නවින් සහ අකීල් කැපී පෙනෙන දක්ෂතා දක්වයි

82

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) ආරම්භ වූ තරගවල දී සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ නවීන් ගුණවර්ධන පන්දු යැවීමෙනුත්, නුගේගොඩ කණ්ඩායමේ අකීල් ඉන්හාම් පන්දුවට පහර දීමේදීත් දක්ෂතා දැක්වීමට සමත් විය.

රයන්, දනාල් සහ යසිරු සම්මාන දිනති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල්…………

නාවික හමුදාව සහ සෙබස්තියනයිට්ස් 

වැලිසර දී පැවති මෙම තරගයේ පළමු දිනයේ දී කඩුලු 18ක් දැවී ගියේය.

එහි දී සෙබස්තියනයිට් ක්‍රිකට් සමාජයේ වමතින් දඟපන්දු යවන නවීන් ගුණවර්ධන ලකුණු 57කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම දක්ෂතාව දැක්විය. නාවික හමුදාවේ නිලංක සඳකැන් ද කඩුලු 3ක් දවා ගත්තේය. 

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (50.5) සමිත රංග 22, තරුෂ ප්‍රනාන්දු 31, නිලංක සඳකැන් 22, සමන් කුමාර 2/47, නවින් ගුණවර්ධන 6/57, රනේෂ් පෙරේරා 2/14

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 144 (37) එස්. ප්‍රනාන්දු 24, දසුන් සෙනෙවිරත්න 41, තිලංක ද සිල්වා නොදැවී 22, නිලංක සඳකැන් 3/44

දෙවන පෙළ කාන්තා පාසල් ක්‍රිකට් ශූරතාව වේල්ස් කුමරියන්ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන…………

කැන්ඩි කස්ටම්ස් සහ කළුතර ටවුන්

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු අකීල් ඉන්හාම් ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 148ක් ලබා ගත්තේය. ඊට අමතරව විදෙස් ක්‍රීඩක දේව් සිං, සසිත් මනුරංග, සචිත්‍ර පෙරේරා සහ සම්පත් පෙරේරා අර්ධ ශතක ලබා ගත්හ. 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 443 (85) අකීල් ඉන්හාම් 148, දේව් සිං 79, සසිත් මනුරංග 54, සචිත්‍ර පෙරේරා 57, සම්පත් පෙරේරා නොදැවී 55, ආර්. පුංචිහේවා 3/78, ඉෂාන් අබේසේකර 3/116

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 6 (3)


ගාල්ල සහ පානදුර 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පානදුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරකයන්ට ලබා දෙමින් ඔවුන් ලකුණු 175කට සීමා කිරීමට සමත් වූහ. 

නමුත් ඔවුන්ට ද එතරම් සාර්ථක ගමනක දිනයේ පළමු දිනයේ දී යෑමට නොහැකි විය. දිනය අවසන් වන විට තම පළමු ඉනිමට ඔවුන් ලබා සිටියේ කඩුලු 3කට ලකුණු 32ක් පමණි. 

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (69.2) මන්සූර් අම්ජාඩ් 28, දමිත හුණුකුඹුර 29, රවිශ්ක විජේසිරි 48, රොෂාන් ජයතිස්ස 2/31, චලන ද සිල්වා 3/52, උමේෂ් කරුණාරත්න 4/48

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 32 (18) අහමඩ් ජමාල් 2/08

ඩර්බන් පිටිය හඬවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

එකකට එකක් පරදින්නට අකමැති සුපිරි කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුනු………….

නුගේගොඩ සහ කුරුණෑගල යූත් 

පනාගොඩ දී පැවති මෙම තරගයේ දී නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක තුනක් එක් වීම කැපී පෙණුනි. එම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොදැවුණ ලකුණු 108ක සබඳතාවක් වාර්තා කිරීමට පැතුම් මධුශංක (84) සහ ප්‍රමුද් හෙට්ටිවත්ත (61) සමත් වූහ.  

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 201 (47) ඉරෝෂ් සමරසූරිය 50, පැතුම් මධුශංක නොදැවී 84, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 61


වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව 

දොඹගොඩ යුද හමුදා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට තම පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 231ක් ලබා සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රමේෂ් නිමන්ත මෙන් ම අදීශ නානායක්කාර ද අර්ධ ශතක වාර්තා කළහ. 

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 231 (70) රමේෂ් නිමන්ත 62, අදීශ නානායක්කාර 51, ඉෂාන් රංගන නොදැවී 20, හස්නයින් බෝකාරි නොදැවී 54, ගයාන් ද සිල්වා 2/46

මෙම සියලු තරග අද (15) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<