Home Sinhala ශ්‍රී ලංකා නැගී එන පිළට කඩුලු 3ක පරාජයක්!

ශ්‍රී ලංකා නැගී එන පිළට කඩුලු 3ක පරාජයක්!

360

දකුණු අප්‍රිකානු සංචාරයේ තමන් මේ දක්වා මුහුණ දුන් තරග 3ම ජයගෙන සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අද (06) මුල්වරට තරග පරාජයක අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. ඒ ප්‍රිටෝරියා හිදී අද පැවති එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම කඩුලු 3ක ජයක් වාර්තා කර ගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකා නැගී එන පිළ අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කරයි!

මනා පාලනයකින් යුතු වූ පන්දුකරණයත්, මැදපෙළ පිතිකරුවන් පෙන්වූ විශ්වසනීය පිතහරඹයත් නිසා දකුණු අප්‍රිකානු….

ඊයේ තරගය පැවති ක්‍රීඩාංගණයේ දී ම අද තරගයත් ක්‍රියාත්මක වූ අතර එහි දී නැවත වරක් කාසියේ වාසිය දිනා ගැනීමට තරම් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක වාසනාවන්ත විය. එහි දී මුල්වරට තම තීරණයේ වෙනසක් සිදු කරමින් මුලින් පන්දුවට පහර දීමට අසලංක තීරණය කළේය. ඒ මීට පෙර පැවති තරග 3ම මුලින් පන්දු යවා ජයගෙන තිබූ වටපිටාවක් තුලයි.

මෙම විශ්මිත තීරණය අද තරගයේ අවසන් ප්‍රතිඵලයට ද සෘජුව බලපෑම් කළ බව තහවුරු වන්නේ ශ්‍රී ලංකා පිතිපෙළ මෙම සංචාරයේ දී ඕනෑම ලකුණු සංඛ්‍යාවක් සැලසුම් සහගතව හඹා යාමට සමත්කම් දැක්වූ නිසාවෙනි.

අද තරගයේ මුලින් පන්දුවට පහර දීම තෝරා ගැනීමෙන් අනවශ්‍ය පීඩනයක් ශ්‍රී ලංකා පිළ බලෙන් පටවා ගත් අතර ඒ නිසාවෙන්ම ඉනිම පුරාවට කඩුලු බිඳ වැටෙමින් විශාල ලකුණු ගණනක් කරා යාමේ අවස්ථාව ඔවුන්ට අහිමි විය. එහි දී කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සහ නායක අසලංක අද තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ අතර අනෙක් පිතිකරුවන්ට ද සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා ලෙස කමිඳු මෙන්ඩිස් පන්දු 55කදී නොදැවී ලකුණු 54ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟයි.

මැතිව්ස් තෙවැනි වරටත් ඉන්දියාවට ශතකයකින් සංග්‍රහ කරයි

අවශ්‍යම අවස්ථාවක ලකුණු අතරට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතකයෙන් හැඩ වුන ශ්‍රී ලංකාව අද (06) ඉන්දියාවට….

ඒ හැරෙන්නට සඳුන් වීරක්කොඩි ලකුණු 42ක් ද පැතුම් නිස්සංක ලකුණු 37ක් ද රැස් කළ ද ඔවුන් ද අද සැලකිය යුතු පන්දු ගණනක් තම ඉනිම් වෙනුවෙන් යොදා ගත්හ. වෙනකක් තමා ප්‍රහාරක පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වා ඇති ලහිරු මධුශංක ද අද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු 30ක් ලබා ගැනීමට පන්දු 55ක් වැය කළේය.

මේ නිසා ශ්‍රී ලංකා පිළට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 247ක් පමණි. පන්දු යැවීමේ දී කයිල් සිමන්ඩ්ස් සහ ඩයන් ගැලියෙම් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ.

පසුගිය තරගවල දත්ත සලකා බැලූ කල ලකුණු 250කට ආසන්න ඉලක්කයක් ද මෙම පිටියේ දී තරගයක් ලබා දීමට ප්‍රමාණවත් විය හැකි බව පෙනුණ ද දකුණු අප්‍රිකාව අද තරගය තමන් කෙරෙන් ගිලිහෙන්නට කිසිදු ඉඩක් තැබුවේ නැත. ඒ ඔවුන්ගේ බොහෝමයක් පිතිකරුවන් තම වගකීම අකුරටම ඉටු කළ බැවිනි. අනෙක් අතින් ඔවුන් සපුරා ගත යුතු ඉලක්කය නිශ්චිතවම දැන සිටි නිසා පීඩනයකින් තොරව ලකුණු හඹා යාමේ අවස්ථාව ද ඔවුන්ට නිතැතින්ම හිමි විය.

