දෝනිගේ ක්‍රිකට් සංධිස්ථාන

273

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේම ඉන්දියාව වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දී ඇති මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී මතකයන් කිහිපයක් මෙසේ සටහන් තබමු.

දෝනි සහභාගී වූ එක් එක් තරගවල දක්ෂතාවන්

Mat Inns NO Runs HS Ave 100 50 4s 6s Ct St
ටෙස්ට් 90 144 16 4876 224 38.09 6 33 544 78 256 38
එක්දින 350 297 84 10773 183* 50.57 10 73 826 229 321 123
විස්සයි/20 98 85 42 1617 56 37.60 0 2 116 52 57 34

දෝනිගේ ටෙස්ට් තරග ඉතිහාසය

  • වයස අවුරුදු 19ක් වූ 2005 වසරේ දෙසැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ දී ටෙස්ට් වරම් දිනා ගත්තේය.
  • දෝනි 1932න් ඇරඹෙන ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ 31 වැනි නායකයා ය. 
  • 2008 – 2014 වසර දක්වා දෝනි ටෙස්ට් තරග 60ක් නායකත්වය දරමින් ඉන් තරග 27ක් ජයග්‍රහණය කරවීමට සමත්ව ඇති අතර පරාජය වී ඇති තරග සංඛ්‍යාව 18කි. විසඳුමකින් තොරව අවසන් ව ඇති තරග ප්‍රමාණය 15කි.
  • දෝනිගේ නායකත්වයෙන් ජය ගත් ටෙස්ට් තරග 27 ඉන්දීය නායකයෙක් විසින් දිනා ඇති තරග අතර පළමු තැන ගනී. එහි දෙවැනි තැන හිමිවෙන්නේ ටෙස්ට් තරග 21ක් ජය ගන්නට නායකත්වය දුන් සෞරව් ගංගුලි ය.

දෝනිගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසය  

  • වයස අවුරුදු 18ක් වූ 2014 වසරේ දෙසැම්බර් 23 වැනිදා බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේය.
  • 1974න් ආරම්භ වෙන ඉන්දීය එක්දින ජාත්‍යන්තර තරග වංශ කතාවේ 19 වැනි නායකයා වන්නේ දෝනි ය. 
  • 2007 – 2018 වසර දක්වා එක්දින කණ්ඩායමේ නායකයා වන දෝනි එක්දින තරග 200කට නායකත්වය දී ඇත. ඉන් තරග 110ක් ජයග්‍රහණය කරවීමට දෝනි සමත් වන අතර පරාජිත තරග සංඛ්‍යාව 74කි. විසඳුමකින් තොරව අවසන් තරග 11ක් සහ ලකුණු සමවීමෙන් අවසන් තරග 5ක් ද ඒ අතර වේ. 
  • 2011 වසරේ ජයග්‍රාහී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය නායකයා වන්නේ ද දෝනි ය. 
  • දෝනි සහභාගී වූ 350ක් වන එක්දින තරග ඉතිහාසයේ තරග දෙකක දී පන්දු යවා ඇති අතර ඉන් 2009 සැප්තැම්බර් මස ජොහැන්නස්බර්ග් හිදි පැවති බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගයේ දී පන්දුවාර 2ක් යවමින් ලකුණු 14ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තේ ය. දැවී ගිය ක්‍රීඩකයා වන්නේ ට්‍රැවිස් ඩව්ලින් ය. ඒ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. 

දෝනිගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසය

  • වයස අවුරුදු 20ක් වූ 2006 වසරේ දෙසැම්බර් 1 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ දකුණු අප්‍රිකාවේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නේය. 
  • 2006 වසරෙන් ආරම්භ වන විස්සයි විස්ස තරග පිටියේ දෙවැනි නායකයා දෝනි ය. 
  • 2007 – 2016 කාල වකවානුවේ විස්සයි විස්ස නායකත්වයේ සිටින දෝනි තරග 72ක දී කාසියේ වාසිය උරගා බැලීමට පිටියට ගොස් ඇත. ඉන් තරග 41ක් ජයග්‍රහණය කරන අතර පරාජිත තරග ලෙසින් 28ක් ද නොවිසඳුණ තරග 2ක් සහ ලකුණු සම වීමෙන් තරගයක් ද ඇත. 
  • 2007 වසරේ පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහි ඉන්දිය කණ්ඩායම මෙහෙයවීම.

