ඕල් බ්ලැක්ස්ට 2000යි

529
(AP Photo/Natacha Pisarenko)

සරත් සෘතුවේ ඇරඹුමත් සමඟින් නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම යුරෝපානු සංචාරයක නිරතව සිටින්නේ ටෙස්ට් තරග කිහිපයක් සඳහායි. ලොව ජනප්‍රියම රග්බි කණ්ඩායම ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි ඔවුන්, තම දෙදහස් වන උත්සාහක දිනුම වාර්තා කරන්නට එහි දී සමත් වුනේ ලොව අන් කිසිදු ටෙස්ට් රග්බි කණ්ඩායමක් ඒ අභියසටවත් නොපැමිණි පසුබිමකදීයි.

All blacks හකාවේ කතාව

ඔබ ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායමට ප්‍රිය කරන්නෙකු නම්, ඔවුන්ගේ හකා නර්තනය ඔබට..

පසුගිය 11 වැනිදා නවසීලන්තය සහ ප්‍රංශය, ගෘපාමා ක්‍රීඩාංගණයේ දී තරග වැදුණේ ප්‍රේක්ෂක ජනගඟක් මධ්‍යයේයි. එහි පළමු අර්ධයේ දී ඕල් බ්ලැක්ස් ඉතිහාසයේ 1998 වැනි උත්සාහක දිනුම ඩෑන් කෝල්ස්ගේ දෑතින් වාර්තා වූ අතර 1999 වැන්න වාර්තා වූයේ වයිසාකි නහොලෝ අතිනි. 2000 වැනි උත්සාහක දිනුම සඳහා ඕනෑම අයෙකුට ඉඩ තිබූ නමුත් වෘත්තීය ක්‍රීඩකයන් වන ඕල් බ්ලැක්ස් දැවැන්තයන් පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේය.

සෙන්ටර් ක්‍රීඩක සනී බිල් විලියම්ස් විසින් පාදයෙන් බිම දිගේ ඇදී යාමට සැලැස්වූ පන්දුව, හඹා ගොස් ප්‍රතිවාදී උත්සාහක දිනුම් රේඛාව මත ස්ථානගත කළ රයන් ක්‍රොටී, ඕල් බ්ලැක්ස් ටෙස්ට් රග්බි ඉතිහාසයේ 2000 වැනි උත්සාහක දිනුමට හිමිකම් කීය.

courtesy – pbs.twimg.com, Caption – රයන් ක්‍රොටී 2000 වැනි උත්සාහක දිනුම වාර්තා කළ අයුරු

1903 වසරේ දී පළමු වරට ජාත්‍යන්තර රග්බි පිටියට පියමැනීමෙන් පසුව සාර්ථකම රග්බි කණ්ඩායමක් බවට පත්වූ ඕල් බ්ලැක්ස් කණ්ඩායම 1905 වසරේ දී පළමු වරට එංගලන්ත සංචාරයක නිරත වූ අතර එහි දී උත්සාහක දිනුම් වර්ෂාවකින් එංගලන්තය නහවන්නට ඔවුන්ට හැකි විය.

Courtesy – upload.wikimedia.org, Caption – 1905 වර්ෂයේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ සිතුවමක්

ඉන් පසු ලෝක රග්බි තලයේ දැවැන්තයන් බවට පත්වූ ඔවුන් 1987 වසරේ දී හඳුන්වා දුන් රග්බි ලෝක කුසලානය ද ඇතුළුව මේ වන විට ලෝක කුසලාන තුනක් දිනාගෙන ඇත. උත්සාහක දිනුම් 2000ක් වෙත ආ ගමනේ දී ඔවුන් පසු කළ විශේෂිත පිමි කිහිපයක් ඇත.

Courtesy – static.standard.co.uk, Caption – 2015 රග්බි ලෝක කුසලානය දිනාගත් ඕල් බ්ලැක්ස් කණ්ඩායම

කිසිදු ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයෙකු මෙතෙක් උත්සාහක දිනුම් 50කට වඩා වාර්තා කොට නැත. ලොව වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයන් අතර පළමු පස්දෙනා තුළවත් කිසිදු ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයෙකු නැත. ඕල් බ්ලැක්ස් වෙනුවෙන් වැඩිම උත්සාහක දිනුම් වාර්තා කොට ඇති ඩග් හෝලට් උත්සාහක දිනුම් 49ක් ලබා ඇති අතර වැඩිම ඕල් බ්ලැක්ස් ලකුණු ලාභියා වන්නේ ඩැනියෙල් කාටර් ය. ඒ ලකුණු 1598ක් ලබා ගනිමිනි.

වෙනත් කිසිදු කණ්ඩායමක් ටෙස්ට් උත්සාහක දිනුම් 2000 අසලටවත් පැමිණ නැත. කණ්ඩායමක් වශයෙන් හොඳින්ම ක්‍රීඩා කරන කණ්ඩායම ඕල් බ්ලැක්ස් කණ්ඩායමයි. රග්බි තරග ජය ගැනීමේ සූත්‍රය ඔවුන් සතුය.

2000 වසරේ සිට 2010 වසර දක්වා ඕල් බ්ලැක්ස් කණ්ඩායම විසින් වාර්තා කළ උත්සාහක දිනුම්වලට වඩා ඔවුන් 20 වැනි සියවසේ දී වාර්තා කළ උත්සාහක දිනුම් ප්‍රමාණය වැඩිය.

ලෝක රග්බි ක්‍රීඩාවට ප්‍රේක්ෂකාකර්ෂණය කැඳවාගෙන එන මෙම දැවැන්ත කණ්ඩායමේ නැවතුම මෙය නොවනු ඇත. තවදුරටත් කණ්ඩායමක් මෙන් ක්‍රීඩා කොට ඔවුන් සිදුකරන වික්‍රමයන් නැරඹීමට හදවතින්ම “නවසීලාංකික” අපි ද දෑස් දල්වාගෙන සිටිමු.    

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<