යුද හමුදාව හා මීගමුව ජයග්රහණ වාර්තා කරයි

Major සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලිය 2021/22

138

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති තරගවල දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට සහ මීගමුව ක්‍රිකට් සමාජයට ජයග්‍රහණ හිමි වූවා. ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ කුරුණෑගල Youth ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.  

පැවති තරග 5ක්ම වර්ෂාව නිසා අයහපත් තත්ත්වයට පත් ක්‍රීඩාංගණ හේතුවෙන් නවතා දමන ලදි.

Group A – යුද හමුදාව සහ කුරුණෑගල Youth (දොඹගොඩ) 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්. 

කුරුණෑගල Youth: සියලුම දෙනා දැවී 77 (27.4) සමීර සඳමාල් 31, හේෂාන් හෙට්ටිආරච්චි 2/10, ගයාන් බණ්ඩාර 2/16, සීක්කුගේ ප්‍රසන්න 2/26, තුළිණ ඩිල්ශාන් 2/07.

යුද හමුදාව: කඩුලු 3ක් දැවී 78 (10.4) හිමාෂ ලියනගේ නොදැවී 21, අසේල ගුණරත්න නොදැවී 25, ලහිරු ජයරත්න 3/32. 

Group B – බදුරලිය සහ බ්ලුම්ෆීල්ඩ් (මග්ගොන Surry)

තරගයේ විසඳුමක් නොමැත.

බදුරලිය: සියලුම දෙනා දැවී 164 (31.5) Arjun Shetty 40, අලංකාර අසංක 28, මිතිර තේනුර නොදැවී 26, මිෂේන් සිල්වා 2/46, මධුක ලියනපතිරණගේ 2/13, මලිත් ද සිල්වා 2/26.

Group A – මුවර්ස් සහ නාවික හමුදාව (වැලිසර)

තරගයේ විසඳුමක් නොමැත.

මුවර්ස්: කඩුල්ලක් දැවී 85 (16.2) පබසර වඩුගේ නොදැවී 37, කවිඳු කුලසේකර නොදැවී 29.

Group B – පොලිස් සහ ගාල්ල (තිඹිරිගස්යාය)

තරගයේ විසඳුමක් නොමැත.

පොලිසිය: කඩුලු 8ක් දැවී 141 (25) තිලකරත්න සම්පත් 42, චතුරංග කුමාර නොදැවී 29, චතුර ලක්ෂාන් 3/25.

ගාල්ල: කඩුලු 2ක් දැවී 118 (18.2) යශෝධ ලංකා 23, රවීන් යසස් නොදැවී 21, චානක රුවන්සිරි නොදැවී 48.

Group A – ගුවන් හමුදාව සහ මීගමුව (කටුනායක)

මීගමුව ක්‍රිකට් සමාජයට ලකුණු 11ක ජයක්.

මීගමුව: කඩුලු 8ක් දැවී 137(42) මාධව වර්ණපුර 35, උපුල් ඉන්ද්‍රසිරි 23, ලසඳ රුක්මාල් 2/32, දුලාංජන මෙන්ඩිස් 2/19, අසන්ත සිංගප්පුලි 2/22.

ගුවන් හමුදාව: සියලුම දෙනා දැවී 126 (38.5) සමීන් කඳනාරච්චි 23, ඩිල්හාන් කුරේ 22, උපුල් ඉන්ද්‍රසිරි 3/28, පසිඳු උස්හෙට්ටිගේ 2/25, මාධව වර්ණපුර 2/15.

මේ අතර අද Group A යටතේ BRC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ කළුතර Town සමාජය සහ BRC කණ්ඩායම අතර තරගයත්, Group B යටතේ පී. සරා Oval පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Tamil Union සහ SSC කණ්ඩායම් අතර තරගයත් ක්‍රීඩාංගණවල පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවක්වත් නොයවා අතහැර දමන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<