දිමුත් ගැන තීරණයක් ගන්න SLC වෙතින් පරීක්ෂණයක්

341

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හෙට (01) දිනයේ දී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සුමංගලයින් අභිබවා ගිය රාජකීයයන් ශූරතාවය දිනා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ…

ඔහුට එරෙහිව සිදු කරන පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි.

බොරැල්ල කිංසි පාරේ දී දිමුත් කරුණාරත්න පැදවූ රතු පැහැති රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය අද (31) අලුයම 5.15ට පමණ කළු පැහැති ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතු‍ර සිදුව ඇත.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමතින් සිට ඇති බව පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කෙසේ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිමුත් අද සවස ඇප මත මුදාහැරීමට බොරැල්ල පොලීසිය පියවර ගනු ලැබීය.

රිච්මන්ඩ් විද්‍යාලය සුපිරි තරගයක් දී ගොඩ යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර තරගාවලියේ අද (30) පැවති අර්ධ අවසන්…

ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරමින් දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (31) තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන ලදි.

දිමුත් කරුණාරත්න මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සිටින ක්‍රීඩකයින් කිහිප දෙනා අතරින් එක් අයෙක් වන අතර දකුණු අප්‍රිකාවේ දී පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ ද දිමුත්ගේ නායකත්වය යටතේයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<