම මෙම තරගයේ දී පෙර තරගයට එක් වූ කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදු කර තිබුණා. ඒ අනුව පෙර තරගය එක් වූ Nidhi Mahto, Ishwari Awasare, Mahak Narwase සහ Anaadi Tagde වෙනුවට Deeksha Katragadda, Purva Siwach, Avani Chavda සහ Gouri Goyal එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, මනුදි නානායක්කාර, දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා, නෙත්මි උපේක්ෂා, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), චමෝදි හේරත් සහ අසේනි තලගුණේ.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Bhavika Ahire (නායිකාව සහ කඩුලු රකින්නිය) Tanishka Sharma, Deeksha Katragadda, Ira Jadhav, Kumari Palak, Kashvi Kandikuppa, Purva Siwach, Avani Chavda, Janhavi Virkar, Maitri Maniar, Gouri Goyal
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 123ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී විමෝක්ෂා බාලසූරිය. ඇය ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා.
ඇය එම ඉනිම තුළ දී මනුදි නානායක්කාර හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කරනවා. එහි දී මනුදි නානායක්කාර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා. ඔවුන් තිදෙනාට අමතර ව අනෙක් කිසිඳු ක්‍රීඩිකාවකට තනි ඉලක්කම අභිබවා යෑමට ඉඩ ලැබුණේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී Janhavi Virkar සහ Maitri Maniar එක් ව කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Kashvi Kandikuppaද කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 17 දී දැවී ගිය ද ඉන් අනතුරු ව පිටියේ එක් වූ Tanishka Sharma සහ Ira Jadhav එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Kumari Palak පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දනෝද්‍යා සෙව්මිණි, ලිමංසා තිලකරත්න, අසේනි තලගුණේ චමෝද් හේරත් සහ ප්‍රමුදි මෙත්සරා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 134 (20.0) Tanishka Sharma 58, Ira Jadhav 26, Kumari Palak 21
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 123 (20.0) විමෝක්ෂා බාලසූරිය 61, මනුදි නානායක්කාර 24, Janhavi Virkar 3/14, Maitri Maniar 3/26
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 11ක ජයක්.
තරගාවලියේ 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 27 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















