ඔලිම්පික් සරල කරන්නට අවධානය

132

කොරෝනා වසංගතය නිසාවෙන් ලබන වසර දක්වා කල්දැමූ ඔලිම්පික් තරගාවලිය පෙර පරිදි උත්සවශ්‍රීයෙන් නොපවත්වා සරලව පැවැත්වීමට ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ අවධානය යොමුව ඇත.

නෝර්වේ ශූරයාගෙන් ලෝක වාර්තාවක්

මෙම තීරණය පිළිබඳව දැනුම් දෙමින් ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රධානී යොෂීරෝ මෝරී ප්‍රකාශ කර සිටියේ තරගාවලියේ පිරිවැය අඩු කිරීමට මෙන්ම එය පැවැත්වීමට ආරක්ෂිත පරිසරයක් ලබා දීමේ අරමුණින් තරගාවලිය සරලව පැවැත්වීමට තීරණය කළ බවයි.

“ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුව විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ මේ ගැන සාකච්ඡා කරමිනුයි ඉන්නේ, අප තරගාවලිය සරලව තියන්න පුළුවන් ක්‍රම බොහොමයක් ගැන සොයා බලනවා. ඒත් මේ වෙලාවේ අපි සැලසුම් කරන්නේ මොකක්ද කියලා කියන්න මට හැකියාවක් නැහැ” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි

මීට අමතරව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුව විසින් නිවේදනය කර සිටියේ මෙවර තරගාවලිය සඳහා සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කර ගැනීමට අන්තර්ජාතික ක්‍රීඩා සංගම් සමඟින් සාකච්ඡා කිරීමට තමන් සූදානමින් පසුවන බවයි.

ගෝමතිගේ දඬුවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වාසි

මෙම ඔලිම්පික් කල්දැමීම නිසාවෙන් ජපානයට දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2 සිට 6 දක්වා වූ අමතර පිරිවැයක් දැරීමට සිදු වන අතර පසුගිය දා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙම වැඩි වූ පිරිවැය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් වෙන් කරන ලදි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය කොරෝනා වයිරස තත්වය නිසාවෙන් තරගාවලිය ලබන වසරේ (2021) ජූලි මස දක්වා කල් දමන ලදි.

ලොව පුරා පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් ජපානය තුළ මේ දක්වා පුද්ගලයින් 900කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයින් 17,000කට අධික පිරිසක් රෝගීතත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<