රජීව වීරසිංහ හා සොහාන් රංගික පන්දුවෙන් දස්කම් අතරට

562

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග අද (15) ආරම්භ විය.

මීගමුව ක්‍රීඩා සමාජය හා ලංකන්ස් ක්‍රිකට් සමාජය

කදිරාන පිටියේ කාසියේ වාසිය දිනූ මීගමුව කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

මීගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ අමිල වීරසිංහ ලකුණු 70ක් ලබාගෙන මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහුට සහය වූ ප්‍රමිත් ප්‍රනාන්දු හා ලසිත් කෘෘස්පුල්ලේ පිළිවෙළින් ලකුණු 51ක් හා ලකුණු 20ක් ලබාගෙන මීගමුව පළමු ඉනිම සවිමත් කළේය. පන්දු යැවීමේ දී රජීව වීරසිංහ කඩුලු 5ක් දවාලමින් දස්කම් අතරට පිවිසියේය.

ශම්මු, මිලින්ද සහ ප්‍රිමෝශ්ගෙන් සුපිරි ශතක ත්‍රිත්වයක්

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග 6ක් අද (15) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ රැසක දී ආරම්භ විය.

මීගමුව ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 223ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කරන ලංකන්ස් පිල පළමු දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 43ක් රැස් කරගත්තේය.

මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 223/10 (74): අමිල වීරසිංහ 70, ප්‍රමිත් ප්‍රනාන්දු 51, ලසිත් කෘෘස්පුල්ලේ 20, රජීව් වීරසිංහ 5/43, නවීන් කවිකාර 4/55.

ලංකන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 43/3 (12.3):


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

හශාන් ප්‍රභාත්ගේ පිතිකරණය නිසා වර්ණවත් වූ මෙම තරගය වැලිසර දී පැවැත්විය.

කාසියේ වාසිය දිනූ කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර, එහි දී ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් ලකුණු 84ක් ලබා ගැනීමට හශාන්ට හැකි විය. රුවන්ත ඒකනායක ලකුණු 43යි. පන්දු යැවීමේ දී සුදාර දක්ෂිණ කඩුලු 3ක් දවා ගන්නා ලදි. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන නාවික හමුදා පිල අද දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 6ක් ලබාගන්නා ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 253/10 (83.2): හශාන් ප්‍රභාත් 84, රුවන්ත ඒකනායක 43, කල්හාන් සිනෙත් 26*, සුදාර දක්ෂිණ 3/49.

නාවික හමුදා ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) – 6/1 (3):

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය

කටුනායක දී කාසියේ වාසිය දිනාගත් ගුවන් හමුදා පිල පළමු පන්දු යැවීමට තීරණය කරන ලද අතර, තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම දියත් කරන ගුවන් හමුදා පිල කඩුලු 4ක් දැවී ලකුණු 57ක් ලබාගෙන සිටින ලදි.

ගාලු පිල වෙනුවෙන් චානක විජේසිංහ ලකුණු 36ක් ලබාගෙන ලකුණු 178ක් දක්වා ගිය ගමනේ වැඩිම ලකුණු ලාභියා විය. ඩිල්ශාන් කාංචන ලකුණු 28යි. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ සොහාන් රංගික ලකුණු 47ක්තුල කඩුලු 5ක් දවාලන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කඩුලු 4ක් අද දිනය තුල දැවී ගිය අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටින රොස්කො තටිල් ලකුණු 20*යි. උදයවංශ පරාක්‍රම ලකුණු 28යි. ගයාන් සිරිසෝම කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 178/10 (65): චානක විජේසිංහ 36, ඩිල්ශාන් කාංචන 28, සොහාන් රංගික 5/47.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 57/4 (22): උදයවංශ පරාක්‍රම 28, රොස්කො තටිල් 20*, ගයාන් සිරිසෝම 2/19.

හතුරුසිංහගේ ප්‍රථම තරගාවලිය ලබන ජනවාරියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වයෙන් ශ්‍රී ලංකාව තරග කරන ප්‍රථම තරග සංචාරයේ තරග කාලසටහන පසුගිය දා අනාවරණය කළ අතර ඒ අනුව ලබන වසරේ…

පොලිස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

පොලිස් පිටියේ පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය සත්කාරක පොලිස් පිලට ලැබිණි.

එහි දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ කශිස් නවීඩ් ලකුණු 111ක් රැස්කර ගත්තේ මෙම තරගාවලියේ පළමු ශතකයට හිමිකම් කියමිනි. අනෙක් අන්තයෙන් ඔහුට සවියක් වූ ශස්රික පුස්සෙගොල්ල දිනය අවසන් වන විට නොදැවී ලකුණු 49*ක් ලබාගෙන සිටියි. විශ්ව චතුරංග ලකුණු 38යි. පන්දු යැවීමේ දී කල්‍යාණ රත්නප්‍රිය හා නිමේෂ් විමුක්ති කඩුලු 3ක් දවාලන ලදි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 236/8 (86): කශිස් නවීඩ් 111, ශස්රික පුස්සෙගොල්ල 49*, විශ්ව චතුරංග 38, කල්‍යාණ රත්නප්‍රිය 3/54, නිමේෂ් විමුක්ති 3/59.

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<