19න් පහළ ජාතික රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙපළක්

365

වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම රජීව් පෙරේරා මහතාට සහ කොළඹ ඉසිපතන විද්‍යාලයේ වත්මන් පුහුණුකරු ලසින්ත ද කොස්තා මහතා වෙත පැවරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත.

ඕල් බ්ලැක්ස්ට 2000යි

සරත් සෘතුවේ ඇරඹුමත් සමඟින් නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම යුරෝපානු සංචාරයක..

තරගාවලියේ ඉහළම කාණ්ඩය සඳහා මෙවර සහභාගී වන්නේ ශ්‍රී ලංකාව සහ හොං කොං යන කණ්ඩායම් පමණක් වන බැවින් මෙවර තරගාවලිය පවත්වනු ලබන්නේ නව ආකෘතියක් යටතේ ය. මෙවර තරගාවලියේ ඉහළම කාණ්ඩය සඳහා චීන තායිපේ කණ්ඩායම සහභාගී නොවන අතර ඒ අනුව තරගාවලියේ නව ආකෘතියට අනුව ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම් තම රටේ දී සහ ප්‍රතිවාදී කණ්ඩායමේ රටේ දී එක් තරගයකට බැගින් තරග දෙකකට සහභාගී වනු ඇත.  

ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය දෙසැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර අනෙක් තරගය දෙසැම්බර් මස 16 වන දින හොං කොං හිදී පැවැත්වෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික රග්බි පුහුණු කිරීමේ තලය තුළ මේ වන විට සැලකිය යුතු කාලයක් සේවය කර ඇති රජීව් පෙරේරා මහතා මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අරමුණින් පසුවනු ඇත. රග්බි පුහුණු කිරීමේ ක්‍ෂේත්‍රයට පිවිසීමට පෙර ඔහු හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකයෙක් ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු 2012 වසරේ දී ලීග් ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

ඉසිපතනයට නව රග්බි නායකයෙක්

කොළඹ ඉසිපතන විද්‍යාලයේ කළමනාකරණ හා සංවර්ධන කමිටුව විසින් මනිල්ක සුලක්ෂණ..

ඉන් අනතුරුව අවස්ථා කිහිපයක දී ම පෙරේරා මහතා ජාතික රග්බි කණ්ඩායමේ කළමනාකරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇත. එමෙන්ම 2016 වසරේ දී කෙවින් ඩික්සන්ගේ නායකත්වය යටතේ වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන් ද කටයුතු කළේ ඔහු ය. එමෙන්ම පසුගිය දා අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමට ද ඔහු ඒ ආකාරයටම ඔහුගේ දායකත්වය ලබා දීමට සමත් විය.

කෙසේ නමුත් අනෙක් පසින් පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක පුහුණුකාරීත්වය දරන ලසින්ත ද කොස්තා මහතා හට මෙය නවමු අභියෝගයක් වනු ඇත. කොළඹ ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු අවස්ථා රැසක දී ශ්‍රී ලංකා ජාතික පහළොස් සාමාජික මෙන්ම සත් සාමාජික කණ්ඩායම් ද නියෝජනය කර ඇත. එමෙන්ම ඔහු ක්‍රීඩා කළ කාලය තුළ විශිෂ්ට ගණයේ ‘Flyhalf’ ක්‍රීඩකයෙක් වශයෙන් නම් දරා සිටි ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වැදගත් ජයග්‍රහණ රාශියකටම මෙහෙය වන්නට ද සමත්ව ඇත.

පසුගිය තරග වාරයේ දී ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වගකීම බාර ගන්නා ඔහු පාසල් රග්බි ලීග් තරගාවලියේ මෙන්ම මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ද දෙවන ස්ථානය කරා කණ්ඩායම සාර්ථකව මෙහෙය වන්නට සමත් විය.  

පෙරේරා මහතා මෙන්ම කොස්තා මහතා ද දෙවන තලයේ පිළිගත් පුහුණුකරුවන් දෙපළක් වන අතර ඔවුන් දෙදෙනාම මේ වන විට තුන්වන තලයේ වැඩසටහනේ නිරත වී සිටී.

‘ඉහළ කාර්ය සාධන අධ්‍යක්ෂ’ ඉන්ති මරිකාර් මහතා වැඩසටහන අධීක්ෂණය කරන අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා රග්බි ආයතනය මෙම තරගාවලිය සඳහා පුහුණු සංචිතයක් තෝරා ගැනීමේ කටයුතුවල නිරතව සිටී.

මෙවර තරගාවලියේ දී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබා දෙමින්, කණ්ඩායම කනිෂ්ඨ රග්බි ලෝක කුසලාන තරගාවලිය කරා රැගෙන යාමේ අඩිතාලම සකස් කිරීමේ වගකීම පෙරේරා මහතාට සහ කොස්තා මහතා වෙත පැවරී ඇත.

කෙසේ නමුත් පසුගිය වසරේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව එතරම් ඉහළ දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ අතර ඔවුන් එහි දී වාර්තා කර ගැනීමට සමත් වූයේ එක් ජයග්‍රහණයක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව, මැලේසියාවට ඉදිරියෙන් 3 වන ස්ථානයේ රැඳෙමින් තරගාවලිය අවසන් කළේය. කෙසේ නමුත් මෙවර ශ්‍රී ලංකාවේ දී ද තරගයක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට එහි වාසිය ද හිමි වේ. ඒ අනුව මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් පවතී.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<