චන්දිමාල්, උඩවත්ත සහ චාමිකර දක්ෂතා දක්වයි

82

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ තවත් සතියක් අද (16) දින නිමා වන විට දිනේෂ් චන්දිමාල්, මහේල උඩවත්ත සහ චාමිකර එදිරිසිංහගේ දක්ෂතා කැපී පෙනුනි

ජයසූරිය පළමු පෙළ 10 වැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A……

යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟින් මීගමුවට එරෙහිව නොදැවී ලකුණු 163ක් රැස්කර ගත්තේය. 

ඊට අමතරව එන්. සී. සී. කණ්ඩායමේ මහේල උඩවත්ත, හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත් විය. 

රාගම සහ සැරසන්ස් අතර තරගයේ අවසන් ඉනිමේ දී සැරසන්ස් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චාමිකර එදිරිසිංහ ලකුණු 32කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය.

Group A 

මුවර්ස් සහ බී. ආර්. සී. අතර තරගය 

බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 2ක ජයක් හිමිකර ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනි සියලුම දෙනා දැවී 353 (77.3) පබසර වඩුගේ 76, සචිත්‍ර සේරසිංහ 94, අදීශ තිලාංචන 64, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 30, චතුර රන්දුණු 20, දුවිඳු තිලකරත්න 3/103, තරිඳු කෞෂාල් 2/58, සොහයිබ් උල්ලා 2/34. 

බී. ආර්. සී. : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 10ක දී කඩුල්ලක් දැවී 23) සියලු දෙනා දැවී 238 (64.5) දේශාන් ඩයස් 31, ශානුක දුලාජ 38, රමින්ද විජේසූරිය 61, කෙවින් කොත්තිගොඩ 60, සචිත්‍ර සේරසිංහ 5/80, රමේෂ් මෙන්ඩිස් 2/58, අදීශ තිලාංචන 2/24. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 137 (31.1) පබසර වඩුගේ 71, රමේෂ් මෙන්ඩිස් 36, දුවිඳු තිලකරන් 3/60, සවීන් ගුණසේකර 2/06, තරිඳු කෞෂාල් 4/30. 

බී. ආර්. සී. : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 03ක දී කිසිවෙකු නොදැවී 02) කඩුලු 8ක් දැවී 253 (61) නිසල් ෆ්‍රැන්සිස්කෝ 60, භානුක රාජපක්ෂ 69, රමින්ද විජේසූරිය 35, කෙවින් කොත්තිගොඩ නොදැවී 34, රමේෂ් මෙන්ඩිස් 2/70, අයන සිරිවර්ධන 3/72.  


කෝල්ට්ස් සහ එස්. එස්. සී. අතර තරගය 

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 88ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.   

එස්. එස්. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 301 (76) සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කවිඳු කුලසේකර 36, ක්‍රිශාන් සංජුල 54, සම්මු අශාන් 41, සචිත්‍ර සේනානායක 39, ප්‍රභාත් ජයසූරිය 4/89, ධනංජය ලක්ෂාන් 2/49. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 6ක දී කඩුලු 2ක් දැවී 14) සියලු දෙනා දැවී 183 (58.1) හේෂාන් ධනුෂ්ක 66, ප්‍රියමාල් පෙරේරා 25, ධනංජය ලක්ෂාන් 26, සචිත්‍ර සේනානායක 5/52, ආකාශ් සේනාරත්න 3/24. 

එස්. එස්. සී. : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 39ක දී කඩුලු 5ක් දැවී 114) සියලු දෙනා දැවී 175 (56.5) නුවනිඳු ප්‍රනාන්දු 21, සචිත්‍ර සේනානායක 33, ක්‍රිශාන් සංජුල 32, ඩිල්රුවන් පෙරේරා 4/45, ප්‍රභාත් ජයසූරිය 4/55. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 205 (73.2) විශාද් රන්දික 69, ධනංජය ලක්ෂාන් 54, සචිත්‍ර සේනානායක 5/59, ධම්මික ප්‍රසාද් 2/27, ජෙෆ්රි වැන්ඩර්සේ 2/43. 

චානුක ඩිල්ශාන් හොඳම පන්දු යැවීම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B…..


මීගමුව සහ යුද හමුදාව අතර තරගය 

කොළඹ මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට මීගමු ක්‍රීඩකයෝ සමත් වූහ. 