වෙනත් වාර්තා

  • ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වර්ග ත්‍රිත්වයේ නායකත්ව එකතුව වන 332 , සියලු රටවල නායකයන් අතුරින් පළමු තැන ගනී.
  • ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර කඩුලු රකින නායකයන් අතුරින් ඉනිමක වැඩිම ලකුණුලාභියා වන්නේ ද දෝනි ය.
  • 2010 සහ 2016 වසරවල ආසියානු කුසලානය දිනා ගත් කණ්ඩයම් මෙහෙයවීම.
  • 2013 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශූරයන්ගේ කුසලාන දිනා ගත් කණ්ඩායම මෙහෙයවීම.
  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන ලද ලෝක ක්‍රිකට් කණ්ඩායමේ 2009, 2010 සහ 2013 වසරවල නායකත්වයට පත් වීම.
  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට 8 වතාවක් දෝනි නම් කරනු ලැබූ අතර ඉන් අවස්ථා 5ක දී නායකත්වයට නම් කිරීම. 
  • ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් 2010, 2011 සහ 2018 වසරවල ශූරතාව දිනා ගැනීම. 
  • ටයිම් සඟරාව මගින් නම් කරන ලද ලොව බලගතුව පුද්ගලයන් 100 දෙනා අතරට දෝනිගේ නම ද ඇතුළත්ව තිබුණි. 

තවත් විශේෂාංග ලිපි:

ඉන්දීය වාර්තා

  • ඉන්දීය කඩුලු රකින්නන් අතුරින් ටෙස්ට් ලකුණු 4000ක් ඉක්මවා ලබා ගත් අය අතර පළමුවැනියා වන්නේ දෝනි ය. 
  • ඉන්දියන් කඩුලු රකින්නන් අතුරින් පෞද්ගලිකව වාර්තා කරන ලද හොඳම ඉනිමේ හිමිකාරිත්වය (224) ද දෝනි සතු ය.
  • එක්දින පිටියේ දෝනි කඩුලු සබඳතා මත පිහිට වූ වාර්තා දෙකකට හිමිකම් කියයි. 
  1. 2012 වසරේ චෙන්නායි හිදී පැවති පාකිස්තානයට එරෙහිව තරගයේ දී දෝනි සහ රවිචන්ද්‍රන් අශ්වින් එක්ව 7 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 125ක් ලබා ගත්හ.
  2. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 2017 පැවති තරගයක දී දෝනි සහ බුවනේශ් කුමාර් 8 වැනි කඩුල්ලට නොදැවී ලබා ගත් ලකුණු 100 ද තවමත් වාර්තා පොත් සරසයි. 
  • විස්සයි විස්ස පිටියේ කඩුලු සබඳතා මත දෝනිට හිමිව ඇති වාර්තා ගණන 3කි. 
  1. 2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් සමග ලවුන්ඩර්හිල් හිදී පැවති තරගයේ දී දෝනි සහ කේ. එල්. රාහුල් සමඟ සිව්වැනි කඩුල්ලට එක්වෙමින් ලකුණ 107ක් රැස් කරන්නේය.
  2.  එමෙන්ම ඔහු 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව රාජ්කොට් හි දී යුවරාජ් සිං සමඟ එක්වෙමින් 5 වැනි කඩුල්ලට නොදැවී රැස් කරන ලද ලකුණු 102 ද තවමත් වාර්තා පොතේ සුරැකේ. 
  3. ඊට අමතරව 2009 වසරේ දී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහිව 6 වැනි කඩුල්ලට යූසුෆ් පතන් සමඟ එක්වෙමින් නොදැවී ලබා සිටි ලකුණු 63 ද තවමත් වාර්තාවකි.
  • ටෙස්ට් තරග පිටියේ දවා ගැනීම් 294ක් එක්දින තරග පිටියේ දවා ගැනීම් 438ක් සහ විස්සයි විස්ස තරග පිටියේ දවා ගැනීම් 91ක් දෝනි ගේ නම ඉදිරියේ සටහන් වේ. මේ සියලු දේ ම සටහන් වෙන්නේ ඉන්දියාවේ පළමුවැනියා වෙමිනි. 
  • ටෙස්ට් තරගයක ඉනිමක දවා ගැනීම් 6ක් ලෙසින් සටහන් පුද්ගලයන් සිව්දෙනා අතර දෝනි ද එක් ව සිටී. එමෙන්ම එක්දින තරග පිටියේ ද ඉහළින්ම ඉන්නේ දෝනි ය. විස්සයි විස්ස තරග පිටියේ වැඩිම දවා ගැනීම් හී පළමු අවස්ථා 10 ම හිමිව ඇත්තේ දෝනි ට ය. 

ඉන්දීය ගෞරව නාම

  • 2007-08 රජීව් ගාන්ධි රත්න සම්මානයෙන් පිදුම් ලැබීම.
  • 2009 දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීම.
  • 2018 දී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම. 

ජාත්‍යන්තර සම්මාන

  • 2008 සහ 2009 වසරවල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීම. පිට පිට වසර ද්වත්වයක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ක්‍රීඩකයා වූයේ දෝනි ය.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<