ටොටන්හැම් නොසිතූ ලෙස පරාජය වෙද්දී ප්‍රබල කණ්ඩායම් සියල්ල ජය ගනී

140

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තය පසුගිය සෙනසුරාදා හා ඉරිදා ක්‍රියාත්මක වූ අතර ටොටන්හැම් කණ්ඩායම හැර අනෙක් ප්‍රබල කණ්ඩායම් සියල්ලම බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට සමත් විය.

ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාලසටහන එළි දැක්වේ; වසරේ ක්‍රීඩකයා මෝඩ්රික්

2018-19 තරග වාරය සඳහා UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ තේරීම ඉකුත් 30..

වට්ෆොර්ඩ් කණ්ඩායම හා ටොටන්හැම් කණ්ඩායම් ගැටේ.

වට්ෆොර්ඩ් කණ්ඩායම හා ටොටන්හැම් කණ්ඩායම අතර තරගය ඊයේ (2) Vicarage Road ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ටොටන්හැම් ක්‍රීඩකයින් කිසිදු ගෝලයක් වාර්තා නොකළත් තරගය අවසන් වූයේ ගෝල 2-1ක් ලෙස නොසිතූ ජයක් වට්ෆොර්ඩ් කණ්ඩායමට හිමිකර දෙමිනි.

තරගයේ පළමු ආසන්නම අවස්ථාවට සිය හිසෙන් පහර දුන් Dele Alli ගෝල රාමුවට ඉහළින් පන්දුව පා කර හැරියේ නිසැක ගෝල අවස්ථාවක් 13 වන මිනිත්තුවේ දී අපතේ යවමිනි.

පළමු අර්ධය: වට්ෆොර්ඩ් 00 – 00 ටොටන්හැම්

53 වන මිනිත්තුවේ දී ටොටන්හැම් කණ්ඩායමට නොමිලයේ ගෝලයක් හිමි වූ අතර Lucas Mouraගේ ප්‍රහාරයක් වට්ෆොර්ඩ් කණ්ඩායමේ Abdoulaye Doucoureගේ වැදී දැල තුලට ගියේ ටොටන්හැම් කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන එමිනි.   

ThePapare.com ප්‍රිමියර් ලීග් ක්‍රීඩාලෝලීන්ගේ කළමනාකරු – අගෝස්තු

ජර්ගන් ක්ලොප් (Liverpool FC) ‘Liverpool’ ක්‍රීඩා සමාජය ඔවුන් ක්‍රීඩා කළ…

Jose Holebasගේ නිදහස් පහරක් සාර්ථකව සිය හිසෙන් දැල වෙතට යොමු කළ Troy Deeney පළමු වට්ෆොර්ඩ් ගෝලය වාර්තා කළේ 69 වන මිනිත්තුවේ දී ගෝල සම කරමිනි.   

අනතුරුව තරගය තියුණු මුහුණුවරක් ගත් අතර පළමු ගෝලයට මිනිත්තු හතකට පසු Holebasගේම පන්දු යොමු කිරීමකින් Craig Cathcart ජයග්‍රාහී ගෝලය දැල් ගත කළේ  නොසිතූ ජයග්‍රහණයක් වට්ෆොර්ඩ් කණ්ඩායමට ගෙන දෙමින්.

අවසන් ලකුණු තත්වය: වට්ෆොර්ඩ් 02 – 01 ටොටන්හැම්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • වට්ෆොර්ඩ් – Troy Deeney 69′, Craig Cathcart 76′
  • ටොටන්හැම් – Abdoulaye Doucouré 53′ (og)

ලුකාකු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ජය ගෙනේ

රෝමෙලු ලුකාකුගේ සුපිරි ගෝල ද්විත්වයෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම යලිත් ජයග්‍රාහී මාර්ගයට අවතීර්ණ වූයේ බර්න්ලි කණ්ඩායම සමග තරගය ගෝල 2-0ක් ලෙස ජය ගනිමිනි.

තරගයට සුපිරි ආරම්භයක් ලබා ගත් ලුකාකු Alexis Sanchezගේ හරස් පන්දු යොමු කිරීමක් 27 වන මිනිත්තුවේ දී දැල වෙත යොමු කළේ මැන්චෙස්ටර් කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබා දෙමිනි.  

තෙවන සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තරග බොහොමයක්…

බර්න්ලි ගෝල රකින්නා, ජෝ හාර්ට් නැවත වතාවක් ආක්‍රමණයේ යෙදුණු ලුකාකුගේ ප්‍රහාරයක් වැළැක්වූ නමුත් පළමු අර්ධයේ නිමාවට මිනිත්තුවක් තිබිය දී ලුකාකුගේ ප්‍රහාරයෙන් ගැලවීමට ඔහු සමත් වූයේ නැත.  

පළමු අර්ධය: මැන්චෙස්ටර් යුනයිටඩ් 02 – 00 බර්න්ලි

Marcus Rashford දිනා දුන් දඬුවම් පහර සාර්ථක කරගෙන ගෝල 3-0ක් දක්වා යාමට තිබූ අවස්ථාවක් පොග්බා අපතේ යැවූ අතර ජෝ හාර්ට් පොග්බාගේ දඬුවම් පහර සුරැකිව ඉවත යොමු කිරීමට සමත් විය.

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු ලුකාකුට තවත් අවස්ථා දෙකක් හිමිවුනත් වඩා ආරක්ෂාකාරී වූ බර්න්ලි ක්‍රීඩකයෝ ලුකාකුට ගෝල ත්‍රිත්වය සපුරා ගන්නට ඉඩ ලබා දුන්නේ නැත.