යුද හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 155 (42.1) හිමාෂ ලියනගේ 56, හේෂාන් හෙට්ටිආරච්චි 19, ඩිල්ෂාන් මුණවීර 2/29, උපුල් ඉන්ද්‍රසිරි 3/73, සාඩ් නසීම් 2/04. 

මීගමුව ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 42.2ක දී කඩුලු 2ක් දැවී 164) කඩුලු 9ක් දැවී 484 (112.3) ඩිල්ෂාන් මුණවීර 40, අශේන් සිල්වා 67, සාඩ් නසීම් 139, රොස්කෝ තට්ටිල් 32, ඇන්ජලෝ ජයසිංහ 87, දුෂාන් විමුක්ති 2/83, සීක්කුගේ ප්‍රසන්න 2/146, මල්ක මධුශංක 3/126. 

යුද හමුදා ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 18ක දී කිසිවෙකු නොදැවී 74) සියලු දෙනා දැවී 398 (97.5) ලක්ෂාන් එදිරිසිංහ 38, පැතුම් ඩිල්ශාන් 91, දිනේෂ් චන්දිමාල් නොදැවී 163, සීක්කුගේ ප්‍රසන්න 34, රොෂේන් ප්‍රනාන්දු 3/60, ඩිල්ෂාන් මුණවීර 2/27, උපුල් ඉන්ද්‍රසිරි 3/165. 

මීගමුව ක්‍රිකට් සමාජය : කඩුලු 2ක් දැවී 74 (7.3) සාඩ් නසීම් නොදැවී 40, පසිඳු ලක්ශංක නොදැවී 21. 


Group B

සැරසන්ස් සහ රාගම අතර තරගය 

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 110ක ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

රාගම ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 119 (53) ලහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 8/31. 

සැරසන්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 37ක දී කඩුල්ලක් දැවී 134, දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 106ක දී කඩුලු 5ක් දැවී 321) සියලු දෙනා දැවී 373 (120.1) සිතාර ගිම්හාන් 74, නවිඳු නිර්මාල් 83, චාමිකර එදිරිසිංහ 55, ගමිඳු අමරසිංහ 45, මිලින්ද සිරිවර්ධන 41, අමිල අපෝන්සු 3/40, කල්හාර සේනාරත්න 6/127. 

රාගම ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 144 (47.2) ලහිරු තිරිමාන්න 45, උදාර ජයසුන්දර 27, ඉෂාන් ජයරත්න 39, චාමිකර එදිරිසිංහ 8/32. 


හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. අතර තරගය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

එන්. සී. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 312 (79) චතුරංග ද සිල්වා 47, සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50, අසිත ප්‍රනාන්දු 5/46, නිමසර අතරගල්ල 2/58, ෂෙහාන් ජයසූරිය 2/90. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 07ක දී කඩුල්ලක් දැවී 35) සියලු දෙනා දැවී 304 (88.1) ලසිත් කෘaස්පුල්ලේ 36, සනෝජ දර්ශික 38, ෂෙහාන් ජයසූරිය 120, පුලින තරංග 56, ඩිලේශ් ගුණරත්න 5/52, චතුරංග ද සිල්වා 3/105. 

එන්. සී. සී. : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 06ක දී කිසිවෙකු නොදැවී 16) කඩුලු 8ක් දැවී 314 (78.1) පැතුම් නිස්සංක 73, ලහිරු උදාර 75, මහේල උඩවත්ත 117, ඇන්ජලෝ පෙරේරා 26, නිමේෂ් විමුක්ති 4/86, ලසිත් කෘaස්පුලේලේ 3/35. 

පැතුම් වික්‍රමසිංහ තම හොඳම ඉනිම ක්‍රීඩා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B……

ටැමිල් යුනියන් සහ ලංකන් අතර තරගය 

කොළඹ සී. සී. සී. පිටියේ දී අද (16) දින ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ටැමිල් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ අර්ධ ශතක දෙකක් සමඟින් දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 266ක් රැස්කර ගෙන සිටියහ. 

ලංකන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 266 (90) ප්‍රිමෝෂ් පෙරේරා 64, දමිත සිල්වා 26, ගීත් කුමාර 69, චානක රුවන්සිරි 43, කේශාන් විජේරත්න නොදැවී 20, සුරංග ලක්මාල් 3/50, ජීවන් මෙන්ඩිස් 4/86. 

මෙම තරගය හෙට (17) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<