යොවුන් ශූරිය නැවතත් සටනට

197

ඩන්කන් වයිට් හා සුසන්තිකා ජයසිංහට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනා ගත් එකම ක්‍රීඩිකාව වන යොවුන් ක්‍රීඩිකා පාරමි වසන්ති මාරිස්ටෙලා කලකට පසු නැවතත් තම පුහුණුවීම් ආරම්භ කොට තිබෙනවා.

අත්වැරැද්දක් නිසා ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තු සුන්වෙයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මේ වසරේ ජපානයේ ……….

2018 ආර්ජෙන්ටිනාවේ දී පැවති යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කළ පාරමී 2000m බාධක දිවීම ඉසව්ව මිනිත්තු 6යි තත්පර 33.6ක කාලයකින් නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගන්නේ යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වෙමිනි.

එම ජයග්‍රහණයෙන් ටික කලකට පසුව පාරමිගේ ක්‍රීඩා දිවියට බාධා පැමිණෙන්නේ ඇය ආබාධ කිහිපයකට මුහුණ දීමත් සමඟිනි. ඒ සමඟින් ඇය ක්‍රීඩා දිවියෙන් කෙටි කලක් ඈත්ව සිටි අතර නැවතත් පුහුණුවීම් සඳහා යොමු වී ඇති බව වාර්තාවන්නේ ක්‍රීඩාලෝලීන්ගේ ද බලාපොරොත්තු ඉහළ දමමිනි.

“මාගේ පුහුණුවීම් සියල්ල අවසානයේ මා ආබාධයට ලක් වුනා, නමුත් මා වේදනා නාශක පමණක් ලබාගෙන තරගාවලියට මුහුණ දුන්නා. මාගේ ආත්ම විශ්වාසය සහ දක්ෂතා නිසාවෙන් මට හැකි වුනා ලෝකඩ පදක්කම ජය ගන්නට” යැයි ඇය පැවසීය.

පාරමී සිය ජයග්‍රහණයෙන් අනතුරුව

එම ජයග්‍රහණයෙන් අනතුරුව අනාගත ඔලිම්පික් සිහිනයක් බවට පාරමී පත් වූවත් ඈ පසුපස හඹා ආ ආබාධ ඇයව පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඒ පිළිබඳව අදහස් දක්වමින් පාරමී පැවසුවේ, 

“මම බොහෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර අරන් බැලුවා. නමුත් මට අවසානයේ වෛද්‍ය හිමන් ද සිල්වා මුණගැසුණා, ඔහුට ස්තූති වෙන්න මා නැවතත් පිටියට පා තබනවා.” 

ඇය මේ වන විට කෙන්යානු ජාතික පුහුණුකරුවෙකු වන ඩෑන් මුචෝකි සමඟ පුහුණුවීම් කටයුතු සිදු කරමින් පවතින අතර දැනට කිසිදු ඉක්මන් තරගාවලි සහභාගිත්වය සිදු නොකිරීමට ඇය තීරණය කර ඇත. කෙසේ නමුත් ලාංකික ජනතාවගේ බලාපොරොත්තු වලට නැවත පණ දෙමින් පාරමී නුදුරේදීම නැවතත් තරග පිටියට බසිනු ඇත.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<