අවසන් ලකුණු තත්වය: බර්න්ලි 00 – 02 මැන්චෙස්ටර් යුනයිටඩ්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • මැන්චෙස්ටර් යුනයිටඩ් – ලුකාකු 27’, 44’

ලෙස්ටර් කණ්ඩායම හමුවේ ලිවර්පූල් අපරාජිත වාර්තාව රැකගනී

ලෙස්ටර් සිටි කණ්ඩායම හා ලිවර්පූල් කණ්ඩායම ලෙස්ටර් සිටි හිදී තරග වැදුණු අතර ගෝල 2-1ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම සමත් විය.

Sadio Mane තරගයේ 10 වන මිනිත්තුවේ දී පළමු ලිවර්පූල් ගෝලය වාර්තා කළ අතර මේ තරග හතරක් තුළ ඔහු වාර්තා කළ සිව්වැනි ගෝලයයි.

නිව් කාසල් යුනයිටඩ් ක්‍රීඩකයෝ චෙල්සී කණ්ඩායමට ජයග්‍රහණය පූජා කරයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තවත් තරගයක් ඊයේ (26) චෙල්සි..

ලෙස්ටර් සිටි කණ්ඩායමේ Demarai Grayගේ හා James Maddisonගේ ප්‍රහාරයන් දෙකක් ඇලිසන් බෙකර් වැළැක්වූයේ තවදුරටත් ලිවර්පූල් කණ්ඩායමේ තරගයේ  ඉදිරියේ තබා ගනිමිනි. කෙසේ වෙතත් පළමු අර්ධය අවසානයට මොහොතක් තිබිය දී රොබර්ටෝ ෆර්මිනෝ දෙවන ගෝලයත් වාර්තා කළේ ලිවර්පූල් කණ්ඩායම සෑහෙන ඉදිරියට රැගෙන යමිනි. ජේම්ස් මිල්නර්ගේ corner අවස්ථාවක් ෆර්මිනෝ දැල වෙත යොමු කළේ මෙවර තරග වාරයේ පළමු ගෝලය ලෙසයි.

පළමු අර්ධය: ලිවර්පූල් 02 – 00 ලෙස්ටර් සිටි  

63 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Rachid Ghezzal ලෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් රැස් කළත් ලිවර්පූල් කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට එම ගෝලය ප්‍රමාණවත් වූයේ නැත.

අවසාන ලකුණු තත්වය: ලිවර්පූල් 02 – 01 ලෙස්ටර් සිටි

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ලිවර්පූල් – Sadio Mané 10′, Roberto Firmino 45′
  • ලෙස්ටර් සිටි – Rachid Ghezzal 63’

චෙල්සි කණ්ඩායමට පහසු ජයක්

Maurizio Sarriගේ චෙල්සි කණ්ඩායම සිය අපරාජිත වාර්තාව පස්වැනි සතිය දක්වා රැගෙන යමින් ස්ටැම්ෆොර්ඩ් හිදී බර්න්මවුත් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

පළමු අර්ධයේ දී ගෝලයක් රැස්කර ගැනීමට තිබූ එකම ආසන්න අවස්ථාව පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී චෙල්සි කණ්ඩායමට හිමි වූ නමුත් මාර්කෝ අලෝන්සෝ එම අවස්ථාව සාර්ථක කරගත්තේ නැත.

පළමු අර්ධය: චෙල්සි 00 – 00 බර්න්මවුත්

නේතන් ඒක් හට බර්න්මවුත් කණ්ඩායම පෙරමුණේ තැබීමට ලැබුණු අනගි අවස්ථාවක් අහිමි වූ අතර 72 වන මිනිත්තුවේ දී පෙඩ්රෝ, Olivier Giroudගේ පන්දු යොමු කිරීමක් අනගි ලෙස දැලට යොමු කළේ චෙල්සි කණ්ඩායම පෙරමුණට රැගෙන එමිනි.   

85 වන මිනිත්තුවේ දී ඇලන්සෝගේ පන්දු යොමු කිරීමක් හැසාඩ් දැල වෙත යොමු කළේ චෙල්සි කණ්ඩායමට පහසු ජයක් හිමිකර දෙමිනි.

අවසාන ලකුණු මට්ටම: චෙල්සි 02 – 00 බර්න්මවුත්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • චෙල්සි – පෙඩ්රෝ 72’, හැසාඩ් 85’   

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නැවතත් ජය මාවතට

රහීම් ස්ටර්ලින්ග්ගේ ආරම්භක ගෝලයෙන් හා කයිල් වෝකර්ගේ සුපිරි ගෝලයෙන් ගෝල 2-1ක් ලෙස මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම පරාජය කළේය.

සිටි කණ්ඩායම වෙනුවෙන් සිය 100 වන තරගය ක්‍රීඩා කළ ස්ටර්ලින්ග් අටවැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කළේ සිය කණ්ඩායම පෙරමුණේ තබමිනි.

තිස්වැනි මිනිත්තුවට ආසන්නයේ DeAndre Yedlin සයිමන් රොන්ඩොන්ගේ හරස් පන්දු යොමු කිරීමක් දැල්ගත කළේ තරගයේ ගෝල සම කරමිනි.   

පළමු අර්ධය: නිව්කාසල් යුනයිටඩ් 01 – 01 මැන්චෙස්ටර් සිටි

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු හතකට පසු වෝකර් දක්ෂ ප්‍රහාරයකින් ගෝලයක් රැස්කළ අතර එම ගෝලය සම කිරීමට නිව්කාසල් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණේ නැත.

අවසන් ලකුණු තත්වය: මැන්චෙස්ටර් සිටි 02 – 01 නිව්කාසල් යුනයිටඩ්

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • මැන්චෙස්ටර් සිටි – Raheem Sterling 8′, Kyle Walker 52’
  • නිව්කාසල් යුනයිටඩ් – DeAndre Yedlin 30′

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<