ඉන්දියානු ක්‍රීඩකයින් ඇවිත් පාකිස්තානයෙන් සමාව ඉල්ලුවා ද?

609
NDTV

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් හිටපු පාකිස්තාන නායක සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩි පවසා සිටියේ පාකිස්තානය සෑම විටම දරුණු ලෙස ඉන්දියාව පරාජය කිරීම නිසා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තානයෙන් සමාව ඉල්ලා සිටින තත්වයකට පත්ව ඇති බවයි.

තෙන්ඩුල්කාර් Out කරන්න අපි සාකච්ඡා වට ගණනාවක් තිබ්බා

වසර 20කට ආසන්න කාලයක සිය ක්රීඩා දිවිය තුළ සුපිරි ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් පන්දු යවන්නන්ට නිදිවර්ජිත…

අෆ්රිඩි ඉන්දියාවට එරෙහිව එක්දින තරග 67ක දී ලකුණු 1524ක් රැස් කරගත් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග අටක් ක්‍රීඩා කරමින් ලකුණු 709ක් වාර්තා කරගෙන තිබෙනවා. ඔහු මෙහි දී පවසා තිබුණේ සිය ක්‍රීඩා දිවියේ සුන්දරම අත්දැකීම් හා තමන්ට ලැබුණේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ තරගවල දී බවයි.

“මම හැමවෙලාවෙම ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කිරීම රස වින්දා. මම ඔවුන්ට එරෙහිව දරුණු ලෙස පන්දුවට පහර දීලා තියෙනවා. අපි ඔවුන්ව කොච්චර දරුණු ලෙස පරාජය කරාද කීවොත් ඔවුන් තරගයෙන් පසුව අපෙන් සමාව ඉල්ලා සිටියා. මම ඉන්දියාවට එරෙහිව හා පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීම ගොඩක් රස වින්දා, ඔවුන් හොඳ කණ්ඩායම්, ලොකු කණ්ඩායම්, ඔවුන්ගේ රටවල් ක්‍රීඩා කරන එක ටිකක් අමාරුයි” අෆ්රිඩි Cric Cast, YouTube චැනලයට පවසා තිබුණා. 

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් අද (05) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අද අලුයම පානදුර දී සිදු වූ අනතුරකින්…

පාකිස්තාන කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වුණු එක්දින තරග අතරින් පාකිස්තානය තරග 73-55ක් ලෙස පෙරමුණේ සිටිනවා. 1980 දශකයේ දී පාකිස්තානය තරග 19ක් ජය ගනිද්දී, ඉන්දියාව ජය ගෙන තිබෙන්නේ තරග නවයක් පමණයි. 1990 දශකයේ දී ද පාකිස්තානය පෙරමුණේ සිටින්නේ තරග 48ක් අතරින් තරග 18ක් ජය ගනිමිනුයි. ඉන්දියාව 90 දශකයේ ජයගෙන තිබුණේ තරග 18ක් පමණයි.

කෙසේ වෙතත් 2000 දශකයේ ඉන්දියාව තරග 25-23ක් ලෙස පාකිස්තානය පසු කර යන්නට සමත්ව තිබෙනවා. 2010 හා 2020 කාලය තුළ ප්‍රබල ඉන්දියාව හමුවේ පාකිස්තානය ජය ගන්නට සමත්ව ඇත්තේ තරග 4ක් පමණයි. 

ඉන්දියාව තරග 10ක් තමන්ගේ නමට ලියනගෙන ඇත්තේ 2011, 2015 හා 2019 ලෝක කුසලානවල වාර්තා කළ ජයග්‍රහණ ද සමඟිනුයි. විස්සයි විස්ස තරගවල ඉන්දියාව තරග 6ක් ජය ගනිද්දී, පාකිස්තානය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

පිහිය පෙන්වා පුහුණුකරු බියවැද්දූ හිටපු පාකිස්තාන සුපිරි පිතිකරුවා

මහත්වරුන්ගේ ක්රීඩාව යැයි විරුදාවලිය ලැබුවත් එම නමෙහි අර්ථයට හාත්පසින්ම වෙනස් අයුරින්…

අෆ්රිඩි එංගලන්තයට එරෙහිව ටෙස්ට් ශතක තුනක් හා එක්දින ශතක දෙකක් වාර්තා කර තිබෙනවා. ඔහු පවසා සිටින්නේ 1999 වසරේ තමන් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 141 ඔහු කැමතිම ටෙස්ට් ඉනිම බවයි. එම තරගයේ දෙවන ඉනිමේ දී පාකිස්තාන ඉනිම ආරම්භ කරමින් ඔහු හතරේ පහර 21ක් හා හයේ පහර 3ක් වාර්තා කළේ පාකිස්තානය ලකුණු 42/2ක් ලෙස ඇද වැටි තිබුණු වලෙන් ගොඩ ගනිමින්. එක් අන්තයකින් කඩුලු වැටෙද්දී ශතකයක් වාර්තා කළ අෆ්රිඩි පාකිස්තානය ලකුණු 286කට කැඳවාගෙන ගියා.

“මට අමතක නොවන ඉනිම තමයි ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 141, මාව ඒ සංචාරය අරන් යන්න නෙවෙයි තීරණය කර තිබුණේ. වසීම් හා ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා මට ගොඩක් උදව් දුන්නා. එම හරි අමාරු සංචාරයක්, ඒ නිසාම ඒ ඉනිම ගොඩක් වැදගත් වුනා.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<