එංගලන්තයේ සිට නැවත සේවයට වාර්තා කරන ටෙස්ට් තරුව

1446

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථකම කඩුලු රකින මැදපෙළ පිතිකරුවන් අතරින් ඉදිරියෙන්ම නම කියැවෙන ප්‍රසන්න ජයවර්ධන නැවත වතාවක් තම දායකත්වය ජාතික කණ්ඩායම වෙත ලබා දීමට තීරණය කොට තිබෙන අතර එම නිසාම ඔහු වසර තුනකට ආසන්න කාලයක් පුරාවට නියෝජනය කරන එංගලන්තයේ වුඩ්හෝල් ස්පා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ ගත් තීරණය පිළිබඳව එකඟතාවකට ද පැමිණ තිබේ.

නායකත්වය නොදුන්නොත් ලෝක කුසලානයට පෙර මාලිංග සමුගැනීමේ සූදානමක

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමාගෙන් …

මෙරට නැගී එන දක්ෂතාවන්ගෙන් පිරිපුන් යොවුන් කඩුලු රකින්නන් සමඟින් සිය අත්දැකීම් සම්භාරය බෙදා හදා ගනිමින් ඔවුන්ගේ හැකියාවන් ඔප මට්ටම් කිරීම ප්‍රසන්න හමුවේ ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන අතර ඔහු වෙත පැවරී ඇති අනෙක් භාර ධූර වගකීම නම් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාතික කණ්ඩායම්වල කඩුලු රකින ක්‍රීඩකයින් වෙන වෙනම අධ්‍යයනය කරමින් ඔවුන් හට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනයන් ලබා දීමයි.

2016 වසරේ සිට එංගලන්තයේ හෝන්කාස්ට්ල් ප්‍රදේශයේ වුඩ්හෝල් ස්පා ගම්මානය සිය නිවහන කර ගත් ප්‍රසන්න වසර තුනකට ආසන්න කාලයක් එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සුවිශේෂී දස්කම් පෑමට සමත් වී ඇති අතර මෙම නව පත්වීමත් සමඟම 2019 තරගවාරයේ තරග කිහිපයක් ඔහු හට මඟ හැරී යාමට ඉඩකඩ ඇති නමුත් තරගාවලිය නිමා වීමට මත්තෙන් නැවත වතාවක් කණ්ඩායම සමඟ එක්වීමට ඔහු බලාපොරොත්තුවෙන් පසු වේ.

තිරිමාන්නගේ ශතක ඉනිම වැසි දියේ සැඟවෙයි

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් අන්තර් පළාත් සුපර් 4 …

වුඩ්හෝල් කණ්ඩායම් කළමණකරු ටෝනි ආම්ස්ට්රෝන් මහතා ප්‍රසන්න හට උදා වී ඇති මෙම මහඟු අවස්ථාව පිළිබඳ සිය සතුට පළකරමින් මෙසේ ඒ පිළිබඳව සඳහන් කර සිටියේය.

P. J. කියන්නේ අපේ කණ්ඩායමේ ඉන්න වටිනාම සම්පතක්. ක්‍රිකට් පිළිබඳ ඔහුට තියෙන දැනුම ඉතාමත් ඉහළයි. ඔහු ක්‍රීඩා කරන විලාසය පිළිබඳ හොඳ අධ්‍යයනයක නිරත වුනොත් නවක ක්‍රීඩකයින් හට ඔහුගෙන් ඉගෙනීමට බොහෝ දේවල් තියෙනවා. දැනටමත් ඔහු දිහා බලාගෙන හැදෙන තරුණ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා.”

සංචිතගේ ශතකය රාජකීය අවසානයක් ගෙනෙයි!

අද (11) දිනය පුරාවට දැක්වූ සුපිරි පිතිකරණ දක්ෂතා නිසා 2018/19 සිංගර් වයස අවුරුදු …

“අපි බලාපොරොත්තු වෙනවා ඔහු අපිත් සමඟ තිබෙන සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට පවත්වා ගනිමින් ඉදිරි වසරවලදීත් ඔහුගේ සේවය උපරිමයෙන් ලබා දේවී කියලා. ඉතින් අපි ඔහුට හදවතින්ම සුබ පතනවා.”

පසුගිය වසර කිහිපය පුරාවටම තම කණ්ඩායම සහ සියලුම ක්‍රීඩාලෝලීන් සමඟ ගත කළ කාලසීමාව පිළිබඳව ආවර්ජනය කරමින් ප්‍රසන්න පවසා සිටියේ තමා ආගන්තුක රටක වාසය කළත් එවැනි හැඟීමක් කිසිදු ආකාරයෙන් දැනීමට ඉඩ නොහළ සියලු දෙනා හටම ස්තූතිය පුද කරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<