ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පාකිස්තානයට හොඳ හැටි බැටදෙයි

141

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (31) පැවති පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් ද ලකුණු 20ක ජයක් හිමි කර ගත් ඕස්ට්‍රේලියාව තරගාවලිය 5-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙය ඔවුන් පිට පිට වාර්තා කළ දෙවැනි තරගාවලි ජයග්‍රහණය වන අතර පිට පිට ලැබූ 8 වැනි එක්දින තරග ජයග්‍රහණය ද විය.

ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක තියුණු ජයක්!

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (29) ….

දෙපිළම එක් වෙනස්කමක් සමඟින් මෙම තරගයට පිවිසියේ ය. එහි දී නේතන් කෝල්ටර්නයිල් වෙනුවට ජේසන් බේරන්ඩෝෆ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක් වූ අතර පාකිස්තානය වෙනුවෙන් නවක ක්‍රීඩක මොහොමඩ් හස්නෙන්ගේ ස්ථානය මොහොමඩ් අබ්බාස්ට හිමි විය.

පිට පිට දෙවන වතාවටත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක ඉමාඩ් වසීම් පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට ලබා දුන්නේ ය.

තරගාවලිය පුරා සාර්ථක වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෙම තරගයේ දී ද ලකුණු 134ක් සබඳතාවක් සිය කණ්ඩායමට ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු ඉහළ නංවමිනි. නායකත්වයේ වගකීම මැනවින් ඉටු කළ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් මෙම තරගයේ ද ලකුණු 53ක් ලබා ගත් අතර උස්මාන් ශිවාරිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ උස්මාන් කවාජා, ෂෝන් මාෂ් හා එක්ව දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 80ක් එක් කළ අතර යළිත් ක්‍රියාත්මක වූ උස්මාන් ශිවාරි, කවාජා ශතකයට ලකුණු 2ක් ඉතිරිව තිබිය දී දවා ගත්තේ ය.

ඉන්පසු ෂෝන් මාෂ් හා එක්වුනු ග්ලේන් මැක්ස්වෙල්, දල ලකුණු වේගය ඉහළ නැංවූයේ ඕස්ට්‍රේලියාවට විශාල ලකුණු සංඛ්‍යාවක බලාපොරොත්තු ජනිත කරමිනි. ඉනිමේ 45 වැනි පන්දුවාරයේ දී ෂෝන් මාෂ් දැවී ගිය ද තරගාවලිය පුරා ඕස්ට්‍රේලියානු පිළේ ගැලවුම්කරුවා වූ මැක්ස්වෙල්, අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 33ක් තුළ ලකුණු 70ක් ලබා ගත්තේ ලෝක කුසලාන සංචිතයේ සිය ස්ථානය තව තවත් තහවුරු කර ගනිමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය.

දිමුත් ගැන තීරණයක් ගන්න SLC වෙතින් පරීක්ෂණයක්

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය ….

පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු ඉනිම කඩුලු 7කට ලකුණු 327ක් ලෙස දැක්වූයේ තරගාවලිය තුළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.

පාකිස්තානය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ උස්මාන් ශිවාරි ලකුණු 49කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ජුනයිඩ් කාන් ද කඩුලු 3ක් ලබා ගත් නමුත් ඔහු ඒ සඳහා පන්දුවාර 9ක් තුළ ලකුණු 73ක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණි. මෙම තරගයේ දී පාකිස්තානු ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට මහත් පිටිවහලක් විය.

පිළිතුරු ඉනිම ඇරඹූ පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී ම දවා ගැනීමට බේරන්ඩෝෆ් සමත් වූයේ තම මංගල තරඟයේ දී ශතකයක් වාර්තා කළ අබීඩ් අලි ලකුණු නොලබා සිටිය දීම පිටියෙන් ඉවත් කරමිනි. ඉන්පසු ශාන් මසූඩ් හා හරීස් සොහේල් අතරේ ලකුණු 109ක සබඳතාවයක් ගොඩ නැගුණ ද ඇඩම් සැම්පා එය බිඳ දැමුවේ ශාන් මසූඩ් ලකුණු 50කට දවා ගනිමිනි.

තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කළ මොහොමඩ් රිස්වාන්, නෙතන් ලයන්ගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෙවර ලකුණු 12කට දවා ගැනීමට මැක්ස්වෙල් සමත් වූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සිය කාර්යභාරය ඉටු කරමිනි.

ඉන්පසු හරීස් සොහේල් සමඟින් පිටියේ එක්වුනු උමාර් අක්මාල් ලකුණු 102ක සබඳතාවයක් ගොඩ නැඟුවේ පාකිස්තානයට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇති කරමිනි. මෙහි දී හරීස් සොහේල් තරගාවලිය තුළ වාර්තා කළ දෙවන ශතකය ලබා ගත්තේ ය.

නමුත් තරගයේ 40 වැනි හා 41 වැනි පන්දුවාර දෙක තුළ දී ඕස්ට්‍රේලියානුවෝ යළි තරගයට අවතීර්ණ වූයේ උමාර් අක්මාල් ලකුණු 43කට හා හරීස් සොහේල් ලකුණු 130කට දවා ගනිමිනි.

ක්‍රිකට් රහ වැටුණු, ජලයේ දී වේගවත් අපේ කාලයේ පිහිනුම් දෙවියා

ලෝක ක්‍රීඩාවේ ස්වර්ණමය තරගාවලිය ලෙසින් ….

ඉනිමේ අග භාගයේ දී නායක ඉමාඩ් වසීම් විසින් පන්දු 34ක දී ලකුණු 50ක් වාර්තා කළ ද ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට එම ලකුණු ලබා ගැනීමේ වේගය ද ප්‍රමාණවත් නොවීය.

නියමිත පන්දුවාර 50 අවසානයේ දී පාකිස්තානයට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 307ක් පමණි. ඒ සමඟින් ඕස්ට්‍රේලියාවට ලකුණු 20ක ජයක් හිමිවුනු අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජේස්න් බේරන්ඩෝෆ් ලකුණු 63කට කඩුලු 3ක් ලබා ගත්තේ ය.

අවසන් තරගයේ දී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ ග්ලේන් මැක්ස්වෙල්, තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර තරගාවලිය පුරා ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 453ක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගත්තේ ය.

තරගයේ වීරයා – ග්ලේන් මැක්ස්වෙල්

තරගාවලියේ වීරයා – ඒරන් ෆින්ච්

ඕස්ට්‍රේලියානු ඉනිම – 327/7 (50) උස්මාන්  කවාජා 98 (111) , ග්ලේන් මැක්ස්වෙල් 70 (33), ෂෝන් මාෂ් 61 (68), උස්මාන් ශිවාරි 4/49, ජුනයිඩ් කාන් 3/73,

පාකිස්තානු ඉනිම – 307/7 හරීස් සොහේල් 130 (129), ඉමාඩ් වසීම් 50 (34), ශාන් මසූඩ් 50 (54), ජේස්න් බේරන්ඩෝෆ් 3/63, ග්ලේන් මැක්ස්වෙල් 1/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<