ඉනිම ආරම්භයේ දී ම මැතිව් බ්‍රීස්කි අර්ධ ශතකයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයකට අවශ්‍ය පදනම සැකසූ අතර මැදපෙළ පිතිකරුවන් ලෙස කඩුලු රකින පිතිකරු සිනෙතෙම්බා කුයිශිල් ලකුණු 37ක් ද, නායක ටෝනි ඩි සෝර්සි ලකුණු 30ක් ද ලබා ගත්හ. තරගයේ අවසන් කොටසේ දී දකුණු අප්‍රිකානු ජය ස්ථිර කරනු ලැබුවේ කයිල් සිමන්ඩ්ස් පන්දු 26ක දී නොදැවී ලබා ගත් ලකුණු 44යි. ඔහුගේ ප්‍රහාරයට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානුවන් දිරිමත් කළ ශ්‍රී ලාංකිකයෙකු ගැන පුහුණුකරු කතා කරයි

2019 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් කිහිපයෙන් එකක් ලෙස…

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කෙරෙන් සුවිශේෂී දස්කම් ඉස්මතු නොවූ අතර ලහිරු මධුශංක සහ චාමික කරුණාරත්න තරමක ප්‍රහාරයකට ලක්වීම නිසා පන්දුයවන්නන් වෙනස් කිරීම ද ගැටලුකාරී වූ බව පෙනෙන්නට විය. අද ශ්‍රී ලංකා පිළේ වඩාත්ම සාර්ථක පන්දු යැවීම වූයේ අමිල අපොන්සු ලකුණු 46කට කඩුලු 2ක් බිඳ හෙලීමයි. මීට අමතරව එක් කඩුල්ල බැගින් ලහිරු, චාමික, අසලංක, කමිඳු සහ කළණ පෙරේරා අතරේ බෙදී ගිය ද ඔවුන්ට දකුණු අප්‍රිකානු ජයග්‍රහණය උදුරා ගැනීමට හැකි නොවීය.

ඒ අනුව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක් දැවී ලකුණු 250ක් ලබා තරගය ජය ගැනීමට වැය වූයේ පන්දුවාර 42ක් පමණි. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මීළඟ අභියෝගය ජූලි 09 වැනිදා දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායමට එරෙහිව ප්‍රිටෝරියා හිදීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<

Result


Sri Lanka Emerging Team
247/7 (50)

South Africa Emerging Team
250/7 (42)

Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Sibonelo Makhanya b Nandre Burger 0 2 0 0 0.00
Sandun Weerakkody c Raynard van Tonder b Dayyaan Galiem 42 51 6 0 82.35
Pathum Nissanka c Sinethemba Qeshile b Jason Smith 37 43 4 0 86.05
Charith Asalanka c Kyle Simmonds b Dayyaan Galiem 6 18 0 0 33.33
Sammu Ashan c Raynard van Tonder b Kyle Simmonds 19 37 0 0 51.35
Ashen Bandara c Sinethemba Qeshile b Kyle Simmonds 23 38 2 0 60.53
Ramesh Mendis not out 54 55 3 1 98.18
Lahiru Madushanka lbw b Sibonelo Makhanya 30 55 1 0 54.55
Chamika Karunarathne not out 12 5 1 1 240.00


Extras 24 (b 0 , lb 7 , nb 4, w 13, pen 0)
Total 247/7 (50 Overs, RR: 4.94)
Fall of Wickets 1-2 (0.2) Minod Bhanuka, 2-80 (13.2) Pathum Nissanka, 3-92 (17.6) Charith Asalanka, 4-94 (19.3) Sandun Weerakkody, 5-133 (30.2) Sammu Ashan, 6-140 (32.1) Ashen Bandara, 7-215 (47.4) Lahiru Madushanka,

Bowling O M R W Econ
Nandre Burger 10 0 46 1 4.60
Thando Ntini 7 0 40 0 5.71
Jason Smith 10 0 56 1 5.60
Kyle Simmonds 10 0 35 2 3.50
Dayyaan Galiem 8 1 25 2 3.12
Sibonelo Makhanya 5 0 38 1 7.60


Batsmen R B 4s 6s SR
Matthew Breetzke c Sammu Ashan b Lahiru Madushanka 53 57 5 0 92.98
Janneman Malan lbw b Amila Aponso 18 22 4 0 81.82
Raynard van Tonder b Amila Aponso 0 6 0 0 0.00
Tony de Zorzi c Minod Bhanuka b Charith Asalanka 30 47 2 0 63.83
Sinethemba Qeshile c Sandun Weerakkody b Kalana Perera 37 41 5 0 90.24
Sibonelo Makhanya c Dilshan Madushanka b Chamika Karunarathne 20 19 3 0 105.26
Dayyaan Galiem b Ramesh Mendis 28 34 3 0 82.35
Kyle Simmonds not out 44 26 2 3 169.23
Jason Smith not out 10 4 1 1 250.00


Extras 10 (b 1 , lb 1 , nb 4, w 4, pen 0)
Total 250/7 (42 Overs, RR: 5.95)
Fall of Wickets 1-32 (5.5) Janneman Malan, 2-38 (7.6) Raynard van Tonder, 3-99 (19.5) Matthew Breetzke, 4-118 (25.1) Tony de Zorzi, 5-150 (30.3) Sibonelo Makhanya, 6-176 (33.4) Sinethemba Qeshile, 7-236 (40.6) Dayyaan Galiem,

Bowling O M R W Econ
Kalana Perera 8 1 37 1 4.62
Lahiru Madushanka 5 0 35 1 7.00
Chamika Karunarathne 5 0 35 1 7.00
Amila Aponso 10 1 46 2 4.60
Kamindu Mendis 9 0 41 1 4.56
Charith Asalanka 3 0 26 1 8.67
Ashen Bandara 2 0 28 0 14.00