තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

69

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) නිමා වූ තරග අතුරින් රාගම ක්‍රිකට් සමාජයේ ලහිරු තිරිමාන්න තම පළමු පෙළ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් විය. ඔහු මෙම දක්ෂතාව කළේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිවය. 

ඊට අමතරව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ ගයාන් සිරිසෝම පන්දු යවන්නෙක් ලෙස ප්‍රතිවාදී කඩුලු 12ක් දවා ගනිමින් කාගේත් අවධානය දිනා ගත්තේය. 

අශේන් ඩැනියල්ගේ අමුතු උපන් දින සාදයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් …………

බදුරලිය සහ රාගම (Group B)

Tier A කාණ්ඩයේ තරගයක් ලෙසින් මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

එම තරගයේ තෙවැනි දිනයේ දී  රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පන්දු 309කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් නොදැවී ලකුණු 187ක් ලබා ගත්තේය. 

ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් උදාර ජයසුන්දර සමග එක්වෙමින් ලකුණු 174ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූහ. උදාර ජයසුන්දර පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේය. 

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 62කදී කඩුලු 2ක් දැවී 215) කඩුලු 9ක් දැවී 505 (146.5) සාලින්ද උෂාන් 54, බ්‍රාවිස් ෂෙට්ටි 157, ලහිරු මිලන්ත 95, ටී. එන්. සම්පත් 48, ශාහිඩ් යුසූෆ් 41, අලංකාර අසංක නොදැවී 50, ෂෙහාන් මධුශංක 20, ශිරාන් ප්‍රනාන්දු 5/97, ජනිත් ලියනගේ 2/27

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 7කදී කඩුලු 2ක් දැවී 28) කඩුලු 9ක් දැවී 366 (105) ලහිරු තිරිමාන්න නොදැවී 187, උදාර ජයසුන්දර 76, කල්හාර සේනාරත්න නොදැවී 22,   ලහිරු සමරකෝන් 3/119, ටී. එන්. සම්පත් 3/55, දුෂාන් හේමන්ත 2/51

දසුන් ශානක සහ මනෝජ් සරත්චන්ද්‍රත් ශතක සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා ………….

බ්ලුම්ෆීල්ඩ් සහ නුගේගොඩ (Tier B)

කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ තෙවැනි දිනය වන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ නුගේගොඩ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ඉරෝෂ් සමරසූරිය සහ ජහන්ගිර් මිර්සා අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ. 

එම ඉනිමේ දී ගයාන් සිරිසෝම ලකුණු 74කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. මෙම තරගයේ දී ගයාන් සිරිසෝම ලකුණු 171කට කඩුලු 12ක් දවා ගත්හ. ඔහු තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරන ලද 21 වැනි අවස්ථාව මෙය වේ. 

Photos: Bloomfield C & AC Vs Nugegoda S & WC | Major League Tier B Tournament 2019/20

ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී තම අවශ්‍යතාව සපුරා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩිල්හාන් කුරේ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 67ක් ලබා ගත්තේය. 

ඊට අමතරව නායක චාමර සිල්වා තරගය අවසන් වන විට පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය.  

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (80.2) ඩිලංක වික්‍රමසිංහ 45, ඉරෝෂ් සමරසූරිය 40, ප්‍රමුද් හෙට්ටිවත්ත 48, ෂෙහාන් වීරසිංහ 44, දෙනුවන් රාජකරුණා 51, ගයාන් සිරිසෝම 7/97

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 13ක දී කඩුල්ලක් දැවී 48) සියලුම දෙනා දැවී 327 (78.1) ඩිල්හාන් කුරේ 96, හර්ෂ විතාන 72, චාමර සිල්වා 35, මිෂේන් සිල්වා නොදැවී 51, මතීෂ පෙරේරා 4/91, පසිඳු මධුශාන් 5/74

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 22ක දී කඩුලු 2ක් දැවී 45) සියලුම දෙනා දැවී 231 (73.1) ඉරෝෂ් සමරසූරිය 52, පසිඳු මධුශාන් 22, ප්‍රමුද් හෙට්ටිවත්ත 23, දෙනුවන් රාජකරුණා 30, ජහන්ගිර් මිර්සා 54,  ගයාන් සිරිසෝම 5/74, සචින් ජයවර්ධන 2/37, තිලාන් තුෂාර 2/37

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 199 (34.3) ඩිල්හාන් කුරේ 67, සමීන් කඳනාරච්චි 23, චාමර සිල්වා නොදැවී 60, මතීෂ පෙරේරා 2/56, පසිඳු මධුශාන් 2/41

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<