ජේසන් රෝයි හා බෙන් ස්ටෝක්ස් පාකිස්තානය හඬවයි

178

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තර පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (17) පැවති සිව්වැනි තරයෙන් එංගලන්තයට කඩුලු 3 ජයක් හිමි වූ අතර ඒ සමඟින් තරගාවලිය ද 3-0ක් ලෙස තවත් තරයක් ඉතිරි ව තිබිය දීජයග්‍රහණය කිරීමට සමත් විය එංගලන්තය සමත් විය.

පෙර තරයේ දී අඩු පන්දුවාර වේගයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එංගලන්ත නිත්‍ය නායක ඔයින් මෝගන් හට මෙම තරය අහිමි වූ අතර නායකත්ව වගකීම ජොස් බට්ලර් හට හිමි විය.

ෆකාර්ගේ ශතකය පරදා බට්ලර්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි!

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (11) පැවති දෙවන තරගයෙන්…

කාසියේ වාසිය හිමි කර ගත් එංගලන්ත නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 340ක් වාර්තා කළේය.

මාක් වුඩ්ගේ පන්දුවක් උරහිසේ වැදීම නිසා ඉමාම් උල් හක් තරයේ මුල් පන්දුවාර කිහිපය තුළ දී පිටියෙන් ඉවත් වූ අතර ෆකාර් සමාන් හා එක් වූ බාබර් අසාම් පළමු කඩුල්ලට ලකුණු 116ක් එක් කළේය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ලකුණු 57ක් ලබා සිටි ෆකාර් සමාන්, ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

නමුත් දෙවන කඩුල්ල සඳහා තවත් ලකුණු 104ක් එක් කිරීමට බාබර් අසාම් සමඟින් එක් වූ මොහොමඩ් හෆීස් සමත් විය. හරීස් සොහේල් වෙනුවට මෙම තරයට එක් වුනු හෆීස් ලකුණු 59ක් ලබා ගත් අතර මාක් වුඩ්ගේ පන්දුව හමුවේ ඔහු දැවී යන විට පාකිස්තානු ලකුණු පුවරුව පන්දුවාර 36යි පන්දු 4ක දී ලකුණු 220ක් ලෙස දැක්වි.

පාකිස්තානු ඉනිමේ නැංගුරම බවට පත් වූ බාබර් අසාම් සිය නවවැනි  ශතකය වාර්තා කළ අතර ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලකුණු 115ක් ලබා සිටියේය. පන්දු 113කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.

පෞද්ගලික කාරණාවක් හේතුවන් කණ්ඩායමෙන් ඉවත්ව සිට යළි කණ්ඩායම වෙත එක් වූ ෂොයිබ් මලික් පන්දු 26කින් ලකුණු 41ක් ලබා ගත්තේ ඉනිමේ අග භාගයේ දී පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දමමිනි. සෙසු පසුපෙළ පිතිකරුවන්ගෙන් ද ඔහුට අනගි සහයක් ලැබුණුඅතර පන්දුවාර 50 අවසානයේ දී පාකිස්තානු කණ්ඩායම කඩුලු 7කට ලකුණු 340ක් වාර්තා කරන ලදි.

ලෝක කුසලානයේ විස්තර කථනයට ශ්‍රී ලංකාවෙන් සුපිරි වැඩ්ඩෙක්

එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර කථනයට එක්වන විස්තර විචාරකයින් 24 දෙනා ජාත්‍යන්තර…

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටොම් කරන් කඩුලු 4ක් හා මාක් වුඩ් කඩුලු 2ක් ලබා ගත් නමුත් සිය පන්දුවාර 20 තුළ දී ඔවුන් ලකුණු 146ක් ප්‍රතිවාදීන් හට ලබා දෙන ලදි.

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ තීරුවේ ලකුණු හඹා යෑම ඇරඹූ එංගලන්තයට යළිත් සාර්ථක ආරම්භයක් ලබා දීමට ජේසන් රෝයි හා ජේම්ස් වින්ස් සමත් විය. ජොනී බෙයාස්ටෝව් විවේක ගැන්වීම හේතුවෙන් එම ස්ථානය හිමි කර ගත් ජේම්ස් වින්ස් ලකුණු 43ක් ලබා ගත්තේ ජේසන් රෝයි හට මනා සහයක් ලබා දෙමිනි.

මොහොමඩ් හස්නේන්ගේ පන්දුවක් හමුවේ වින්ස් දැවී ගිය අතර ඉන් අනතුරුව රෝයි හා එක්වුනු ජෝ රූට් දෙවන කඩුල්ලට ලකුණු 107ක් එක් කළේ ලකුණු 341ක් වූ ජයග්‍රාහී ඉලක්කය පහසු කරමිනි.

තරගාවලිය පුරා ලකුණු අතර සිටි ජේස්න් රෝයි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය හත්වැනි  ශතකය වාර්තා කළ අතර මොහොමඩ් හස්නේන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඔහු පන්දු 89ක් තුළ ලකුණු 114ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් හා හයේ පහර 4කින් වර්ණවත් විය.

ඉන්පසු ක්‍රියාත්මක වුනු ඉමාඩ් වසීම් හා ෂොයිබ් මලික් ප්‍රතිවාදී කඩුළු 3ක් ලකුණු 15ක් තුළ දවා ගත්තේ යළි තරඟය පාකිස්තානු පිළ වෙත යොමු කර ගනිමිනි. ඒ ජෝ රූට් ලකුණු 36කට දවා ගනිමින් හා නායක ජොස් බට්ලර් හා මොයින් අලී ලකුණු ලබා ගැනීමට පෙර දවා ගනිමිනි.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ 12ක් සමඟ A කණ්ඩායම ඉන්දියාවට

මේ මස 25 වැනිදා සිට ජුනි මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා…

කෙසේ නමුත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් සිය කණ්ඩායම ජයග්‍රහය කරා මෙහෙය වූ අතර එහි දී එංගලන්ත පසුපෙළ පිතිකරුවන්ගෙන් ඔහුට අනගි සහයක් ලැබුණි. මෙහි දී ටොම් කරන් ලබා ගත් ලකුණු 31 කැපී පෙනිනි.

අවසානයේ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළ කඩුලු7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර ඒ වන විට බෙන් ස්ටෝක්ස්පන්දු 64ක දී ලකුණු 71ක් හා අදීල් රෂීඩ් පන්දු 8ක දී ලකුණු 12ක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටියේය.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් හස්නේන් හා ඉමාඩ් වසීම් කඩුලු2 බැගින් ලබාගත් අතර ජුනයිඩ් කාන්, හසන් අලී හා ෂොයිබ් මලික් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

තරයේ වීරයා – ජේසන් රෝයි

පාකිස්තානු ඉනිම – 340/7 (50): බාබර් අසාම් 115 (112), මොහොමඩ් හෆීස් 59 (55), ෆකාර් සමාන් 57 (50), ටොම් කරන් 4/75, මාක් වුඩ්2/71, ජොෆ්රා ආචර් 1/62

එංගලන්ත ඉනිම – 341/7 (49.3): ජේසන් රෝයි 114 (89), බෙන් ස්ටෝක්ස් 71 (64), ජේම්ස් වින්ස් 43 (39), ඉමාඩ් වසීම් 2/62, මොහොමඩ් හස්නේන් 2/80

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<